කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දුන්නේය.

ඒ අනුව  නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු ගැන තොරතුරක් නැත.

ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ  නායයෑමේ  අවදානමක් ඇති පෙදෙසක  සිටි එම පවුල් සදහා විකල්ප ඉඩම් දුන්නේද යන්නයි.

දිසාපති රෝහණ දිසානායක මහතා:මීට කළින් ඉඩම් දුන්නා .පවුල් 30ක් ඉවත්ව ගියා.

ජනපති: අවදානම් සහිත ඉඩම්වල සිටින සියලු දෙනාම ආරක්ෂා සහිත ඉඩම් වලට යැවීමට පියවර ගන්න.ඒ සඳහා වතුවල සහායත් ලබා ගන්න.