ශ‍්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 44 වැනි ජාතික කැරම් තරගාවලියේදී වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. ජාතික කේවළ ශුරතා (පිරිමි) වැඩිම ගණනක් දිනා සිටි හිටපු ජාතික ශුර ලැන්ග්ලි මතායස් සතුව තිබු වාර්තාව චමිල් කුරේ පසුගිය වසරේදී බිද දැමීමට සමත්විය. එහිදී ශුරතාව හත්වරක් දිනා සිටි ලැන්ග්ලිට වඩා චමිල්ගේ විශේෂත්වය වුයේ ශුරතා අටම පිට පිට දිනාගෙන සිටීමයි. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී පසුගියදා (10) නිමා වු මෙම තරගාවලියේදී චමිල්ට අමතරව පසුගිය වසරේ ශූරිය වු චලනි ලක්මාලි ද අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුවාය. චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු අතර පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය වට තුනක් දක්වා තියුණු මුහුණුවරක් ගත්තේය. පළමු වටය 25/7 ක් ලෙස නිශාන්ත පහසුවෙන් ජයගත් අතර දෙවැනි වටය චමිල් ජය ගත්තේ 25/16 ක් පරිදිය. තීරණාත්මක අවසන් වටය 25/13 ක් ලෙස ජයගත් නිශාන්ත 2012 වසරේ ජාතික ශූරතාව හිමිකර ගත්තේය. නිශාන්ත 2001 වසරේදී මීට පෙර පිරිමි ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයෙකි. අවසන් පුර්ව වටයේදී චමිල් කුරේ විසින් අජිත් චන්ද්‍රසෝම (25/20, 25/2) ද, නිශාන්ත ප‍්‍රනාන්දු විසින් ළහිරු ඉෂාන් (25/0, 25/1) ද පරාජය කරන ලදහ. කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී මධුෂිකා කාංචනමාලා පරදවා තරග වට 2/1 ක ජයක් ලබා ගැනීමට ජෝසප් රොසිටා සමත්වුවාය. රොසිටා 2010 වසරේ ජාතික ශූරිය වුවාය. කාන්තා පළමු අවසන් පුර්ව තරගයේදී ජෝසප් රොෂිටා විසින් චලනි ලක්මාලි (25/15, 8/25, 25/19) පරාජය කරන ලද අතර මධුෂිකා කාංචනමාලා විසින් යසිකා රාහුබද්ධ (25/23/, 21/25, 25/18) පරාජය කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
44 වැනි ජාතික කැරම් තරගාවලියේදී චමිල්ගේ වසර 8 ක කිරුළ ගිළිහෙයි