IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


70 වැනි ජගත් සැසිය ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය නිව්යෝක් හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේ දී  අද (25)  පස්වරුවේ ඇරැඹිණි. එම අවස්ථාවට  ශ්‍රී ලංකා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම ආරම්භක සැසියට එක්ව සිටියහ. 

 475

474   476

 



අදහස් (0)

70 වැනි ජගත් සැසිය ඇරැඹේ

විජිත් Saturday, 26 September 2015 12:42 AM

ගරු ජනාධිපතිතුමාට මගේ ගරුත්වය හැමදාම එහෙමමයි. ඒ වුණාට එතන ඉන්න තව කෙනෙකුට නම් එහෙම නැහැ. (නි)

:       0       0

සමන්ත Saturday, 26 September 2015 12:44 AM

ජනාධිපතිගේ පුතා මානව හිමිකම් උපදේශකයෙක් ? නැත්නම් තනියටද දන්නේ නෑ ?(අ)

:       0       0

අප්පුහාමි Saturday, 26 September 2015 01:19 AM

ලොකු වෙනසක් තියෙනවා සමිත! කලින් එක්කෙනා බිංදුවේ ඉදන් කොටි පතියෙක් වුණා නේ අපි බලමු මෙයාල කොහොමද කියල. (අ)

:       0       0

ලුම්බිණි Saturday, 26 September 2015 01:44 AM

බලන කොට කවුරුත් කරන්නේ එකම දේ වගෙයි. අනේ අපේ ඡන්ද. (අ)

:       0       0

නිරංජන් Saturday, 26 September 2015 02:42 AM

සිරිසේන ජනාධිපති ඔහුගේ පුතා මෙයට සහභාගී කරගැනීම ඉතාම අවලස්සනයි. ජනතාව මහින්ද එලවා දැම්මෙත් ඔය වැඩ නිසාමයි. මාධ්‍ය විසින් මේ ගැන ප්‍රශ්න කල යුතුයි.(අ)

:       0       0

මොහොමඩ් Saturday, 26 September 2015 02:52 AM

මේවා ගැන මොන කතාද (අ)

:       0       0

ප්‍රියාන් Saturday, 26 September 2015 03:08 AM

මැතිවරණ වේදිකාවේදී කිව්වේ නම් පව්ලේ අයව රට සවාරි එක්ක යන්නේ නැ කියල නේද? නාමල් කලාම වැරදියි..දහම් කලාම හරිද? දහම් නියෝජනය කරන්නේ මොකද්ද මෙතන? (අ)

:       0       0

නුවන් සමරවික්‍රම Saturday, 26 September 2015 03:35 AM

ඔය ඔක්කොම මහත්තුරු කියන තරම් යහපාලනයක් නැහැ. රාජපක්ෂ පවුලට බැන බැන මෙය කරන්නෙත් එකම දෙය තමයි. අපි ඉගුරු දීල මිරිස් ගත්ත වගෙයි (අ)

:       0       0

ප්‍රියා Saturday, 26 September 2015 03:45 AM

පුතාවත් අරන් ගිහින් තියෙන්නේ තාත්තාගේ ගයිඩ් හැටියටද නැත්නම් රට පෙන්වන්නද (අ)

:       0       0

සුගාරා Saturday, 26 September 2015 03:47 AM

ජනපති පුත් ජාත්‍යන්තර සම්බන්ධතා ගැන කෙල පැමිණි මහා දක්ෂයෙක් නිසා වෙන්න ඇති තාත්ත ළඟින්ම ඉන්නේ...එහෙම නැත්නම් පාර්ටි එකකට ගිහින්ද තාත්තත් එක්ක..(අ)

:       0       0

නන්ද Saturday, 26 September 2015 03:50 AM

පුතාට නියම චාන්ස් එක...(අ)

:       0       0

මායා Saturday, 26 September 2015 03:51 AM

නැහැ සමිත. මේ තමයි අලුත්ම ආශ්චර්යය. (අ)

:       0       0

ෂෙහාන් Saturday, 26 September 2015 03:56 AM

පවුල් පාලනය නැසූ පවුල් පාලනයට ජය වේවා... (අ)

:       0       0

ගයාන් Saturday, 26 September 2015 03:57 AM

මගෙ තාත්තත් ජනාධිපති වුණා නම්, මම නම් අරින්නෙ නෑ... කරනව යුඑන්එකේදි එළ කථාවකුත්. (අ)

:       0       0

විදුර Saturday, 26 September 2015 04:05 AM

අපෙ මිනිස්සු පත්කලෙ සිරිසෙන විතරයි..එයගෙ පුතන්ඩිය කොහොමද මෙතනට ගියෙ..කාගෙ සල්ලිද මෙවට යන්නෙ..මෙකද යහපාලනය..(අ)

:       0       0

ධම්ම Saturday, 26 September 2015 04:15 AM

සුබ අනාගතයක් දහම් පුතා! (අ)

:       0       0

නාලක Saturday, 26 September 2015 04:19 AM

මේ දෑස මගේ පින්වන්තයි ... තේරුනේ දැන් තමයි ! (අ)

:       0       0

බණ්ඩාර Saturday, 26 September 2015 03:25 PM

කවුරු මොනවා කිවුවත් දහම් ගිය එක හොඳයි (නි)

:       0       0

චතුර Saturday, 26 September 2015 04:12 PM

මේවා කිවුවට වැඩක් නැහැ. දැන් ඉතින් අපි කියන දේවල් අල කොලේට දිය බිංදුවක් වැටුණා වගේ. (නි)

:       0       0

වජිර Tuesday, 29 September 2015 12:05 AM

ජනාධිපතිතුමාගේ පුතා මොනවාද එතන කරන්නේ? (නි)

:       0       0

පොඩි Saturday, 26 September 2015 04:42 AM

ඉඟුරු දී මිරිස් ගැනීම (අ)

:       0       0

හිමාල් Saturday, 26 September 2015 04:32 PM

විදුර, කවුද මොන බෝධි සත්ව කතාවද කිව්වේ? හරියට උපුටලා දාන්න බලන්න. (බ)

:       0       0

චතු Saturday, 26 September 2015 04:44 PM

මොන කැම්පස් ද දැන් ? කැම්පස් ගිය කොල්ලෙකුට පුලුවන්ද යු . එන් එකේ පුටුවක ඉදගන්න ? උගත් කමක් නැති තරමට තමා ඕවට යන්න පුළුවන් . විදුර , ඔයා හොදට කියල තියනවා (බ)

:       0       0

ලක්මාල් Saturday, 26 September 2015 04:49 PM

කෝ මේ තිලක්. (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 26 September 2015 05:00 AM

මොකද කට්ටිය බයවෙලා වගේ.හරියට දහම් පාසල් ගිහින් වගේ. (අ)

:       0       0

කල්හාරි Saturday, 26 September 2015 05:16 AM

ජනාධිපතිතුමා හරිම ආදර්ශමත් කෙනෙක් බව පින්තුරෙන් පෙනෙනවා. (අ)

:       0       0

පියල් Saturday, 26 September 2015 06:04 AM

යහපාලනය සහ මහින්ද පාලනය අතර වෙනසක් නැහැ. එකම හොරු ටික එකම විදිහට රට පාලනය කරනවා. මහින්දගේ පුටුවේ මෛත්‍ර ඉන්නවා. මෛත්‍රිත් තමන්ගේ පුතාවත් අපිව නියෝජනනය කරන්න එක්කන් ගිහින්, මොන සුදුසුකමකටද? මහින්ද තව රට වත් බේරා ගත්තා, මෛත්‍රිට බේරගත්ත රට රක ගන්න පුළුවන් වේවිද කියලත් සැකයි (අ)

:       0       0

නිශාන්ත Saturday, 26 September 2015 06:43 AM

මේ යහ පලයනයක ලක්ෂණද? පවුල් පාලනයක ලක්ෂණද? (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 26 September 2015 08:05 AM

මෙන්න නියම යහපාලනය !මහින්ද රාජපක්ෂ කවදවත් නාමල් රාජපක්ෂ එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙනිචේ නැහැ !!!අපිට බොරු කියල දැන් කරන වැඩ !සිංහලයනි දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා !(අ)

:       0       0

රිශාන්ත උඩුවත්ත Saturday, 26 September 2015 08:07 AM

යහපාලනය යනු ඒ පුතා ඉවත්කර මේ පුතා පත්කිරීමයි .ඒ පුතා කල දේ වැරදි වන්නේ ඒ පුතා කල නිසයි .නමුත් ඒ වැරැද්ද හෝ ඊට වඩා දෙයක් මේ පුතා කළොත් එය නිවැරැද්දක් වන්නේ ඒ යහපාලන පුතා නිසයි (අ)

:       0       0

ලක්සිත පැරිසිය Saturday, 26 September 2015 08:35 AM

ඔක්කොම එකයි ...කියන්නේ එකක් කරනන්නේ තාව එකක් . (අ)

:       0       0

කුමා Saturday, 26 September 2015 09:12 AM

එල එල සිරසෙන් බලත හැකි ...(අ)

:       0       0

තත්සර Sunday, 27 September 2015 12:02 AM

සුබ පැතුම්! (නි)

:       0       0

රුචිර Saturday, 26 September 2015 11:27 AM

නාමල් රාජපක්ෂ අඩු තරමින් මහජන ඡන්දෙකින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කියලවත් හිත හදා ගන්න තිබුණා. එත් මොහු ? (අ)

:       0       0

සිල්වා Saturday, 26 September 2015 11:34 AM

නියම යහපාලනය . මට මේක දැක්කම මතක් උනේ ගඩාපි සහ සදාම් හුසේන් . එයාල යන තැන්වල පුතාල පිටිපස්සෙන් ගියා . පව්ල් පාලනයට බැනපු අය මොනවාද දන්නේ නැහැ මේ ගැන කියන්නේ ?(අ)

:       0       0

හිමාල් Saturday, 26 September 2015 11:43 AM

කලින් සිය ගණනක් සේනාවක් අරන් යද්දි කටේ පිට්‍ටු හිර වෙලා හිටපු උන්දැලා දැන් පුතෙක් අරන් ගිය එක ගැන කියවනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට තමන්ගේ බිරිඳ එක්ක යන්න පුළුවන්.ඉතින් ඒ වෙනුවට පුතා අරන් ගිය එක ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද? (අ)

:       0       0

සමිත Friday, 25 September 2015 04:20 PM

ජනාධිපති පුතා ගිහිං තියෙන්නෙ ලංකාවේ ප්‍රතිරූපය නංවන්න වෙන්න ඇති. දැන් බලන කොට වැඩි වෙනසක් නෑ (අ)

:       0       0

විදුර Saturday, 26 September 2015 12:45 PM

ප්‍රශ්නය....බිරිඳ ද, පුතාද එක්කගෙන ගියේ කියන එක නෙමෙයි.. එහෙමවත් වරදක් නොකරන බවට බෝධිසත්ව කතා කියපු කෙනෙක් මේ විදිහේ වැඩ කරන එක තමයි ප්‍රශ්නේ.. අපිට නම් මහින්ද කළත් මෙත්‍රී කලත් වැරැද්ද වැරැද්දමයි...කවුරු කලත් කාබාසිනියා වෙන්නේ රටේ සල්ලි..අනිතිමට බඩට වදින්නේ දුප්පත් මිනිස්සුන්ට..මහින්ද කරනකොට කෑ ගහපු සිරිසේනගේ හෙන්චයියෝ දැන් මේවා හරි අපූරුවට සාධාරණිකරණය කරනවා.. (අ)

:       0       0

රූපවති Saturday, 26 September 2015 01:21 PM

ඔන්න විදුර සොයුරා දීලා තියෙනවා මිලියන 24 ට ඇතිවෙන්න කියවන්න උත්තරේ..? (අ)

:       0       0

කොස්වත්ත Friday, 25 September 2015 08:45 PM

සමිත,ඒක ඔවුන්ට තිබෙන අයිතියක් (නි)

:       0       0

නජීව Saturday, 26 September 2015 01:49 PM

මෙයාව කැම්පස් එකෙන් එලවලද?ඉගෙනගන්න කෙනෙකුට මේ වගේ සවාරි යන්න කාලයක් නෑ නේද? (අ)

:       0       0

මංජුල ඔස්ට්‍රේලියාව Friday, 25 September 2015 10:41 PM

අනේද කියන්නේ සමිත. මහින්දව පතුරු ගැහුවනේ ඒ කාලේ.කවුරු ආවත් කරන්නෙත් ඔයටිකම තමා.එදා වෙනස ලංකාවේ ඉහළ සංවර්ධනයක් තිබුනා. (නි)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 11:30 PM

මහින්දගේ පුතා නාමල් වීම නිසා නාමල් ප්‍රතික්ෂේප වූ ආකාරය මෛත්‍රීගේ පුතා දහම් සම්බන්ධයෙන් අදාළ වෙන්න උවමනාවක් නැහැ. දහම්ගේ පැමිණීම තීරණය කළයුත්තේත් ජනතාව විසින්මයි. තාත්තෙකු නිසා පුතෙකුගේ සිවිල් අයිතීන් අහිමි වියයුතු නැහැ. නාමල්ට වගේම දහම්ටත් ඉදිරියට ඒමට ඇති අයිතියට වැට කඩුලු බැඳිය හැක්කේ ඔවුන්ගේම කල්ක්‍රියාවයි. තවත් නාමල් කෙනෙක් අපට අනවශ්‍යයි කියන ප්‍රකාශයේ කිසිදු තාර්කික පදනමක් නැත. මන්ද දහම් කියන්නේ නාමල් නොවන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site