පානදුර විදුහලක හත වසරේ සිසුවකුගේ කනට ගැසූ එම පාසලේ පුස්තකාල සහකාරවරියක සිසුවාට රුපියල් 25000 ක් ගෙවීමට එකඟ වීමෙන් පසු පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඇය අවවාද කර මුදා හළේය.
මෙම සේවිකාව වරද බාරගතහොත් එය ඇගේ රැකියාවට බලපාන හෙයින් නඩුව සමතයකට පත් කරන්නැයි ඇගේ නීතිඥවරයෝ උසාවියෙන් අයැද සිටියහ.
නඩුව සමතයකට පත් කිරීමට පැමිණිල්ල එකඟ වීමත් සිසුවාට හානි පූරකයක් ගෙවීමට සැකකාරිය එකඟවීමත් සමග ඇය මුදා හරින බව කී මහේස්ත්‍රාත් රාජකාරී කටයුතුවලදී වගකීමෙන් ක්‍රියා කරන්නැයි ඇයට අවවාද කළේය.
තුවාල ලැබූයේ හත වසරේ සිසුවෙකි.
පුස්තකාලයේදී කතා නොකරන ලෙස සිසුන් දෙදෙනකුට අවවාද කළත් එය නොපිළිගැනීම නිසා දඬුවම් කළ බවත් පැමිණිල්ලෙන් කියවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් පුස්තකාලයේ කතාකිරීම සිසු සිසුවියනට තහනම් වුවත් ඔය කියන පුස්තකාල සේවිකාව වුවත් ඇගේ පාසල් සමයේදී ඕනෑතරම් ඔය දෙයම කරන්න ඇති.(නි)
රජයේ සේවය අපකීර්තියට පත්කළාට මෙයාට එරෙහිව චෝදනා පත්‍රයක් දිය යුතුයි. හැබැයි, ඉතින් අධ්‍යාපන දෙපර්තමෙන්තුවනේ මේක. (ර)
පුස්තකාලෙදී නිශ්ශබ්දව ඉන්න ඕන. මේ ගුරුවරිය නිවැරදි දඩුවමක් දීලා තීයෙන්නේ. නැතිනම් තවත් මර්වින් කෙනෙක් , විමල් කෙනෙක් බිහි වෙනවා. (නදී)
උපාලි, හොඳ සිහියෙන්ද ඔය ලියන්නේ? (නි)