
(විමුක්ති එස් රුද්‍රිගු)
රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් සියයට 56 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් ඉටුකරමින් මුදල් අමාත්‍යාංශය පෙරේදා (31) බදු වියදම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම් වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ ඇති එක් කැපවීමක් බවත් එම කැපවීම පසුගිය වසරේ මාර්තු මස ඉටුකළ යුතුව තිබුණු බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී අයි.එම්.එෆ් මීටරයට සිදුකළ යාවත්කාලීන කිරීමේදී මෙම කැපවීම ඉටුකර නොමැති කැපවීමක් ලෙස ඇතුළත් කළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
අන්තර්ජාතිකව පිළිගත් හොඳම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වාර්තාවේ අරමුණ යැයි එම ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
COMMENTS
මෙහෙම දේවල් වෙනකොට අනුරයියා කියන ආකාරයට රට කරන්න පුළුවන් කියලා හිතෙනවා. බලන්නකො දේශපාලුවො උන්ගෙ හෙංචයියො සනසන්න කොපමණ ධනයක් සහන ලෙසට දීලා තියේද කියලා. ඊයේ පාඨලී මැතිතුමා ලොකු ලූනු ගැන කියපු දේ වුනත් බදු වංචා තමයි. ගෝඨයියගේ කාලයේ සීනි බදු වංචාව, ඉතින් මෙහෙම බලාගෙන යනකොට ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. තියෙන්නෙ තනිකරම හොරකම දූෂණය හා වංචාව තමයි. එක් අතකින් මේකට දේශපාලුවන්ට පමණක් දොස් කියලා ම වැඩක් නැහැ. මොකද තවමත් ඇගිලි අත්සන තියා කටයුතු කරන මිනිස්සූ මැතිවරණය වෙලාවේ ඡන්දය පාවිච්චි කරන නිසා. (එහෙම මිනිස්සු අහන්නෙ අපිට සල්ලි අච්චුගහල හරි දෙන්න බැරි මොකද කියලා තමයි ඔන්න ඔහොමයි ලංකාවට පාලකයො පත්කිරීම සදහා ඡන්දය දෙන මිනිසුන්ගේ දැනුම හා අවබෝධය )
හොරු අල්ලන්න තමයි හැමදාම දෙගොල්ලොම ඡන්දෙ ගන්න එන්න එන්නම හොරකම, වංචාව වැඩිවෙනවා... මොවුන් ඔක්කොම එකයි බලපුවාම...!
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන ලබා ඇති සමාගම් / වියාපාරය පිළිබද රජය විසින් පත්කළ පුර්ණ බලතල සහිත කමිටුවක් මගින් අදයයනයක් කර වාර්ෂික අදායම් සහ වියදම් පිලිබදව සොයාබැලීමක් කර රජයට ලැබිය යුතු බදු මුදල් ප්‍රමාණය එකවර ගෙවීමට නොහැකිනම් හෝ යම් කාල සීමක් තුලදී කොටස්වාසයෙන් ගෙවීමට නොහැකි නම් එම, ආයතනය පාඩු ලබනාවූ ආයතයක් විය යුතුය. කිසිදු වියපරිකයකු පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යන්නේ නැත.
මුන් දුප්පතුන්ටම තමා දෙන්න පුළුවන් වැඩ ඔක්කොම දෙන්නේ
අනිවාර්යයෙන්ම හොරකම වංචාව දූෂණය වැළැක්විය යුතුයි. ඒකට ක්‍රියාකාරී පිරිසක් වෙත පාලනය ලබා දීම සිදු විය යුතුයි.ඒත්,අනුරයියා ප්‍රධාන කයියානායක වරුන් කියනා අයුරින් කටයුතු කරාවිද ? ඔවුන් කියවනවා ඇරෙන්නට මොනවාද කරලා තියෙන්නේ. එදා ඉන්දියානු කබරගොයා අද තලගොයා වෙලා.එදා පලුයන්න බැනපු ධනවාදී රටවල් අද හොඳ වෙලා.මේ විදිහට බලන විට,අද කෑ මොර දෙමින් වේදිකා හොල්ලන කතා පෙර අයුරින්ම නොසලකා හැරීම සිදු විය හැකියි නේද ? ගෝඨා මොනතරම් සුරංගනා කතා කිව්වද ? ඒ නිසා අනුර අයියත් කියවනවා වගේ කරන එකක් නැහැ.මොකද නියම මොලකාරයන් අනුන්ට ඔච්චම් කරමින් වේදිකා වල ගැලරි කතා කියන්නේ නැහැ.මේ කයියනායක වරුන් මොරගාමින් කියන්නේ තමන්ගේ ප්‍රායෝගික නොදන්නා බවයි.
ඔය 98000 ආණ්ඩුවට නොලැබුනාට මිනිස්සු ළඟ ඇති නේද? ඒ සම්බන්ද විද්වත් මතය කුමක්ද? රජයේ අදායම අහිමි වීම ප්‍රශ්නයක් බව ඇත්ත. ඒ මුදල් දැන් පවතින්නේ කොතනද, මුදල් විනාශයක් සිදුවුණාද වැනි දේ ගැන දන්නවනම්, නිවැරදි කිරීමේ යම් ක්‍රියාමාර්ගයක් ගත හැකිය.
අනේ මන්දා ඒත් මිනිහා නම් කියන්නේ එයා තමා හොදටම කළේ කියලා.
සත්‍ය ගවේශී, ඔබට තියෙන්නේ ජවිපෙ භීතිකාවක්, අනුර කරේ මොනවාද අහන්න අවස්ථාවක් දීලාද, ඇමැතිකම් කලේ මාස කීපයයි. හොරකම වළක්වන්න ඕනෑලු අනුර කරාවි කියලා විශ්වාස නැතිලු. ඔබ විශ්වාස කළ අය හරියට කළාද කියලා අහන්න කොන්දක් නැහැ... අනාගතය ගැන අනාවැකි නොකියා රටම හැරෙන මාලිමාව විශ්වාස කරන්න.
සෙනෙවිරත්න ඔය ජේවීපී කියන රෝගය හැදුණාම ඒකට බෙහෙත් නැහැ. මං දැකලා තියෙනවා ඔයා මේකේ කොටන ඒක පාක්ෂික ඒවා. ඔයා හදන්නේ මටත් ඔය බෙහෙත් නැති ලෙඩේ බෝ කරන්නද? ඒවා නම් ඉතිං ශුම්මා තමයි. කොහොමද ඔයා රටම හැරිලයි කියන්නේ? තාම මිනිසුන් ඡන්දෙ දුන්නේ නැහැ. මේ අය ඉන්නේ සුරංගනා ලෝකවල. ඉස්සර ඡන්දය දුන්නොත් මරණය. දැන් කොහොමද කෙරුවාව...? ජේවීපී හැම ඡන්දයකදීම ඔහොම තමයි උඩගියේ. ඒ වුණාට ප්‍රතිඵල ආවාම බැලුමේ හුළං ගියා වගේ. මිනිසුන් වැඩ පෙන්වන්න ඕනේ වාචාල කටවල් වලින් නෙමෙයි. ප්‍රායෝගිකවයි. ඔයාට මගේ තර්ක බිඳින්න බැරි වුණා. හොඳයි කියන්න බලන්න එදා ඉන්දියන් කබරගොයා අද තලගොයා නෙමෙයිද? එදා පලුයන්න බැනපු ධනවාදී රටවල් අද හොඳවෙලා නේද? ඇත්ත කියැවෙන කොට හරි විසයි. විවේචනය රුස්සන්නේ නැහැ. ඒ කාලේ කොහොමද විවේචනය කරා නම් තුවක්කුව කටට දාලා කොකා ගැස්සුවේ...? මේ රටේ මිනිසුන් මැරිලා ඉපදුනේ නැහැ. අපි කරන්නේ ජනතාවට සත්‍ය පෙන්වා දීම... ඒක අපේ යුතුකම... මේවා බලා මිනිසුන් ඇත්ත වටහා ගනීවි කියලා බයයි නේද?...