කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දින වූ ඊයේ (28) අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තරගය අවසන් කරන විට ලකුණු 265 ක ජයග‍්‍රාහි ඉලක්කය සඳහා දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි ධර්මාලෝක විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 133 ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවිය.
තරගයේ අවසන් ඕවරයේ පන්දු 5 ක් ඉතිරිව තිබියදී අයහපත් අලෝකය හේතුවෙන් තරගය අත්හිටුවීය.
රොෂාන් අනුරුද්ධ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ධර්මාලෝක පළමු ඉනිමේ පළමු කඩුලූ තුන පිට පිටම දවා ගනිමින් කඩුලූ ත‍්‍රිත්වයක් සමගින් ලකුණු 57 කට කඩුලූ 8 ක් දවා ගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ධර්මාලෝක විදුහලේ සුලාජ් ගයාෂාන් දක්‍ෂතම පිතිකරු ලෙස ද, කුසල් අෂේන් දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.
ගුරුකුල විදුහල පළමු ඉනිම 208
(හෂාන් දුමිඳු 30, කසුන් මධුසංඛ 25, රොෂාන් අනුරුද්ධ 31, ශෂින් දිල්රංග 30, නලීන් පෙරේරා 24, නාමල් පැතුම් 34, ප‍්‍රමුත් හර්ෂික 24/2, ජනක පැතුම් 47/2, ජුලාන් කනිෂ්ක 6/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 169 (ශෂින් දිල්රංග 38, ලිසුල ලක්‍ෂාන් 57, රොෂාන් අනුරුද්ධ නොදැවී 51)
ධර්මාලෝක විදුහල පළමු ඉනිම 113
(කුසල් අෂේන් 33, රොෂාන් අනුරුද්ධ 38/5, ජයමාල් වන්නිආරච්චි 8/3, නලීන් පෙරේරා 32/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 133 (සුලාජ් ගයාෂාන් 55, රවිඳු තිවංක 23, රොෂාන් අනුරුද්ධ 19/3, නලීන් පෙරේරා 26/3, නාමල් පැතුම් 13/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තියුනු තරගයක් නෙමෙයි. ගුරුකුල ජයගන්න තිබුන අවස්ථාව නැතිවුනේ.(නදී)
ඒ අපේ හෑදියාව දෑන් අපි හෑදිලා.(නදී)
ආඩම්බරයි.
ගුරුකුල ඉදිරියටම යමු...! ඔබට අප්‍රේල් 7 එක්දින තරඟය ජයග්‍රහනය කිරීමට ද අපෙන් සුබ පැතුම් ! (ස)
මෙච්චර තියුනු තරගයක් වලියක් නැතුව ඉවර කර ගත්ත එකට කන්ඩායම් දෙකටම ස්තුතියි. ඔබලා රටට ආදර්ශයක්! (අ)