මෙම වසර ‘ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ’ වසර ලෙස නම් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (10) පස්වරුවේ ප්‍රකාශ කළහ.
“ඇදහිල්ල තිර කරන්න, වාස් මුනි අනුව යන්න” යන තේමාව යටතේ මේ වසරේදී කටයුතු සිදු කෙරෙන බව ද උන්වහන්සේ කීහ.
කොළඹ රදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙම කරුණු ප්‍රකාශ කළහ.
ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 14,15 සහ 16 යන දිනවලදී මෙරට සියලූම රදගුරු පදවිවල, ආසන දෙව් මැදුරුවල සහ සිද්ධස්ථානවලදී සිදු කෙරෙන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කතෝලික දහම ප්‍රචාරණය සදහා මහත් වෙහෙසක් දැරු මුනිවරයෙකි (ම)
කුඩා දරුවන් අන්ධයින් කොරුන් බිහිරන් ලෙස උපදින ආකාරය කිතුනු දහම අනුව පැහැදිලි කරන්නේ කොහොමද ? (ර)
දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි. අධික මහන්සියෙන් එතුමා විසින් කළ මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි (බ)
ඔබට මනුස්ස ජීවිතයක් ලැබී ඇත්තේ සසරින් එතෙර වීමට බව හොදින් වටහා ගන්න. ලැබී ඇති මෙම වාසනාවන්ත අවස්තාව ප්‍රයෝජයට ගෙන එම කාර්යය කරගන්න. ඔබ කරනා දෙය ඔබට ලැබෙන්නේය. දන් දීමෙන් ලැබේ. සාප කිරීමෙන් එයම ලැබේ. පෙරලීමට යාමෙන්, පෙරලේ. විශ්ව ධර්මතාවය මෙය පමණකි. (ර)
එහෙනම් ලංකාවට සුබදායක කාලයක් උදාවෙයි. අනේ දෙවියන් වහන්ස එක වතාවක් හෝ අප ඉදිරියට පැමිණිලා පෙනී සිටින්නකෝ. ඔබ වහන්සේ මැවූ ලෝකය, ගස් /ගල්/සතුන් /මිනිසුන් මේ කියවුන නොකියවුණ සැම දෙයක්ම අපවිත්‍ර ව ඇත. ඔබ වහන්සේ කළුද සුදුද කියලවත් බලා ගන්න වඩින්න.ඔබ වහන්සේ මැවූ ලෝකය රැක බලා ගන්න එක ඔබවහන්සේගේ ද වගකීමකි. (අ)
ලංකාව වෙනුවෙන් සේවය කරපු සාන්තුවරයකුට පිදෙන්නාවූ ස්තුතියක්. (අ)