
කොළඹ 13, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79 ක් වයසැති කාන්තාවක් ඊයේ (03) සිය නිවස තුළදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය කොවිඩ්-19 ආසාදිතයකු ලෙස අද (04) හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 24 වැනි කොවිඩ්-19 මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවස තුළ රෝගී තත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුණ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇත.
රෝගියා මිය යෑමට ආසන්නම හේතුව කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් ලෙස දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව අත්වේවා...!!!
මාසයක් නිවසේ අසනීපයෙන් සිටි මේ අම්ම කොරෝනා හැදිලා මියගොස් තිබෙන්නේ. එතකොට මොන පොකුරට ද හයිකරන්නේ?.
ලංකාවේ තියෙන්නෙ එක පොකුරයි, මේ අම්ම අයිතිත් ඒ බ්‍රැන්ඩික්ස් පොකුරටම තමයි