එක්තරා වකවානුවක චිත‍්‍රකතාව ශ්‍රී ලාංකේය පාඨකයන්ගේ සිත් සතන් තදින් ඇද බැඳගන්නට සමත් විය. එසේ පාඨක සිත් සතන් තෙළිතුඩින් සැනහූ ඒ සොඳුරු කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද වයෝවෘද්ධය. තෙළිතුඩට පණ දීම අසීරුය. එවන් සොඳුරු කලාකරුවන්ට අත හිත දීමටත්, පාඨකයින්ගෙන් ඈත් වූ චිත‍්‍රකතාවට යලි පණක් දීමටත් අරමුණු කරගනිමින් ‘‘ජාතික චිත‍්‍රකතා පදනම’’ බිහිවෙයි. ඔවුන් සංවිධානය කරනු ලබන එම චිත‍්‍රකතා ශිල්පීන් 80 දෙනෙකුගේ පමණ චිත‍්‍ර ඇතුළත් ‘‘සිත්තරු ඇඳි රූ 2’’ චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙම මස 27, 28, 29 සහ 30 යන දිනයන් හිදී කොළඹ ලයනල් වෙන්ටඞ් කලාගාරයේදී පැවැත්වේ. එම චිත‍්‍රකතා පදනමේ සභාපති ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී දයා රාජපක්‍ෂයන් සමඟ කළ කතිකාවකට මෙම ඉඩ හසර වෙන්වෙයි.
|
|
ජාතික චිත‍්‍රකතා පදනම බිහිවෙන්නේ කුමන අරමුණු පෙරදැරිවද ?
මේ පදනම මගේ තනි සංකල්පයක් විදියටයි බිහිවෙන්නේ. මේ රටේ වසර 40ක් පමණ චිත‍්‍ර කතා ඇඳි සිත්තරකු විදියට මට හිතුණා දැනට චිත‍්‍ර කතා ක්‍ෂේත‍්‍රයෙන් ඇත්වෙලා ඉන්න මගේම සහෝදර දක්‍ෂ චිත‍්‍ර ශිල්පීන් නැවත ජනතාව අතරට අරන් යන්න සහ ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුය කියලා. මොකද චිත‍්‍රකතා සමාජයෙන් ඈත් වුණේ මේ ශිල්පීන්ගේ වරදින් නොවෙයි. ඒ ඒ චිත‍්‍රකතා පුවත් පත් මුද්‍රණය කළ ආයතනවල පුවත්පත් අලෙවිය අඩු වු නිසයි.
මගේ චිත‍්‍රකතා ජීවිතය වෙනුවෙන් සම්මානයක් පිරිනැමෙන්න යෝජනා වුණු මොහොතක මට හිතුණා මේ චිත‍්‍ර කතා ක්‍ෂේත‍්‍රය නැවත නගා සිටුවන්න. ඒ වෙනුවෙන් මේ පදනමේ වත්මන් ලේකම් ධූරය දරණ දුමින්ද සංජීව බාලසූරිය මාධ්‍යවේදියා සහ උපසභාපති ධූරය දරණ පියල් උදය සමරවීර යන කතුවරයා චිත‍්‍ර ශිල්පියා සමඟ කළ දිගු කතිකාවකින් පස්සේ ඒ හැමගේ සහයෝගයත්, චිත‍්‍ර කතාවේ බොහෝ දුර ගිය දීගොඩ කුමාර මහාචාර්ය සිරිමල් අබේරත්න, කැමිලස් පෙරේරා වැනි චිත‍්‍ර ශිල්පීන්ගේ දායකත්වයත් ඇතිව ජාතික චිත‍්‍ර කතා පදනම බිහිකළා. එයට දැන් වසර 7ක් ගෙවිලා. දැනට ලංකාව පුරා විසිරී සිටින ශිල්පීන් 20ක් පමණ මීට දායක වී සිටිනවා.
මේ වන විට ඒ අරමුණු කෙතරම් දුරට සාක්ෂාත් වී තිබෙනවාද ?
අපට කිසිම කෙනෙකුගේ ප‍්‍රතිලාභ අනුග‍්‍රහයක් රජයෙන් හෝ වෙනත් ආයතනයකින්වත් ලැබිලා නැහැ. අප සේවය කරන සමාගම් වලින් ලැබුණු උදව් පදව් හැරුණු කොට මෙය අසීරුවෙන් යන ගමනක්. අපි එකිනෙකාගේ එකමුතුව ශක්තිය මත මේ වනවිට යම් වැඩ කොටසක් කළා. එයින් සැඟවී සිටි චිත‍්‍රකතා ශිල්පීන් යළිත් ඉස්මතු වී තිබෙනවා. මේ පදනම බිහිවුණයින් පස්සෙ අපි 2011 වසරේ ජාතික කලාභවනෙ මෙම චිත‍්‍රකතා ශිල්පීන්ගෙ සිතුවම් ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වුණා. ඊට මේ රටේ විවිධ ප‍්‍රදේශවලින් චිත‍්‍රකතා ශිල්පීන්ට තවමත් ආදරය කරන විශාල පිරිසක් සහභාගීවුණා. ජනපති, අගමැති, මැති ඇමැතිවරු ඇතුළු රාජ්‍ය මට්ටමේ නායකයො පැමිණියා. ඒක අපට කළ ගෞරවයක්. නමුත් අපි ඔවුන්ට ආරාධනා කළේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. කැමැත්තෙන් කරන යමක් බාරගන්න අපි කැමැති වුණත් මෙතෙක් එවැනි කිසිම දෙයක් ලැබුණෙ නැහැ.
මේ චිත‍්‍රකතා ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉදිරි සැලසුම් කොයිවගේද ?
අපේ රටේ චිත‍්‍රකතාවලට එක්තරා වකවානුවක විශාල ඉල්ලූමක් තිබුණේ වයස අවුරුදු 35න් එහා අයගෙනුයි. ඒ කණ්ඩායමේ අවශ්‍යතාව තවම තිබෙන බව පෙනෙනවා. ඒ නිසා පැරැණි ජනප‍්‍රිය චිත‍්‍රකතා අපි නැවත මුද්‍රණය කරනවා. අපි මෙම මස 27 වැනිදා ලයනල් වෙන්ඩිඩිහිදී පවත්වන ‘‘සිත්තරු ඇඳි රූ-2’’ ප‍්‍රදර්ශනයේදී ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත්ගෙ චිත‍්‍රකතා ප‍්‍රකාශනයක් එළිදැක්වෙනව. එදා චිත‍්‍ර කතාවට විශාල පණක් දුන්න සුසිල් පේ‍්‍රමරත්න ජී.ඇස්.ප‍්‍රනාන්දු වැනි විශිෂ්ඨ කලාකරුවන්ට අපි ගෝල්ෆේස් හෝටලයේදී සම්මාන උළෙලක් පැවැත්වුවා. ඉදිරියේදීත් අපට ලැබෙන ප‍්‍රතිපාදන එක්ක එවැනි තවත් කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවා. දැනට පදනමේ ගිණුම බොහොම දුප්පත්. ප‍්‍රදර්ශනයේදී පවා ලැබෙන මුදලකින් එය ශිල්පීන්ගේ උන්නතිය සඳහා යොදවනවා. ඒ එක්කම වැළලී ගිය චිත‍්‍රකතාවට ඉදිරියේදී අපි නව පණක් දෙන්නත් කටයුතු කරනවා. චිත‍්‍ර කතාවට ලැදි සැමට මෙම 27 වැනිදා සිට දින 4ක් ලයනල් වෙන්ට්ඞ් රඟහල විවෘතයි.
දුෂ්‍යන්ත කුමාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්ර කතා දැන් හොඳයි කිව්වට ඉස්කෝලේ යන කාලේ මේ පත්තර නිසා කොච්චර ගුටි කාලා තියෙනවද? (නි)
හරිම ලස්සනයි. ඒ වගේම සරත් මඩු ,නමැති චිත්‍ර ශිල්පියාත් ඒ කාලේ හරි ප්‍රසිද්ධ කෙනෙක් (නි)
චිත්ර නිර්මාණ ක්‍ෂේත‍්‍රය ඩිජිටල් හෝ තාක්ෂණයේ මොන අන්දමින් හිණි පෙත්තටම නැග්ගත් අතින් අඳින චිත්‍රයක ඇති ජීවී ස්වභාවයේ නිර්මාණ කළ නොහැකිය.මේ නිසාම අපේ රටේ මෙන්ම ලෝකයේ වීශිෂ්ට ඝනයේ සිත්තරුන්ගේ නිර්මාණ ඉතාමත්ම ඉහළ මිලකට අළෙවි වේ.සමහර සිත්තරුන්ගේ ඇස මොනතරම් සියුම්ද කිවහොත් ඔවුන්ගේ නිර්මාණ ඉතාම සජීවීව(ත්‍රිමාණ ලෙස) දර්ශනය වේ.ලලිත් ප්‍රසන්න රත්නායක සිත්තරා ඉදිරිපත් කර ඇති ඉහත නිර්මාණය(අයිෂ්චර්යා) දෙස බැලීමෙන් මේ බව මනාව සනාථ වේ.මෙතරම් විශිෂ්ට නිර්මාණ ශිල්පීන් සාමූහිකව අගය කිරීම හා ශක්තිමත් කිරීම අප සියල්ලන්ගේම වගකීමයි.ජාතික චිත‍්‍රකතා පදනම හෝ සිත්තරුන් සම්බන්ධ කරගතහැකි විස්තර පළකරන්නේ නම් මේවා අගය කරන ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකීක පිරිස් සිත්තරුන්ට උපකාර කරනවා නිසැකයි. (නි)
මෙවැනි දේ දැකීම තුල සිත් පිනවනවා, එතරම් අනර්ගයි. විශිෂ්ටයි! මෙවැනි කලාකරුවන් හීන වී යන කාලයක තව තවත් මෙවැනි අය නිර්මාණය වේවායි පතමි! (නි)
කරුණාකර මෙම චිත්‍රකතා නැවත මිලදී ගැනිමට හැකි විදියක් දක්වන්න. චිත්‍ර කතා කියන්නේ ඒ කාලේ මගේ ලොක්කා (නි)
විශිෂ්ට චිත්‍ර නිර්මාණ පෙළක්. (නි)
අති විශිෂ්ටයි.(නදී)
චිත්ර කතා බලලා, බැනුම් ඇහුවත්, එදා ඒවා නිසා කියවා මේ උනන්දුවවත් ඇති වුණා. අද එස්.එම්.එස්. ගහලා මොනවද ලබා ගෙන තියෙන්නේ? දයා රාජපක්ෂ වැනි සිත්තරුවන් ලැබීමට තරම් අපගේ ජාතිය වාසනාවන්ත වෙලා තියනවා. මේ කලාකරුවන් අද බිහිවෙලා ඉන්න ඩිජිටල් ශිල්පීන්ට වඩා කෙතරම් දක්ෂ අයද? (නි)
අයිෂ්චර්යා ඇත්තටම ඉන්නවා වගෙයි මම දැක්කේ . විශිෂ්ට සිත්තරෙක්. (නි)
දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කතාවක් තමා මම ජීවිතේ පළමු වතාවට රසවින්දේ එනිසා චිත්‍ර කතා වලට මම ගොඩක් ඇලුම් කරනවා. රසවින්දය ලබාදුන් සියලුම නිර්මාණ ශිල්පීන්ට චිරජීවන ප්‍රර්ථනා කරනවා.(නදී)
සරා කිව වගේම මටත් හිතුනේ ඒ නම් චිත්‍රයක් නෙවේ කියල ඒ තරම් සජීවී නිර්මාණයක්.(නදී)
හරිම ලස්සනයි. ජීවමාන විලාශයෙන් ඉන්නවා වගේම ඇදලා තියනවා. (නි)
ඔව් මට මතකයි, ඉස්සර සුම්ස්තිපාල ජෝතිපාලගේ එමිචෙල් චිම්පන්සි ගැන නියම කතාවක් ගියා එකට එක කියලා සිත්තර පත්තරේ. දැන් ඒ වගේ කතා යන්නේ නැහැ. ඉස්සර හොඳ කතා තමයි පත්තර වල ගියේ. සලෆා, එටනල් රේ මගේ ආසම චිත්. ජනක, බන්ධුල වික්‍රම, දයා, අපෝ කියල ඉවර කරන්න බැහැ, ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් තියෙන චිත්‍ර කතා පත්තර මොනවද කියලා හිතෙනවා (දී)
අයිශ්වර්යාගේ මුහුණට සමාන පෙනුමක් තියෙන ඒ චිත්‍රය, චිත්‍රයක් කියන්න බැරිතරම් ජීවමානයි. අති ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පියෙක්. ඒ ගැන වාදයක් නැහැ. ලෝකේ අතලොස්සකට ඇති හැකියාවක්. කියන්න සතුටුයි ලාංකිකයෙක් නිසා. (නි)
නියමයි (දී)
ලස්සන පින්තුර. පන පිටින් ඉන්න ඒවා වගේ . හොඳ නිර්මාණ. විශිෂ්ට කලාකරුවෙක් වගේ කරලා තියන්නේ (නි)