2016-12-28-ent-73

මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නාලන් මෙන්ඩිස්ගේ "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස චරිත මවන ෂනාලි වීරසිංහ ආරම්භ වන 2017 වසරේ සිය බලාපොරොත්තු පිළිබඳව අපිට ඉඟියක් ලබාදුන්නා. ලබන වසරේ 21 වැනි වියට පා තබන ඇය එය මහා ඉහළින් සැමරිමට සුදානම් වෙන බව ෂනාලි අපිට පැවසුවා. මේ ඒ පිළිබඳව ඈ දැක්වු අදහස්.

මේ අවුරුද්දෙ මගේ 21 වැනි උපන්දිනය ඉහළින්ම සමරන්න මම සූදානම් වෙනවා. මොකද, ගැනු ළමයෙකුගේ ජීවිතේ වඩාත්ම වටින අවුරුද්ද මේක කියලයි මම හිතන්නේ. මගේ උපන්දිනය යෙදිලා තියෙන්නෙ අප්‍රේල් 25 වැනිදා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ සොඳුරුම දවස ඒක වෙයි කියලා. ඊට අමතරව මම දැනට රංගනයෙන් දායක වෙන %සල් සපුනා^ (සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන) නාට්‍යය විකාශය වෙලා අවසන් වුණ ගමන් අලුත් නිර්මාණයක් භාරගන්න හිතාගෙන ඉන්නවා. උදාවන අලුත් අවුරුද්දේ මගේ නිරූපණ වැඩවලටත් වැඩි කාලයක් වෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

2016-12-28-ent-72
2016-12-28-ent-71