(උපාලි ආනන්ද)
කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය.
විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා තවදුරටත් නියෝග කළේය.
මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර උප පොලිස් පරික්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්‍රේමතිලක සහ අර් ආර් සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.
නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ. එම්. මයුරසේන යන විත්තිකරුවන්ය.
1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාධිකරණ විනිසුරුට ගරු කරන්න. හොඳ තීරණයක්. අද පොලිසිය කරදරයක් වෙලා. ඔවුන් තමන්ගේ වගකීම දන්නේ නැහැ. අපරාධකරුවන් දිරිමත් කිරීම.
සමාජයේ බොහෝ කොටසක්ම පිරිහී ඇත බැවින් පොලිසියට කියා අමුත්තක් තිබිය නොහැකියි. බොහොමයක් පොලිස් නිලධාරීන් පොලෝසියේ හා අධිකරණයේ වෙනස නොදන්නා බව සිදුවන් දෑ තුලින් පෙනේ. පොලිසියක ස්ථානාධිපති කියන්නේ එම වසමේ නිතිය හා සාමය ඇතිකිරීමේ නියමුවා මිසක මහේස්ත්‍රාත් වරයා නොවෙයි. එදා කොච්චර ම්ලේච්ඡ ලෙස අහිංසකයින් 8 දෙනෙකු මැරුවත් නඩු තීන්දුව ප්‍රකාශ කරත්දී මේ කියන ස්ථානාධිපති වරයා සිහිනැතිව විත්ති කුඩුවේ ඇදගෙන වැටුනලු . මේවා අනිත් අයටත් පාඩම් .
නිකන් හරි රනිල්ට විරුද්ධව බෝඩ් එකක් එල්ලන් සිටියා නම් බලාගන්න තිබ්බා බුරාගෙන පනින හැටි...
88,89 කාලෙත් ඔය වගෙ අහිංසකයං මැරුම් කෑව. ඒව ට නඩු නැති ද...
කවුද ඒ සන්නද්ධ කණ්ඩායම කියලා කියන්නේ
අද රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලයෝ පත් කළ ජනාධිපති රනිල් බලයේ ඉන්නේ. ඒ වගේම ළඟදී විමල් වීරවංශත් නඩුවකින් නිදොස්කොට නිදහස් කළා. නැත්නම්, මේ වෙලාවේ අපේ විමලුත්, රාජපක්ෂ ගෝලයලාත්, ඩෙන්ලාත් අන්න රණවිරු දඩයමයි කියලා පාරට බැහැලා...!