හර්ෂණ තුෂාර සිල්වා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 6 වැනිදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ජනවාරි 6 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.
ඒ අනුව අප්‍රේල් 7 වැනිදා සිට ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දැනට දැනුම් දී ඇතැයි මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු බාරව කටයුතු කරන ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහන් කළේය.
‘ශ්‍රී ලන්කන්’ ගුවන් සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ව්‍යාපෘතියේ සියලු වියදම් දරන බව ද මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඇ. ඩො. මිලියන 48ක් බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනවාරි මාසයේ දී නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමිත කාලයට වැඩ අවසන් කර නැවත ගුවන් තොටුපල විවෘත කිරීමට හැකිවීම පිළිබඳව ව්‍යාපෘතිය බාරව කටයුතු කල සියලු දෙනාට ගල්ෆ් කලාපයේ සේවය කරන අපගේ ප්‍රණාමය.