
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(15) පැවසීය.
2025 වසරේ දී පක්ෂයේ සංවත්සරය සමරන විට සමගි ජන බලවේගය රටේ බලය අතට ගෙන පොදු ජනතාව දිනවීමට කැපවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය .
කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය අමතමින් ඔහු මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු නොවන බවත් ඔහු පොදු ජනතාව දිනවන් අපේක්ෂකයා බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව යටතේ රට සෑම අතින්ම පිරිහීමට පත්ව ඇති බවත් රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා එකට සිට ගැනීමට සියලු කණ්ඩායම් වලට තමන් ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(ළහිරු හර්ෂණ)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාලත් එක්ක වෙන්න ඇති. කොහොමත් යාලුවෝනේ.
2025 අපේ රජයක් සදන්නේ කෙසේද?
සුබ පැතුම් සජිත්. කෙසේ වෙතත් මගේ දැනුම අනුව නම් ලංකාවට අවශ්‍ය එතෙක් මෙතෙක් දේශපාලනය නොකළ, දේශපාලනය කල පරම්පරාවකටවත් අයත් නැති , උගත්, බුද්ධිමත්, අවංක, පෙර වැරදි නැති, මව් රට දියුණුකිරීම , පරිසරය ආරක්ෂා කිරීම , දුප්පත්කම දුරලීම , නාස්තිය හා දුෂණය නැති කිරීම පෙරදැරි කරගත් තරුණ, ශක්තිමත් නායකත්වයක්. ඔබට කල හැකි ..නමුත් සමහරු අකමැති දෙයක් ගැන මම මතක්කරන්නම්. නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා සැකසුව " ව්‍යවස්තාව " ඔබ ජනාධිපති වුනොත් රටට හඳුන්වා දෙන්න අවංකවම ඔබ කැමතිද...?
ඒ කියන්නේ ආයෙත් කොට අදින්න යනවාද?
රටේ ආරක්ෂාව බිංදුවට බස්සපු ඔය අයට, ඇත්තටම රටක් පාලනය කල හැකිද?
හීන දකින එක කාටත් උරුම අයිතියක්. ඒ වුණාට මේ මහ දවල්...?
මරු සෙට් එක. 2015 දීලා කරගන්න බැරි අය කොහොමද දන්නේ නෑ 25හේ කරන්නේ...? නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි. අඩු ගානේ රටට වැඩක් කරලා දන්න යකානේ ආණ්ඩුව දෙන්නේ.
අද ලංකාව වැටී ඇති තත්ත්වයට අනුව සහනාධාර මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් රටේ නායකත්වයට සුදුසුම නෑ. පසුගිය ජනාධිපතිවරණයේ දී දෙනවා කියපු දේවල් දෙන්න වුණා නම් ලංකාවම විකුණන්න වෙනවා. මේ පණිවිඩය ඔලුවක් ඇති අයට පමණි.
ඒ ආණ්ඩුවේ අගමැතිකම නොදෙන හින්දා වෙන්නැති තලතා පැත්ත පළාතේ ඇවිත් නැත්තේ..
2020ත් මෙයා ඔහොම කිවුවා..
සිංහල මිනිස්සු මේ නඩේ දැක්කාම ඡන්දය දේවිද? රට බල්ලට ගියත් අපි මොවුන්ට දෙන්නේ නැහැ.