(නිමල කොඩිතුවක්කු)
විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (29) පැවසීය.
සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (29) පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.
විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයිද ඔහු එහිදී තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට සමඟිව බලවේගයක් කරපු උතුමාගේ කතාව..! එදා 71 හා 83 විප්ලවයේ ජයග්‍රහණ ගැන සිතා බැලුවාම පේනවා රටට වුණු සෙත..! 21 වෙනස් කරලා රටේ සිංහකොඩිය හකුලා ගන්නද හදන්නේ..?
මේ වනවිට රටේ ජනතාව ඉල්ලා සිටින්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. 21A සම්මත කළද/සම්මත නොකළද රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ 225 ට නොහැකි බව මේ වනවිට රටේ ජනතාවට ඔප්පු වී තිබේ. පාර්ලිමේන්තුවේදී 21 A සම්මත කළද වෙනත් අර්බුදයක් මොවුන් විසින්ම නිර්මාණයකර ගන්නා බව අපි දනිමු. ආර්ථික අර්බුදය ව්‍යවස්ථා සංශෝධනයක් ඇති නොවූ නිසා ඇති වූවක් නොවේ..