(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විකාර බහුබූත නොවේ... අවම වශයෙන් ලබන මාසෙ තුළ 19වත් නවතා ස්ථාපිත කරන්න බලන්න. පොහොට්ටුකාරයින් බාධා කරනවා නම්, ටයිම් ලයින් එකක් දෙන්න මේ දිනේට මේක කෙරෙන්නේ නැතිනම් මම අස්වෙලා යනවා.. ඔබලා ඕනෙම දෙයක් කරගන්න කියලා..
ජනාධිපති ඇතුළු පොහොට්ටුව පක්ෂයට තියන වගකීම තමයි ආර්ථිකය පමණක් නොවෙයි, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම... අග්රමාත්යතුමෙක් පත්කිරීම තුළ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ සටන් පාඨ නිහඬ වී ඇත්තේ ආර්ථික පමණක් නොව 19 වැනි සංශෝධනය තුළ ජනාධිපති බල කේන්ද්‍රය කප්පාදු කිරිමත්ය. එම ජනතා අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් අරගෙන තිබෙන බව පෙනේ. මේ මොහොතේ විපක්ෂය හා අනෙකුත් සියලු කණ්ඩායම්වලට ඇති වගකීම නම් ජන හඬට ගෞරව කරමින් 19 වැනි සංශෝධනය ඉතා ඉක්මණින් බල ගැන්වීමයි. මේ මොහොතේ එයට බාධා කරන මන්ත්‍රින්, ජනතා අයිතිවාසිකම් විරෝධීන් පමණක් නොව දේශද්‍රෝහීද වේ...
රනිල්ලාත්, ඔබලාත් අපට දැන් එපාවෙලා තියෙන්නේ...