එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය නිව්යෝක් හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේ දී අද (25) පස්වරුවේ ඇරැඹිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම ආරම්භක සැසියට එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය නිව්යෝක් හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේ දී අද (25) පස්වරුවේ ඇරැඹිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම ආරම්භක සැසියට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමාට මගේ ගරුත්වය හැමදාම එහෙමමයි. ඒ වුණාට එතන ඉන්න තව කෙනෙකුට නම් එහෙම නැහැ. (නි)
ජනාධිපතිගේ පුතා මානව හිමිකම් උපදේශකයෙක් ? නැත්නම් තනියටද දන්නේ නෑ ?(අ)
ලොකු වෙනසක් තියෙනවා සමිත! කලින් එක්කෙනා බිංදුවේ ඉදන් කොටි පතියෙක් වුණා නේ අපි බලමු මෙයාල කොහොමද කියල. (අ)
බලන කොට කවුරුත් කරන්නේ එකම දේ වගෙයි. අනේ අපේ ඡන්ද. (අ)
සිරිසේන ජනාධිපති ඔහුගේ පුතා මෙයට සහභාගී කරගැනීම ඉතාම අවලස්සනයි. ජනතාව මහින්ද එලවා දැම්මෙත් ඔය වැඩ නිසාමයි. මාධ්‍ය විසින් මේ ගැන ප්‍රශ්න කල යුතුයි.(අ)
මේවා ගැන මොන කතාද (අ)
මැතිවරණ වේදිකාවේදී කිව්වේ නම් පව්ලේ අයව රට සවාරි එක්ක යන්නේ නැ කියල නේද? නාමල් කලාම වැරදියි..දහම් කලාම හරිද? දහම් නියෝජනය කරන්නේ මොකද්ද මෙතන? (අ)
ඔය ඔක්කොම මහත්තුරු කියන තරම් යහපාලනයක් නැහැ. රාජපක්ෂ පවුලට බැන බැන මෙය කරන්නෙත් එකම දෙය තමයි. අපි ඉගුරු දීල මිරිස් ගත්ත වගෙයි (අ)
පුතාවත් අරන් ගිහින් තියෙන්නේ තාත්තාගේ ගයිඩ් හැටියටද නැත්නම් රට පෙන්වන්නද (අ)
ජනපති පුත් ජාත්‍යන්තර සම්බන්ධතා ගැන කෙල පැමිණි මහා දක්ෂයෙක් නිසා වෙන්න ඇති තාත්ත ළඟින්ම ඉන්නේ...එහෙම නැත්නම් පාර්ටි එකකට ගිහින්ද තාත්තත් එක්ක..(අ)
පුතාට නියම චාන්ස් එක...(අ)
නැහැ සමිත. මේ තමයි අලුත්ම ආශ්චර්යය. (අ)
පවුල් පාලනය නැසූ පවුල් පාලනයට ජය වේවා... (අ)
මගෙ තාත්තත් ජනාධිපති වුණා නම්, මම නම් අරින්නෙ නෑ... කරනව යුඑන්එකේදි එළ කථාවකුත්. (අ)
අපෙ මිනිස්සු පත්කලෙ සිරිසෙන විතරයි..එයගෙ පුතන්ඩිය කොහොමද මෙතනට ගියෙ..කාගෙ සල්ලිද මෙවට යන්නෙ..මෙකද යහපාලනය..(අ)
සුබ අනාගතයක් දහම් පුතා! (අ)
මේ දෑස මගේ පින්වන්තයි ... තේරුනේ දැන් තමයි ! (අ)
කවුරු මොනවා කිවුවත් දහම් ගිය එක හොඳයි (නි)
මේවා කිවුවට වැඩක් නැහැ. දැන් ඉතින් අපි කියන දේවල් අල කොලේට දිය බිංදුවක් වැටුණා වගේ. (නි)
ජනාධිපතිතුමාගේ පුතා මොනවාද එතන කරන්නේ? (නි)
ඉඟුරු දී මිරිස් ගැනීම (අ)
විදුර, කවුද මොන බෝධි සත්ව කතාවද කිව්වේ? හරියට උපුටලා දාන්න බලන්න. (බ)
මොන කැම්පස් ද දැන් ? කැම්පස් ගිය කොල්ලෙකුට පුලුවන්ද යු . එන් එකේ පුටුවක ඉදගන්න ? උගත් කමක් නැති තරමට තමා ඕවට යන්න පුළුවන් . විදුර , ඔයා හොදට කියල තියනවා (බ)
කෝ මේ තිලක්. (බ)
මොකද කට්ටිය බයවෙලා වගේ.හරියට දහම් පාසල් ගිහින් වගේ. (අ)
ජනාධිපතිතුමා හරිම ආදර්ශමත් කෙනෙක් බව පින්තුරෙන් පෙනෙනවා. (අ)
යහපාලනය සහ මහින්ද පාලනය අතර වෙනසක් නැහැ. එකම හොරු ටික එකම විදිහට රට පාලනය කරනවා. මහින්දගේ පුටුවේ මෛත්‍ර ඉන්නවා. මෛත්‍රිත් තමන්ගේ පුතාවත් අපිව නියෝජනනය කරන්න එක්කන් ගිහින්, මොන සුදුසුකමකටද? මහින්ද තව රට වත් බේරා ගත්තා, මෛත්‍රිට බේරගත්ත රට රක ගන්න පුළුවන් වේවිද කියලත් සැකයි (අ)
මේ යහ පලයනයක ලක්ෂණද? පවුල් පාලනයක ලක්ෂණද? (අ)
මෙන්න නියම යහපාලනය !මහින්ද රාජපක්ෂ කවදවත් නාමල් රාජපක්ෂ එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙනිචේ නැහැ !!!අපිට බොරු කියල දැන් කරන වැඩ !සිංහලයනි දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා !(අ)
යහපාලනය යනු ඒ පුතා ඉවත්කර මේ පුතා පත්කිරීමයි .ඒ පුතා කල දේ වැරදි වන්නේ ඒ පුතා කල නිසයි .නමුත් ඒ වැරැද්ද හෝ ඊට වඩා දෙයක් මේ පුතා කළොත් එය නිවැරැද්දක් වන්නේ ඒ යහපාලන පුතා නිසයි (අ)
ඔක්කොම එකයි ...කියන්නේ එකක් කරනන්නේ තාව එකක් . (අ)
එල එල සිරසෙන් බලත හැකි ...(අ)
සුබ පැතුම්! (නි)
නාමල් රාජපක්ෂ අඩු තරමින් මහජන ඡන්දෙකින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කියලවත් හිත හදා ගන්න තිබුණා. එත් මොහු ? (අ)
නියම යහපාලනය . මට මේක දැක්කම මතක් උනේ ගඩාපි සහ සදාම් හුසේන් . එයාල යන තැන්වල පුතාල පිටිපස්සෙන් ගියා . පව්ල් පාලනයට බැනපු අය මොනවාද දන්නේ නැහැ මේ ගැන කියන්නේ ?(අ)
කලින් සිය ගණනක් සේනාවක් අරන් යද්දි කටේ පිට්‍ටු හිර වෙලා හිටපු උන්දැලා දැන් පුතෙක් අරන් ගිය එක ගැන කියවනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට තමන්ගේ බිරිඳ එක්ක යන්න පුළුවන්.ඉතින් ඒ වෙනුවට පුතා අරන් ගිය එක ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද? (අ)
ජනාධිපති පුතා ගිහිං තියෙන්නෙ ලංකාවේ ප්‍රතිරූපය නංවන්න වෙන්න ඇති. දැන් බලන කොට වැඩි වෙනසක් නෑ (අ)
ප්‍රශ්නය....බිරිඳ ද, පුතාද එක්කගෙන ගියේ කියන එක නෙමෙයි.. එහෙමවත් වරදක් නොකරන බවට බෝධිසත්ව කතා කියපු කෙනෙක් මේ විදිහේ වැඩ කරන එක තමයි ප්‍රශ්නේ.. අපිට නම් මහින්ද කළත් මෙත්‍රී කලත් වැරැද්ද වැරැද්දමයි...කවුරු කලත් කාබාසිනියා වෙන්නේ රටේ සල්ලි..අනිතිමට බඩට වදින්නේ දුප්පත් මිනිස්සුන්ට..මහින්ද කරනකොට කෑ ගහපු සිරිසේනගේ හෙන්චයියෝ දැන් මේවා හරි අපූරුවට සාධාරණිකරණය කරනවා.. (අ)
ඔන්න විදුර සොයුරා දීලා තියෙනවා මිලියන 24 ට ඇතිවෙන්න කියවන්න උත්තරේ..? (අ)
සමිත,ඒක ඔවුන්ට තිබෙන අයිතියක් (නි)
මෙයාව කැම්පස් එකෙන් එලවලද?ඉගෙනගන්න කෙනෙකුට මේ වගේ සවාරි යන්න කාලයක් නෑ නේද? (අ)
අනේද කියන්නේ සමිත. මහින්දව පතුරු ගැහුවනේ ඒ කාලේ.කවුරු ආවත් කරන්නෙත් ඔයටිකම තමා.එදා වෙනස ලංකාවේ ඉහළ සංවර්ධනයක් තිබුනා. (නි)
මහින්දගේ පුතා නාමල් වීම නිසා නාමල් ප්‍රතික්ෂේප වූ ආකාරය මෛත්‍රීගේ පුතා දහම් සම්බන්ධයෙන් අදාළ වෙන්න උවමනාවක් නැහැ. දහම්ගේ පැමිණීම තීරණය කළයුත්තේත් ජනතාව විසින්මයි. තාත්තෙකු නිසා පුතෙකුගේ සිවිල් අයිතීන් අහිමි වියයුතු නැහැ. නාමල්ට වගේම දහම්ටත් ඉදිරියට ඒමට ඇති අයිතියට වැට කඩුලු බැඳිය හැක්කේ ඔවුන්ගේම කල්ක්‍රියාවයි. තවත් නාමල් කෙනෙක් අපට අනවශ්‍යයි කියන ප්‍රකාශයේ කිසිදු තාර්කික පදනමක් නැත. මන්ද දහම් කියන්නේ නාමල් නොවන නිසා. (නි)