IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


62 වැනි රන් හටන 9-10 මොරටුවේදී

ජාතික කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයන් ගණනාවක්ම දායාද කළ මොරටුවේ ප‍්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර 62 වැනි වරටත් පැවැත්වෙන ‘රන් හටන’ හෙට (9) සහ අනිද්දා (10) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. පසුගිය වසරේදී තරගය ජයගත් ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ මෙවරත් මහත් විශ්වාසනීයත්වයකින් තරගයට පිවිසෙති. සෙබස්තියානුවන්ගේ 2011/2012 පාසල් තරගාවලියේ වාර්තාවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය වඩාත් තහවුරු කරන්නකි. මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී තරග 19 කට සහභාගි වූ ශාන්ත සෙබස්තියන් කණ්ඩායම තරග 7 කින් පූර්ණ ජයග‍්‍රහණ ලබාගත් අතර පරාජය වී ඇත්තේ තරගයක් පමණි. වේල්ස් කුමර කණ්ඩායම තරග 17 කට සහභාගි වී තරග 4 ක් ජයගත් නමුත් තරග 3 කින් පරාජය වී තිබේ. පාසල් තරගවාරයේ වාර්තාව කුමක් වුවත්, මහ තරගයේදී අපේක්‍ෂිත දස්කම් දැක්වීමට වේල්ස් කුමරුවන් සමත් වන බවට තරගාවලියේ ඉතිහාසය සාක්‍ෂි දරයි. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ අමිල අපෝන්සු මෙවර මහ තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් පිල මෙහෙයවන අතර ශී‍්‍ර ලංකා යොවුන් පිල නියෝජනය කළ මෙන්ම පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාවේ දක්‍ෂතම නැගී එන කි‍්‍රකට් තරුව බවටද පත්වූ සනිත ද මැල් ද සෙබස්තියන් කණ්ඩායම නියෝජනය කරයි. අති දක්‍ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන සනිත ද මැල් සෙබස්තියන් පිලේ ප‍්‍රබලම කී‍්‍රඩකයාය. සති කිහිපයකට ඉහතදී 13 න් පහළ කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප‍්‍රනාන්දු සෙබස්තියානුවන්ගේ අනාගත බලා පොරොත්තුවයි. අමිල අපෝන්සු, අනූක් ප‍්‍රනාන්දු, අනුෂ්ක පෙරේරා සහ සංගීත් කුරේ පිතිකරුවන් වශයෙන් ඉදිරියට පැමිණෙමින් මේ වන විටත් ලකුණු 500 සීමාව පසුකර ගොසිනි. නායක අමිල අපෝන්සු සහ හිටපු නායකයා හැරුණු විට සචින්ත ගුණවර්ධන, අනූක් ප‍්‍රනාන්දු සහ ෂවීන් ප‍්‍රනාන්දු කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන් සිටිති. නායකයාට තමාගේ 100 වැනි කඩුල්ල සඳහා තවත් අවශ්‍ය වන්නේ එකම කඩුල්ලක් පමණි. සචින්ත ෆොන්සේකා කණ්ඩායමේ කඩුලූ රකින්නාය. මෙම පාසල් කි‍්‍රකට් වාරයේදී වේලාසනින්ම ලකුණු 1000 කඩයිම පසුකරගෙන ගිය කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය මත වේල්ස් කුමරුවන්ගේ ඉනිම රඳා පවතී. නායක තරිඳු දිල්ෂාන් සහ ෂානුක දුලාජ් වේල්ස් කුමර පිිතිකරුවන් වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින්නෝ වෙති. වමතින් ද`ග පන්දු යවන තිලාන් නිමේෂ් මේ දක්වා  දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 70 ඉක්මවයි. වමත් ද`ග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත වේල්ස් කුමර කණ්ඩායමේ කඩුලූ දවාගැනීමේ බර ඔවුන් තිදෙනාගේ උරමත පැටවී තිබේ. මෙතෙක් පැවැති මහ තරග 61 කදී වේල්ස් කුමර විද්‍යාලය තරග 6 ක් ජයගෙන තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර ශාන්ත සෙබස්තියන් විදුහල ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. වේල්ස් කුමර විදුහල අවසන් වරට ජයගත්තේ 1977 දී පෙම්ලාල් ප‍්‍රනාන්දුගේ නායකත්වයෙනි. සනිත ද මැල්ගේ නායකත්වයෙන් තරග කළ ශාන්ත සෙබස්තියන් විදුහල වසර 44 කට පසුව, ගිය වසරේදී මහ තරගය ජයගත්තේය. විදුහල් දෙක අතර එක්දින තරගය මේ මස 17 වැනිදා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ. මෙතෙක් පැවැති එක්දින තරග 26 දී දෙපිලම තරග 12 ක් බැගින් ජයගෙන ඇති අතර තරග දෙකක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය. ශාන්ත සෙබස්තියන් සංචිතය: අමිල අපෝන්සු (නායක), නිශ්මාල් ප‍්‍රනාන්දු (උප නායක), ලූක් ජයදේව, සනිත ද මැල්, අනුෂ්ක පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු, සංගීත් කුරේ, අනූක් ප‍්‍රනාන්දු, ඉසුරු මෙන්ඩිස්, පෙෂාන් ඇන්තනි, සචින්ද ගුණවර්ධන, සචින්ත ෆොන්සේකා, කුසල් සිල්වා, ෂවීන් ප‍්‍රනාන්දු, මාවල් ප‍්‍රනාන්දු සහ කළණ සිල්වා, පසන් වනසිංහ (පුහුණුකරු), කල්ප ප‍්‍රනාන්දු (සහාය පුහුණුකරු), ෆ‍්‍රෑන්ක් කුරේ (කි‍්‍රකට් භාර ආචාර්ය) වේල්ස් කුමර සංචිතය : තරිඳු දිල්ෂාන් (නායක), කුසල් මෙන්ඩිස්, සුචිර ප‍්‍රනාන්දු, අෂේන් මෙන්ඩිස්, හෂාන් ප‍්‍රනාන්දු, ෂානුක දුලාජ්, තිලාන් නිමේෂ්, සුචිත් පුෂ්පකුමාර, ජයාංග පීරිස්, ගනීෂ ප‍්‍රනාන්දු, දිදුලන මේදිස්, කි‍්‍රෂාන් අපෝන්සු සහ දේවක දාබරේ සුරංග විජේනායක (පුහුණුකරු), සුසන්ත මෙන්ඩිස් (කි‍්‍රකට් භාර ආචාර්ය) ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමවේල්ස් කුමර විදුහල් කණ්ඩායම



අදහස් (0)

62 වැනි රන් හටන 9-10 මොරටුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site