ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම මධ්‍යම පළාත් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය කොළඹ කෘතිම හොකී පිටියේදී පසුගියදා පැවැත්විණ.
මධ්‍යම පළාත් පිල සහ දකුණු පළාත් පිල අතර පැවැති පිරිමි අවසන් මහා තරගයෙන් මධ්‍යම පළාත් ක‍්‍රීඩකයෝ ගෝල 3/2 ක ජයක් ලැබුහ. මධ්‍යම පළාත් පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 2/0 කින් ඉදිරියෙන් සිටියේය. ජයග‍්‍රාහී මධ්‍යම පළාත් පිල වෙනුවෙන් එම්.එම්. මුලාෆර් (1), ඞී. ගුණවර්ධන (1) සහ ධම්මික අබේරත්න (1) ගෝල ලැබුහ. කේ. අතුරලිය (1), එන්.ටී. මහේෂ් (1) දකුණු පළාත් පිල වෙනුවෙන් ගෝල ලබාගත්හ.
අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් බස්නාහිර පළාත් පිල (ගෝල 7/1) ද, දකුණු පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. බස්නාහිර පළාත තෙවැනි ස්ථානය ලැබීය.
මධ්‍යම පළාත් පිලේ දිලූක වීරසුරිය, දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
කාන්තා අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් පිල ගෝල 5/0 කින් පරදවා පහසු ජයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. එහිදී මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවන් තරගයේ පළමු අර්ධයේදීම ගෝල පහ ලබා ගැනීම කැපී පෙනේ.
චතුරිකා විජේසුරිය (1), යමුනා විජේසුරිය (1), මධුෂාණී ජයනෙත්ති (1), මදුරා ධර්මරත්න (1) සහ බුද්ධිකා ගුණරත්න (1) මධ්‍යම පළාත් පිලේ ගෝල ලාභිණියෝ වුහ.
අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 12/0) ද, බස්නාහිර පළාත් පිල විසින් දකුණු පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. දකුණු පළාත් පිල තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
මධ්‍යම පළාත් පිලේ ජී.ජී.දමයන්ති දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස තේරීපත් වුවාය.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට