
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු මිය ගොස් ඇතැයි අද (06) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. මෙය මෙරට 30 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වේ.
ඊයේ (05) දිනයේ මියගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 පදිංචි පිරිමි පුද්ගලයෙකි.
අදාල රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම මරණයට හේතුව ලෙස දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ රටවල කොරෝනාවෙන් මියයන්නේ වයස 60ට වඩා වැඩි අයයි. නමුත් ලංකාවේ බොහොම තරුණ අය මියයනවා. කණගාටුයි ...!!!
ලෝක ජනතාව මියැදෙද්දී දුක් වුණු අපට අපේම රටේ මිනිස්සු මැරෙන සංඛ්‍යාව ගණන් කරන්න සිතක් පහල කලේ කවුද කියලයි මම මේ කල්පනා කලේ? තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ මිනිස්සු පිටරටවල මැරෙනවාට කැමති වෙලා අපි පමණක් නොමැරී ජීවත් වීමට පෙරුම් පුරපු අමරණීයයි කියා සිතු ජාතියට කොරෝනාව කරුණා නොකරන්නේ නම්, ඒ කොරෝනාවෙන් ඇති පලේ කුමක්ද? තුප්පහි අමන ජාතිය මේ ලොවෙන් තුරන් කළ නොහැකි නම් කොරෝනා උඹ පරාදයි. පුළුවන් නම්, ලෝකෙටම සාධාරණ සේවයක් කොට , මානුෂීය ගුණ පිරුණු ජාතීන් පමණක් මෙලොව ඉතුරු කර, තුරන් වෙයන් මේ ලෝකෙන්ම.. !
අවුරදු 23 අයටත් දියවැඩියාව තියනවද දැන් අපේ රටේ?
අපිට ඕවායින් ඇති වැඩක් නැහැ. නාමල් මල්ලි අපිට කියන්නකෝ LPL පටන් ගන්නේ කවද්ද කියලා...?