
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 563දෙනෙකු අද(06) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 7186කි.
අද දිනයේදී රෝහල්වලින් පිටව ගිය පිරිස අතර, වැඩිම අගයක් වාර්තා වන්නේ, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම ගණන 324කි.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, එක් විදේශිකයක් ද වෙයි. ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය අයෙකි.
මේ වනවිට රෝහල්වල 5355දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගණන 12,570ක් වන අතර, මේ වනවිට මිය ගිය ගණන 29කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd