මේ  වසරේ දෙසැම්බ්ර් මුල දක්වා කාලයේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 347 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ධාවනය වෙමින් තිබූ දුම්රියවලින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරු හේතුවෙන්  58 දෙනකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇත.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ දුම්රිය අනතුරුවල ඉහළයාමක් ඇති බවත් ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සිදුවූ අනතුරුවල වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් ඔහු පැවසුවේය.