ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසර සඳහා සිය සැලසුම් ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) සිය ජනාධිධුරයේ දෙවැනි වසර අවසන් කළ අතර සඳුදා (9) තුන්වැනි වසර ආරම්භ කරයි.
- 0216

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මට නම් කියන්න කිසිම දෙයක් නැහැ (නි)
ඔය තීරණය කරපු ඇමතිවරු කීදෙනෙක් ඡන්දෙන් පාර්ලිමේන්තුවට පත්වුණ අයද? (නි)
කනකොට කබරගොයාත් තලගොයා වගේ පේනවා කියන්නේ මෙන්න මේවට තමයි. (නි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩක් නැත (එතුමා කලින් කියපු කතා ඇත්ත නම්) (නි)
මොවුන් ගෙනා අයට මඩු වලිගෙන් ගැසිය යුතුයි. රට බේරාගනිමු. (නි)
ලලිත් උපසිරි, තුන්කොන් සටනක් වුණේ කොහොමද? ගොඩක් දෙනෙක් අනාගත සිහින මවාගෙන ඉන්නේ. (නි)
ඇයි මෙතුමා කිවුවනේ නැවත ඉදිරිපත්වෙන්නෙ නැහැ කියලා? (නි)
මහ හොරු ටික අැල්ලුවොත් ඊට පස්සෙත් පුලුවන් (හේ)
කොච්චර හොඳද අපි හිතුවේ ආයේ ඉල්ලන්නේ නැතිවෙයි කියලා (හේ)
මම හොඳ නිදහස් පාක්ෂිකයෙක්. මෙතුමා ආවොත් මම යූඑන්පීයට දෙනවා (නි)
යකාගේ යහපලනයක්නේ බොලේ මේක? (හේ)
එතුමා ආයේ ජනාධිපති වෙන්නේ නැති වෙයි.(හේ)
ඇමති රැල්ලටයි අපේක්ෂකයටයි සේරටම ඇප වත් ඉතුරුකර ගන්න ලැබුනොත් තමයි පුදුමේ. (බ)
එහෙමනම් යුඑන්පී එකෙන් ඉල්ලන්න වේවි. අගමැතිතුමාත් පැනලා කැමති වේවි. අපි නම් නැවත ඔබතුමාට ඡන්දය දෙන්නේ නැහැ (ම)
මෙතුමා හිටපු වසර දෙකට කළ විදේශ සංචාර වලින් රටට ලැබුන ප්‍රතිලාභ මොනවාද ? (බ)
ලංකාවේ තවම එහෙම මිනිස්සු ඉන්නවාද ? (බ)
ඇයි ගිරිය යටින් බෙරිහන් දිදී කිවුවෙ අවුරැදු 5 ට වැඩිය එක දවසක් ඉන්නෑ කියල. මුන් රට කාල යන්නෙ (බ)
අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය සමරණ අද දිනය වනවිට එතුමාගේ සහෝදරයා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් මහ මගට ඇද දමා අදට දින 14 කි. දින 14 ක් ලෝටස් පාරේ දිවා රාත්‍රි අරගලයෙන් අඛණ්ඩව කාලය ගතකරන මෙම සේවකයින් පිළිබඳව එතුමාට පත්තරයෙන්වත් දැනගන්නට නොහැකි වන්නට ඇති (බ)
මහින්ද මහත්තයාගේ සහයෝගය ආශිර්වාදය ඔබතුමාට ඉක්මනින් ලැබේවි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එක්සේසත් වනු ඇත. (බ)
මම හිතන්නේ නිදහස් පක්ෂයේ ඇමති වරුන්ගේ ඡන්ද ටිකෙන් වෙන්න ඇති ඊළග පාර දිනන්න හිතන් ඉන්නේ , මොකද අපිත් නිදහස් පක්ෂයේ තමා, අපේ ඡන්ද නම් මෛත්‍රීට දෙන්නේ නෑ (බ)
ඡන්දේ දුන්නන උන්ට මුන් කොහෙන් හිනා වෙනවද දන්නේනෑ ,? (බ)
අයියෝ ඉන්න කොට තාර බබාට ගහල වගේ ඇලිල ඉන්න ආස ඇති (බ)
එහෙමනම්!මේ ප්‍රතිචාර දමපු අයගේ සිත් සතුටු වෙන්නටත් තව එකම එකපාරක් මහින්දට චාන්ස් එකක් දෙමුද? (බ)
විධායක ජනපතිකම ඉවත්කරනවා කියලා බලය ගත්තේ (බ)
අවුලක් නෑ තව දවස් 19යි නේ තියෙන්නේ එයාට (බ)
දුකයි අප්පා ලංකාවේ මිනිස්සු ගැන (බ)
මම හිතුවේ එජාපයේ අපේක්ෂකයා කියලා. මොකද නිදහස් පක්ෂේ ඉවර නිසා (බ)
මේවා අහල අපිට හිනා (බ)
ජනතාව රැවටුනාවත්ද?(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න හැදුවට ඒක මීට අවුරුදු දෙකකට කලින් දෙපාරක්ම ජනතාව විසින් පරාජය කළ බව දැනගන්න ඕනේ.. ජනමතයට ජනාධිපති හිස නමන්නේ නැතිව තවත් පාරක් ජනාධිපති වෙන්න යනවා කියන්නේ විනාසය තමයි.(හේ)
අපි ඊළඟ මැතිවරණයට වෙනත් මූණක් ගේමූ (හේ)
මොකටද ආයේ ඡන්ද තියන්නේ දිගටම ඉන්න පුලුවන්නේ (හේ)
විධායක ජනාධිපති බලතල ඕන කියන කෙනෙකුට මම වත් මගේ පවුලේ කවුරුවත් ඡන්දය දෙන්නේ නැති බව දැන්මම ප්‍රකාශ කරමි.ඒක තවදුරටත් ඕන කියන ශ්‍රී ලංකා දේශපාලුවන් සිටිනවා නම් ඔවුන් ජන සතුරන් ලෙස සැලකිය යුතුය! (බ)
ආයේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කිය කියා ඉඳල ඉල්ලන්නේ මහජනයාගේ බලවත් ඉල්ලීම අහක දාන්න බැරි හින්ඳ වෙන්න ඇති .(බ)
මම රට පාලනය කරන්නෙ පොලොන්නරුවෙ ඉදල,මම නැවත ජනාධිපතිවරණයකට තරග කරන්නෙ නැහැ. 2020 අනිවාර්යෙන් පරාදයි ඉල්ලන්න ජනපතිතුමෝ. (බ)
මේ මනුස්සයටත් ඡන්දෙ දෙන අය තවත් ඉන්නවාද?2020 පස්සේ යන්න රටක් හොයා ගන්න. (බ)
අදහස් දක්වපු කවුරුත් දැක්කද ජනාධිපතිතුමා එහෙම කතාවක් කිව්වා කියලා. නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුනේ කියලා තියෙන්නේ... (හේ)
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.(හේ)
මීළඟ ජනාධිපතිවරණය ඉතාම තීරනත්මකයි.හොඳ තරඟයක් තියෙනවා.එක තුන්කොන් සටනක් වේවි.(හේ)
එන්නකෝ අපි දෙන්නම් ඡන්දේ උඩින්ම දිනන්න .(හේ)
පිස්සු හැදෙයි මෙයා අන්ත පරාජයක් ලබනවා (බ)
හරි හරි කවුරු අාවත් එකයි .චන්දෙ කතා ඕනේ නැහැ. බදු මිල අඩු කරන්න (රේ)
සිරිසේන තුමා හා පක්ෂය දිනුවේ රටේ එක්තරා කොටසක් ගෙදරින් එලියට ඇවිත් රාජපක්ෂ බලය බිදින්න චන්දය පාවිච්චි කල නිසාය.(රේ)
ඊළඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. (රේ)
2020 වෙනකම් ඉන්න ඕනේ නැහැ.දැන් චන්දයක් තියල බලන්න.උඩින්ම දිනනවා.මොකද පොරොන්දු වුන විදිහටම මේ අවුරුදු දෙකේදී පොරොන්දු ඉස්ට කල නිසා.(රේ)
ඔය ඇන්දිල්ලම තමයි ඉස්සෙල්ල එක්කෙනාටත් කලේ එතුමත් සළු පිළි ගසන්නේ නැතුවම ඇඳගත්ත නිසා තමයි ඒ සන්තෑසිය උනේ.(රේ)
මමනම් හිතන්නෑ එතුමා ඔහොම තීරණයක් ගනීවි කියලා. (ර)