(නිමල කොඩිතුවක්කු)

2027 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ලද නිර්දේශ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික දානය සිදු කෙරේ කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 ව්‍යවස්ථාවේ විධි විධාන අනුව මුදල් සභාව වෙත පැවරී ඇත. ඒ අනුව, රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් අත්කර ගැනීම අරමුණු කර ගනිමින් 2027 වර්ෂය සඳහා වාර්ෂිකව පළාත් සභා සඳහා වෙන් කරනු ලැබේ, පළාත් සභා බෙදා දීමේදී අනුගමනය කළ යුතුය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ පළාත් සභා වෙත පැවරී ඇති විෂයයන්ට අදාළ සේවා වඩාත් කාර්යක්ෂමව සැපයීම සඳහා අවශ්‍ය වන රජයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් මුදල් සභාව විසින් සිය නිර්දේශ ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ඇත. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ ( 7 ) වන එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.