කුලියට ගත් තරුණියන් දෙදෙනෙකු යොදා ගනිමින් රුපියල් හැට හතර ලක්ෂ තිස්පන් දහස් හයසිය පනහක් වටිනා ඔප නොදැමු රන් ආභරණ තොගයක් සහ විදේශ මුදල් තොගයක් බැංගලෝරයට ගෙන යාමට උත්සහ කළ රෙදි පිළි ව්‍යාපරිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ් මීගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මුදල් කොන්ත්‍රාත්තුවක් මත කුලියට ලබා ගත් බව කියන තරුණියන් දෙදෙනා 25 හැවිරිිදිය. ෙරිදිපිළි ව්‍යාපාරිකයෝ මැදි වියේ පසු වුහ.
අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර ඔප නෙැදැමු රන් දම්වැල්, , මුදු, බ්‍රෙස්ලට් සහ වළලූ සහ ඇමරිකානු ඩොලර් තිබු බව පොලීසිය කියයි.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුනු ඔත්තුවක් මත ගුවන්තොටුපල ආගමන විගමන අංශය පසුකරමින් ගුවන් ගතවීමට යමින් සිටියදී මෙම කණ්ඩායම අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රෙදි පිළි මෙරටට ගෙන ඒමේ මුවාවෙන් සතියකට කිහිප වතාවක් මොවහු ඉන්දියාවට යාම් ඊම් කරන බව කර ඇති බවත් ඉන්දියාවට ගිය පසු මුදල් ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් මත තරුණියන් දෙදෙනා මේ සදහා මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්්තුව විසින් කරන ලද මුලික විමර්ශණවලින් අනතුරුව සැකකරුවන් සමග රන් භාණ්ඩ සහ විදේශ මුදල් තොගය ගුවන්තොටුපල රේගුවට බාර දුන් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd