2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.
එම විසර්ජන පනත් කෙටුම්පත මේමස අවසානය වනවිට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජය සැලසුම් කර ඇති අතර, ඒසඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.
රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1 කි. එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන 1,977ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මගින් බලය ලබාගත යුතු අතර, ඒ සඳහා විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.
ඒ අනුව 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තුගත කර තිබේ.එමෙන්ම 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 06ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය වශයෙන් ලබාගත යුතුව තිබේ.
මෙම කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත්කර තිබේ. 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ප්‍රමාණයෙන් බාගයකට වඩා යනවා ඇතිනේ දියවන්නඔයේ ඉන්න අය ටික නඩත්තු කරන්න.
ඒ කියන්නේ වියදමෙන් 45% විතරම ණයට ගන්න වෙනවා නේද?
අනේ ඔව් අපේ රටේ ඇමතිලට වඩා පෙහොසත් සමාන්‍ය ජනයා මත බදු පටවා දියවන්නාවට කන්න දෙන්න ඒවගේම බදු පටවා අවශ්‍ය වියදමුත් හොයාගන්න පුළුවන්වෙයි. අයවැයෙන් කොහොමත් කරන්නේ ඕකනේ. අපිනම් දැං මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි මහන්සියෙන් හම්බකරනදේත් දියවන්නාවේ හොරුන්ගේ නඩත්තුවට බලහත්කාරයෙන් ගන්න එක ගැනයි අපිට දුක
මේ ආණ්ඩුව ආවෙ වියදම් අඩු කරනවා කියල. පසුගිය අවරුදු කිහිපයක අය වැයන්හි වියදම්, 2013 රුපියල් බිලියන 2458.5යි ...... 2014 දී රුපියල් බිලියන 2751 යි........ 2015දී රුපියල් බිලියන 3405 යි........ 2016 දී රුපියල් බිලියන 3220.4 යි........ 2017 දී රුපියල් බිලියන 3493.9 යි. 2017 දී රුපියල් බිලියන 3982.1 යි...වෙනස සැපයි