ශ්‍රී ලංකාවේ 69 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිරියේදි අද අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.
‘ජාතික සමගිය‘ මෙවර ජාතික නිදහස් දින තේමාව විය. උත්සවය භූමියට පැමිණි ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මැතිනිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරුන් පිලිගත් අතර ජාතික ධජය එසවීමෙන් උත්සවය වැඩකටයුතු ආරම්භ කෙරිණි.
කොළඹ පාසල් 11 කට අයත් සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල් දරුවන් එක්ව ජාතික ගීය ගායනා කළඅතර ආරක්ෂක අංශ ඉදිරිපත් කළ ආචාර පෙළපාලියෙන් ද හමුදා සංදර්ශනයෙන් ද නිදහස් උළෙල විචිත්‍රවත් කෙරිණි.
හිටුපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරු ජයසූරිය, මැති ඇමැතිවරු, තානපති නිලධාරීහු, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති මෙම අවස්ථාවට එක් සිටිති. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ හා ශිෂ්‍ය භට බාලක සිසුන් ද ඇතුළුව අට දහාසක ආසන්න පිරිසක් නිදහස් උළෙලේ ආචාර පෙළපාලිය එක්ව සිටිති.
ඡායාරූප ශාන්ත රත්නායක












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ජනාධිපතීයි අගමැතියි දකිද්දී පුදුම තේජසක් දැනෙන්නේ අප්පා! (අ)
සුසන්ත, තේජසින් ඇති ඵලය කිම? (නි)
1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමද ප්රශ්නයකි. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක් අවශ්‍ය විය. මේ පනත සකස් කිරීමට දායක වූ අයිවර් ජෙනිංග්ස් ඩී. එස්. සේනානායකගේ අනුශාසකයා විය. හිතවත් ගුරුවරයාට ඩී. එස්. තුළ වූ භක්තිය නිසාම ජෙනිංග්ස් ගේ බිරිය ගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්. ය. (බ)
දියුණු රටවල ප්‍රතිපත්ති වලට ඡන්දෙ දෙද්දී අපේ රටේ සමහරක් තේජසට ඡන්දෙ දෙනවා. (නි)
69 නවවන ජාතික නිදහස් උත්සවයට උණුසුම් සුභ පැතුම්! (නි)
දවස් කීයක් පෙරහුරු තිබ්බද? ඒ වුණාට හරියට ආචාර කරන හැටිවත් පුහුණුවෙලා නැහැ වගෙයි. (නි)
සුසන්ත, තේජසෙන් වැඩක් තියනවද රටට වැඩක් නැත්නම්. රට ණයකරලා කරන සංවර්ධන උත්සව වලින් වැඩක් තියනවද? (නි)
හරිම ලස්සනයි (නි)
අපිට ඉතාමත් ආඩම්බරයි අපේ රට ගැන (නි)
ඉතාම අගෙයි (නි)
කැලුම්, ඔයා හරි තමයි (නි)
දැන්වත් විකාර නවත්වන්න. යුද්ධයෙන් පීඩාවට පත්ව අසරණව අන්ත දුක් කරදර මැද්දේ වසර ගණනාවක් තිස්සේ අනාථ කඳවුරුවල අනේක දුක් විඳින අහිංසක ජනයාට ස්ථිර විසඳුම් දෙන්න. ඔවුන්ගේ ඉඩම් නැවතත් ඔවුන්ටම භාර දෙන්න. සංවේදනය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. (නි)
ප්‍රභූලා විතරක් සහභාගිවෙන පොදු ජනතාවගේ මුදලින් කළ තවත් වැඩක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. (නි)
තවත් කී වසරක් අප ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වීම සමරමුද? අප සැමරිය යුත්තේ නිදහස් දිනයක් නොව ශ්‍රී ලංකා ජාතික දිනයකි. (නි)
ජාතික නිදහස් උත්සවයට උණුසුම් සුභ පැතුම් (ම)
සතුටුදායකයි! (නි)
මේ ‘ප්‍රබුන්" ඇවිත් ගොඩ බසින වාහන දැක්කම හිතෙනවා අපේ රට දැන් පළමු පන්තියේ දියුණු රටක් කියල. නමුත් කොළඹින් පිටට ගිහාම තාමත් තුන්වෙනි ලෝකයේ රටක්. (බ)
ණයට ගත්ත අවි ආයුධ අරගෙන ඇවිල්ල ලොරි ටෝක් දානවා (බ)
කෝ මේ රට දෙවෙනි වරට බේරා දුන් උත්තමයා. (ර)
සුබ පැතුම් මැද පෙරදිග සිට....... 36 උළෙලට මමද සහබාගි වුනෙමි. 70 සමරන කොටවත් සංවර්දනය වෙමින් පවතින නම ඉවත් වේවා කියා පතමි . (අ)
ලොකු අඩුවක් පේනවා සහභාගී වෙලා ඉන්න කට්ටිය දැක්කම ගුණමකුකමද ? (අ)
ශ්‍රී ලංකා මාතා ..අප ශ්‍රී .....ලංකා නමෝ නමෝ නමෝ මාතා (අ)
සංජීව අමු කැවිලද? (ර)
අභිමානවත් ශ්‍රී ලංකාවකට අපේ ආචාරය...!!! (අ)
මෙම උත්සවයෙ සැමරෙන්නෙ කවුරුන්ද එදා නිදහස වෙනුවෙන් දිවි පූජාකළ ඩිංගිරාල. පුරන්අප්පු සවාමීන් වහන්සේලා නිකමටවත් මතක් කරනවද දේශපාලන කට්ටිය උජාරුවට එනව ජනපතිට උත්මාවාර දක්වනව හමුදාව මේකද නිදහස් උත්සවය උත්තමාවාර දක්වන්න ඕන අය පැත්තක මෙය වෙනස් කළ යුතු නොවේද ? (ම)