ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.
මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා
සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘
ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘.
.1997 කොස්ලන්දේ නාකැටිය නාය ගියා.එයින් හත් දෙනකු මිය ගියා.මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘
කන්ද නාය යද්දී අඹු සැමි යුවළක් දුවන්නට වූහ.බිරිය පසු පසින් දිව්වාය.ඇගේ නම රාජු ලක්ෂ්මීය .සැමියා ආපසු හැරී බැලුවේය.බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.
දැන් ඔහු යාබද ගමේ ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.
කොස්ලන්දේ මීරියකන්ද නාය ගිය පෙදෙස කිලෝමීටර් දෙකක් පමණ වන බව සහන සේවකයෝ කියති.එම පෙදෙස තව දුරටත් නාය යන හෙයින් හා මිය ගිය අය සෙවීමට හැරීමෙන් නාය යාම වැඩි වී මහා අනතුරක් සිදු විය හැකි බව එහි ගිය අපාදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
නිලධරයින් සමඟ සාකච්ඡා කැර තීරණයක් ගැනීමට නියමිතය.එම පෙදෙසේ 250-350 ක් අතර පිරිසක් සිටිති කියති.
ලබන 03 වැනිදා තෙක් පාසල් 10 ක් වසා දැමුණු බවත් කියති.ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සැමට නිවන් සුව ලැබේවා! (නි)
ස්වාභාවික විපත් ගැන පර්යේෂණ කරන්න නිරික්ෂණ කරන්න වගකිව යුතු නිලධාරින් ඉන්නවා නේද. නාය යන්න කලින් පොලව ගිලා බැහීම් ඉරි තැලීම් වගේ දේවල් ටික කලක සිට වෙනවානේ. එකපාරට කඩා ගෙන යන්නේ නැහැ. ඒ ගැන විමසීමෙන් ඉඳලා පෙර දැනුම් දීම් කලා නම් මේ විපත අවම කර ගන්න තිබුනා. (නදී)
සදුනි, බන්දුල ඔයාගේ සහෝදරයෙක්ද? (නි)
යළි කවදාකවත් මෙවන් පුවතක් නොඇසේවා! (නි)
පෙර අනතුරු අඟවද්දීත් වගකිව යුත්තන් ඇයි ක්‍රියා මාර්ගයක් නොගත්තේ. එසේ උනානම් මේ අහිංසක ජීවිත මෙසේ විනාශ වෙලා යන්නේ නැහැ. (නදී)
මෙවන් විපතක් යළි නොවේවා! (නි)
ගොඩක් දුක හිතෙන දෙයක් වෙලා තියෙන්නේ (නදී)
අප අතරෙන් සමු ගත් සැමට නිවන් සුව අත් වේවා (නදී)
මට නම් දරාගන්න බැහැ මේ සිදුවීම (නි)
මේක පුදුම කතාවක්නේ. විපතට පත්වූ ජනතාව වෙනුවෙන් නිදහසේ අදහස් පළකරනවාට විරුද්ධ දීන පිරිසකුත් මේ තීරුවට ත් රිංගා මේවා ස්වභාවික විපත් ගිණුමට බැරකර රජයට සුදු හුණු ගාන්න බොළඳ උත්සහයක් දරනවා. ඔය මිනිස්සුම තමයි දේශප්‍රේමී බවක් පෙන්වමින් බ්‍රිතාන්‍ය අධ්රාජ්‍ය වාදීන් තෙත් කලාපයේ වනාන්තර විනාශ කොට තේ වගා කිරීම නිසා මධ්‍යම කඳු කරය පාංශු ඛාදනයට ලක්වූ බව කියන්නේ. ඒ කතාවත් ඇත්ත. නමුත් වර්තමාන පාලකයින්ද ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරීම නිසා ඔය සිදුවන ස්වභාවික විපත් වලට හේතුකාරක වී ඇති බවත් ඇත්ත. (නදී)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)
2005 දී මේ ප්‍රදේශයේ අයට ඉවත් වන්න කිව්වත් ඉවත් උනෙත් නැහැ. ඉවත් කලෙත් නැහැ. මෙම ජීවිතවලට වග කියන්න ඕනේ කවුද කියල මට නම් තේරෙන්නේ නැහැ. කොහොම උනත් අහිංසක ජීවිත රැසක්. මියගිය සැමට නිවන් සුව පතමි. (නදී)
පක්ෂ, පාට ,ආගම් බේද දුරලා නැතිවූ අය සෙවීමත් මියගිය අය වෙනුවෙන් කළයුතු පිළිවෙත් කිරීමත් අපගේ යුතුකමයි. කිසිම දිනයක මෙවන් විපතක් අහන්න දකින්න නොලැබේවා. මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා! (නි)
මෙහෙම විපත් වෙනවා බලාඉන්න නම් මොකටද ආපදා කළමනාකරණ අමාත්‍යංශයක්. කළමනාකරණය කියන්නේ වුණාට පස්සේ හොයාබලන එකද? (නි)
මේ අයගේ කතාව ඇත්ත. මිනිස්සු කොහේ කියලා යන්නද? ඡන්දෙ කාලෙට වතු ලයින් පීරන පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට මේවා පෙනෙන්නේ නැහැ. දැන් පටන් ගනියි කෑගහන්න. බලධාරීන්ට තියෙන්නේ දැන්වත් අවදානම් තැන් වලින් මහජනයා ඉක්මනින් ඉවත් කිරීමයි. අනේ දෙවියනේ පාසල් ගිය දරුවෝ ගෙදර එනකොට මව්පියෝත් නැහැ ගෙවලුත් නැහැ. හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා. (නදී)
මොනම මිනිහෙක්වත් තමන් ඉන්න තැන දාලා යන්න කැමති නැහැ. විශේෂයෙන් ඒ මිනිස්සු දුප්පත් අය. හරි විදියට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා නම් ඒ අහිසක ජීවිත බේරෙනවා (නි)
නිලදාරීන් කලින් දැනුවත්ව උන්නනම් මේ තරම් වගකීමකින් තොරව කටයුතු කලේ ඇයි? මේ අහිංසක දුප්පතුන්ට ඉවත් වන්න කිව්වට ඔවුන් යන්නේ කොහෙටද ? කන්න බොන්න සපයන්නේ කෙසේද කියා විදිමත් වැඩ පිළිවලක් නැතිව යන්න කීවට කව්රුත් ඉවත් නොවීම අරුමයක් නොවේ. (නදී)
දිසානායක, ඔයා නියම උත්තරය දීලා තියෙනවා. (නි)
ඔතනින් ඉවත්වෙන්න කියල ඇඟ බේරාගත් අය මෙයට වගකිවයුතු බවයි මට සිතෙන්නේ. අපේ අය මිනිස්සු ගැන බලන්නේ ඡන්දයක් ළඟ නම් විතරයි. සැමට දෙවි පිහිටයි. (නි)
කෝ ඉතින් පදිංචි ය ඉවත් කරන්න කීවට කරලා නැනේ ඒවා මොකද චොළඹ ලස්සනයිනේ (බ)
මගේ ඇස දෙකට කධුලු ආව මේක අහලා. වගකිවයුතු අමාත්‍යවරුන්ගේ පරම්පරා ගණනාවකට මේ පව පඩිසන් දෙයි (බ)
මේක නම් අදහාගන්න බැරිතරමේ විනාශයක් (නි)
එම පෙදෙසේ 250-350 ක් අතර පිරිසක් නම් හිටියේ කොහොමද 350 ක් පණ පිටින් වැළලේ කියන්නේ? (නදී)
මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
අනේ පව් අර අහිංසක පාසල් ගියපු දරුවෝ ටික ගෙදර එනකොට ඒ ගෙදර ඉන්න අම්මල තාත්තලා ඒ අයව අතහැරලා ගොඩක් ඇතකට ගිහිල්ලා ඒ දරුවෝ කොහොම දරාගන්නද ? සතුරකුට වත් එහෙම ආපදාවක් වෙන්න නම් එපා මේ ලෝකේ කොහෙවත් (නදී)
චීනයට ඉඩම් දෙනවා, වෙන රටවලට ආධාර බෙදනවා. ලංකාවේ මිනිහා අසරණ වුණාම දෙන්නේ මොනවාද? අනේ අපිට නම් තේරුම් ගන්න අමාරුයි මේ රට යන ආශ්චර්යය (නි)
සුනාමියෙන් පස්සේ ජිවිතේට ඇහෙව්වේ නැහැ මේ වගේ විපතක්. අනේ දෙයියනේ පන පිටින් වැලලෙද්දී මොනවා හිතෙන්න ඇත්ද. මෙවන් අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොම වේවා (නදී)
නිලධාරීන් හා දේශපාලකයින් මේ ගැන උනන්න්දු උනා නම් සියලු දෙනාම බේරා ගන්න තිබුනා (නදී)
මේ මිනිස්සුන්ට අයින් වෙන්න කීවා නම් ඇයි දෙවියනේ අයින් උනේ නැත්තේ? (නදී)
වතු කම්කරුවන්ගේ ඡන්දෙ ගන්න දේශපාලකයෝ 2005 ඉඳලා මොනවද කලේ. මේ අසරණ ජනතාවට මීට වඩා ආරක්‍ෂිත ස්ථානයක ලයිම් කාමර හදල දෙන්න තිබුනනේ. දැන් ඉතින් ලකුණු දා ගන්න සෝබන වැඩ කරයි. මිනිසුන්ගේ ජීවිත අහිමි වූ පසු තව මොනවා වෙන්නද? (නදී)
සල්ලි තන්හාවෙන් ගස් කෝලන් ටික කපා දමල. ඉතින් පිට්ටනි වගේ කඳු තියේවිද?කාගේ කාගේත් වැරදි. මිය ගිය අය ගැන හරිම දුකයි. (නදී)
නායයාම අතරතුර දිවි ගලවා ගැනීමට හැකි ඌ අයෙක් ඇත්නම් නිරුපද්‍රිතව එන්න ලැබේවා! මියගිය සියළු දෙනාටම නිවන් සුව අත්වේවා! මේ අහිංසකයින් වෙනුවෙන් අපි වෙන මොනවා කරන්නද? (නදී)
ඉතාමත් සෝචනීය අවස්තාවක්, පක්ෂ පාට ආගම් බේද , දුරලා නැතිවූ අය සෙවීමත් මියගිය වෙනුවෙන් කළ යුතු පිළිවෙත් කිරීමත් අපගේ යුතුකමයි. (ර)
නගර අලංකාරය පිණිස පැල්පත් ඉවත් කිරීමට පෙර මෙවැනි අනතුරු ප්‍රදේශ වල ඉන්න ජනතාවට නිවාස ලබාදෙන වැඩපිළිවෙලක් දැන්වත් ඇරබුවොත් නරකද? (ර)
දිසානායක.ගණන් ගන්න එපා. ඔය සදුනි කියන ගැහැණු නමෙනුත් අදහස් දක්වන්නේ සුප්‍රකට බන්දුල පෙරේරාමයි. විවිද නම් වලින් අදහස් දක්වල කියන්නේ එකම සින්දුවමයි. (නදී)
මේ ගැන අපේ රටේ කී දෙනෙකුට ගානක් තියෙනවද ? සියලුම චැනල් වල තවම බහුබූත පෙන්නනවා හරිනම් ජාතික ශෝක සතියක් පනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ඕන නේද.? (ර)
කාලිංග, ඔහෙලා වගේ හිතන මිනිස්සු ලංකාවේ නැහැ. ඉන්න තරමක් ලංකාවේ ඉන්නේ දේශපාලන අඥානයෝ ටිකක්. (නදී)
නලින් - කෝට්ටේ, සිෂ්ඨ සම්පන්න රටක නම් එහෙම වෙනවා. එ්ත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. (නදී)
දසුන් ඔබ ඉතා නිවැරදියි. බුද්ධිමත්ව කල්පනා කලේ නම් කොළඹ වීදි දෙපස ඉතාලියෙන් ගෙනා ටයිල් අල්ලන මුදල් වලින් මේ ජීවිත බේරා ගන්න තිබුනා. මෙහෙම අපේම සහෝදරයෝ මළායින් පසුව අලංකරණය කරන නගරෙට ගිහින් මොනා කරන්නද? (නදී)
මෙය සිදුවීමට පෙර කටයුතු කළා නම් මේ මිනිසුන්ගේ ජිවිත බේරා ගන්න තිබුන නේද. (නදී)
ආණ්ඩුවේ ආයතන වල වැරදි හොයන්නට කඩාපනින විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ වැනි අවස්ථාවක කැපවීමෙන් වැඩකරලා ජනතාවට පිහිටක් වෙන්නට බැරිද? (නි)
ආශ්චර්ය තමයි (නදී)
ආයෙත් කිසිම දිනයක මෙවන් විපතක් අහන්න දකින්න නොලැබේවා. මිය ගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා, රෝහල් ගත කර සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා.! (ර)
සමීරගේ කතාව හරි. මියගිය සහෝදර සහෝදරියන්ට නිවන් සුව පතමි..! (ර)
රටේ පාලකයන්ගේ කරුමෙට අසරණ මිනිසුන් වන්දි ගෙවනවා. (ර)
ලංකාවට ඉර හද පායන්නෙත් රටේ පාලකයන්ගේ වාසනාවට කියල කියන අය දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ.? (ර)
සමීර, රට "සුකිත මුදිත" වෙලා කියල කියද්දී කොහොමද මේවා පෙන්වන්නේ? (ර)
රටේ මිනිස්සු රටේ පාලකයන්ට දෙන දෙස් දෙවොල් වදින්නේ අසරණ මිනිසුන්ටනේ අප්පා. (ර)
මේ අසරණ මිනිසුන් හැමදාම දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙන් එක පමණයි වෙලා තියෙන්නේ. ඔය පළාත් නියෝජනය කරන දේශපාලකයන් මොනවද මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරලා තියෙන්නේ, මේ මිනුසුන්ගේ ජීවත්වීමේ රටාව වෙනස් කරන්න, අාරක්ෂාකාරී තැන්වල ගෙවල් හදල මිනුසුන්ව පදිංචි කරන්න දැන්වත් ක්‍රියා කල යුතුයි. (අ)
ඉතාමත් සෝචනීය පුවතක්, 2005 ඉදන් කියනවා නම් මේ අය ඉවත් කරන්න කියලා බලධාරීන් මොකද බලන් හිටියේ. කොළඹ අහස උසට කුළුණු ගහල වැඩක් නැහැ රටේ තව කොනක මිනිස්සු පණ පිටින් වැළලෙනවා නම්. පාරිසරික හානිය නවත්වල ජීවත් වෙන්න පුළුවන් තැනකට ඉන්න මිනිස්සු හරි ගිහින් පදිංචි කරවන්න, නැත්නම් තවත් අනතුරක්. (ර)
තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කියමන මතක් වෙනවා. මේ අසරණ මිනිසුන් කිසිම දෙයක් නොදැන පොලොවෙ වැලලුනා. අපි හැමොම තෙරුම් ගන්න ඔනේ තමන්ගේ ජීවිතේ ගැන වගකීම තියෙන්නෙ තමන්ට. මැරුනට පස්සෙ කවි කතා කීවට වැඩක් නැහැ හැමදෙනාම. අවට සිද්ධ වෙන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න, අනිත් අය දැනුම්වත් කරන්න. (ර)
සසර වසනා තුරා කිසිවෙකුට යළිත් මෙවන් විපතක් සිදු නොවේවා.! මිය ගිය සැමට නිවන් සැප ලැබේවා .! මේ ව්‍යසනය රජයේ වරදින් සිදු උන දෙයක් බව කියනවා. මේ වගේ දේකදීත් තමන්ගේ පටු දේශපාලන මතය ප්‍රදර්ශනය කරනවා. (ර)
දිසානායක, ඔයාගේ දේශපාලන ගැතිකම මොකද්ද කියලා පැහැදිලිවම පෙනෙනවා. ඔයා නොදන්නවට මන් මේ මොහොතේ ඉන්නෙත් කොස්ලන්දේ. කමෙන්ට් කරන්න නෙමෙයි පිහිටවෙන්න ඇවිත්. (ර)
කවුරු රට පාලනය කලත් මෙවැනි ස්වාභාවික විපත් වලක්වන්න අමාරුයි. එහෙමනම් දියුණු රටවල් නිකන් ඉදීවිද? දැන් කල යුත්තේ අවධානමට ලක්වුවන් ඉවත් කිරීමයි. (ර)
මේ අයත් අපේ රටවැසියන් බව බලධාරීන් සැළකුවනම් මෙම විපත වළක්වා ගත හැකිව තිබුණා. (ර)
මැරුණ අය ගැන කණගාටුයි. ඹවුන්ට නිවන් සැප ලැබේවා (නදී)
2005 ඉඳන් ආපදා තත්ත්වයක් ප්‍රකාශ කලා නම් ඇයි එයාලව අයින් කලේ නැත්තේ. බලධාරීන් මොකද මේ වෙනකන් කලේ. (නදී)
මේක සුනාමියෙන් පස්සේ ලංකාවේ වෙච්ච දරුණු ස්වබාවික විපතක්, මම හිතන්නේ රජයේ ශෝක දිනයක් කලොත් හොදයි කියලයි. (ර)
සදුනි, ඔයාගේ දේශපාලන ගැතිකම මෙතෙන්ට වැඩක් නෑ. ස්වභාවික විපත් නවත්වන්නට බෑ තමයි. මේත් අපේ මිනිස්සු. තමුන්ට වුනානම් මේ කතා නෑ. අවධානමට ලක්වුවන් ඉවත් කිරීම දැන්ද කරන්න තිබුණේ. ලැජ්ජා නැතිව වීරවරියෝ වගේ කමෙන්ට් කරන්නේ. මිය ගිය සැමට නිවන් සැප ලැබේවා .! මේ සසරේ කවදාවත් මේ වගේ අසත්පුරැෂයෝ අතරේ ඉපදෙන්න නොලැබේවා.! (ර)
පව් ..! මුලින්ම ගෙවල් කීපයක් ගිලාබැස ඇතිවග දැක්කම ඇයි දෙවියනේ අනික් මිනිසුන් ආරක්ෂා ඇති තැනකට නොගියේ? ජීවිත ටික බේරුනානම් මොනවා නැති වුනත් ඒ හැමදේම යලි ගොඩනගා ගන්න තිබුනා..පව් මේසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවෙන්න කලින් ඇයි වගකිව යුත්තෝ මේ මිනිසුන් ඒ පලාතෙන් අයින් නොකළේ...! (අ)
චීනුන්ට දෙන්න නම් ඉඩම් තිබෙනවා. අපේ රටේ මිනිසුන්ට දෙන්න ඉඩම් නැහැ. බොහොම ශෝක්. ආණ්ඩුවට මේ අහිංසකයන් වටින්නේ ඡන්දෙ දවසට පමණයි. 2005 දී මෙවෙනි යෝජනාවක් වගකිව යුත්තන්ට ඉදිරිපත් කලානම් එය ක්‍රියාත්මක නොකළ බලදාරීන් මෙයට සම්පුර්ණ වගකිව යුතුයි. (නදී)
හාරලා මිනී ටික ගන්නම ඕනා (නදී)
ටිකිරි ගේ කතාව මම අනුමතකරනවා.මේ නස්පැත්තියට වගකියන්න ඕනේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව.ඉවක් බවක් නැතුව අපේ මර දේසපාලුවෝ ගස්,කඳු කපනවා.ඊට පස්සේ නාය යනවා.ඔන්න ඔය ඈයෝ තමයි පන පිටින් වැලලේන්න ඕනේ.නැතුව මේ අසරණ මිනිස්සු නොවෙයි. මේක ස්භාවික විපතක් නොවේ.(අ)
මියගිය අයට නිවන්සුව පතමි.රෝහලේ සිටින අයට ඉක්මන් සුවය පතමි. ටිකිරි බණ්ඩාට දෙකොන මාරුවෙලා වගේ දොඩවනවා. සදුනිගේ කතාව 100% ඇත්ත. දිසානායක සදුනි නොවේ ඔයා තමා දේසපාලන ගැතී කමෙන් කතා කරන්නේ. කව්ද ඔයාට අසත්පුරුෂයෝ වගේ පේන්නේ ස්භාවධර්මයද? (අ)
රජය මේ ගැන මෙයට කලින් කටයුතු කරන්න තිබුන .මේවා හොයල බලන්න තිබුන .නිලධරයෝ ඉන්නේ එ්කට තමා .ඒ දේවල හොයන්න තමා පාලකයෝ ඉන්නේ .දෙයක් වුණාට පස්සේ කණගාටු වෙලා වැඩක් නෑ.මියගිය අයට නිවන් සුව ලැබේආ .ඉතිරි වුණු අයට දැන්වත් කළ යුතු දේ කරන්න (අ)