(ඩයනා උදයංගනී)
තිරසර සංවර්ධනය, ආර්ථික සහ සමාජ සංවර්ධනය යන සියල්ල රඳා පවතින්නේ මානසික සංවර්ධනය මත බවත්, මනස සංවර්ධනය වෙනවානම් හා කෑදරකමින්, තණ්හාවෙන් ඈත් වෙනවානම්, තිරසර සංවර්ධනය කරා යාම දුෂ්කර කාර්යයක් නොවන බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලබාදී ඇති 2030 තිරසර සංවර්ධන න්‍යාය පත‍්‍රය ඉටුකරගැනීම සඳහා දැනට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති අතර ඊට අමතරව ඉදිරියේදී තිරසර සංවර්ධන සභාවක්ද ඇතිකිරීමට කටයුතු යොදා ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත‍්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටු කාමර 01 හිදී අද (22) පැවති විශේෂ සැසිය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත‍්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් මෙම සැසිය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බංකොලොත් දේශපාලන සමයම යටතේ දවල් හීන දකිනවා වාගෙයි.
තිරසාර සංවර්ධනය දෙනවා, නොමිලේ වයිෆයි දෙනවා, වොක්ස්වැගන් දෙනවා, ඩෙනිම් දෙනවා, බ්‍රේස්ලට් දෙනවා, චුවින්ගම් දෙනවා..... වෙනම පාලනයක් දෙනවා, කොටින්ට වන්දි දෙනවා, හමුදාවට හිර ගෙවල් දෙනවා, ආ ඒවානම් දෙන එක දෙනවා!
මෙයා 2030 ත් විපක්ෂ නායකයා වෙලා ඉන්න වගේ හදන්නේ ... මෙව්වා විපක්ෂේ ඉදල වෙන්න ඇති කරන්න ප්ලැන් කරන්නේ මේ යන විදිහට නම් !
2030දි තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම එක්සත් ජාතීන්ගේ සියලුම රටවල් සඳහා වන වැඩසටහනක්. මේකටත් හරියට ප්‍රවෘත්තියක් කියව ගන්න බැරි දේශපාලන පාට කණ්නාඩි දාගත්ත අඳබාලයො ටිකක් විකාර කියවනවා. තිරසාර සංවර්ධනය කියන්නේ අද ලංකාවට අත්‍යවශ්‍ය දෙයක්.
කෑදරකම, තණ්හාව? ගිහිල්ල අහන්නකො හිටපු මහා බැංකු අදිපති යාලුවගෙන්.