යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත්, සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට සහජීවනයක් ගොඩනැගීමට නොහැකි බවත් විපක්ෂනායක ආර් සම්බන්දන් මහතා පැවසීය.
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් අද යාපනය දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් විපක්ෂනායකවරයා එසේ සඳහන් කළේය.
2017 වසර අවසන් වන්නට ප්‍රථම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දිය යුතු බව ද හෙතෙම තවදුරටත් කීවේය
දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන ආකාරයෙන් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකළ යුතු බවත් එතුළින් එම ජනතාවටද සම අයිතිය භුක්ති විදීමට හැකිවිය යුතු බවත් තම ඉල්ලීම් ඉටුකරමින් සත්‍ය අවබෝධ කරගැනීම තුළින් පමණක් මෙරට සංහිදියාවක් සහජීවනයක් ඇති වනු ඇති බවත් සම්බන්දන් මහතා සදහන් කළේය.
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්, විදේශ ඇමැති මංගල සමරවීර, ඇමැති රිෂාඩ් බදුර්දීන් සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ඔය කටට්ටිය එක්ක එක්කෝ තමිල්නාඩුවට යන්න.. එහේ රජවරුන්ට වගේ සලකයිනේ. ඒකනේ එහේටම කේලම් කියන්නේ... නැත්තං නෝර්වේ වලටම යන්න. අපිට නං ඔය ත්රස්තාවාදීන්එපා අපේ රටට...(බ)
විපක්ෂ නායකකම ලැබිලා තියෙන්නේ සම අයිතිය නැති නිසා වෙන්න ඇති. දෙමළ අයට හැර වෙනත් ශ්‍රි ලාංකිකයෙකුට උතුරෙන් ඉඩමක් මිලදීගන්න බැරි සම අයිතියට ඔබ ගරුකරන නිසා වෙන්න ඇති. (නි)
ඒ වගේම ප්‍රේමදාස යුගයේ සාම කතාවල ප්‍රතිඵලයක් ලෙස යටත් වූ පසු අතුරුදහන්වුණු 600 කට වඩා පොලිස් නිලදරුවන් ගැනත් සාධාරණයක් වෙන්න ඕනෑ නේද සම්බන්දන් සර්...?? (නි)
කරන හොඳ පස්සෙන් එළවනවා කියන්නේ මේවට තමයි. ඔය විදිහට දෙමළ නායකයින් කතාකරනවා නම්, අපිටද කිසිම සහජීවනයක් අවශ්‍ය නැහැ. (නි)
මේ අය තමයි ජාතික සමගිය නැති කරන්නේ. ආයේ මොනවාහරි ඕනෑවෙලා වගෙයි මේ දඟලන්නේ. (නි)
විජයකලාත් එතන ඉන්නවා. නමුත් පුදුමයි, එයාට කොටින්ගේ කාන්තා බලකායට එක්වී ප්රභාකරන් වෙනුවෙන් සටන්කරන්න බැරිවුණ එක. (නි)
අද අසාධාරනයක් සිදුවී ඇත්තේ සිංහලයාටද, නැත්නම් දෙමළ බස කතා කරන්නවුන්ටද? තනිකරම දෙමළ ගම්මාන සහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ ඇත. මුස්ලිම් සම්බන්ධයෙන්ද එසේමය. නමුත් තනිකරම සිංහල ගම්මාන සහ ප්‍රාදේශිය බල සභා ප්‍රදේශ නැත. සහජීවන සිංහල ද්‍රෝහියන්ට මේවා පෙනෙන්නේ නැත. සිංහලයා මේවා අසාගෙන සිටින්නේ දේශපාලන බලපෙරේතකම නිසා නොවේද? සිංහලයට විනකරන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
ඔය එරාවුර් පැත්තේ ඉන්න සිංහල මිනිසුන්ට විදුලියවත් ලබාදෙන්න. ඒ මිනිස්සුන්ට විදුලියවත් නැහැ. උතුරේ ඉඩම් දෙමළුන්ට විතරයි කියන නීතිය ගැන සම්බන්දන් දන්නවද දන්නේ නැහැ (නි)
ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරි කෙටිකාලය තුල ජීවත්වෙන්න. දමිළ ජනතාවගේ හිත දුෂ්‍ය කරන්න එපා (නි)
මොකද මෙච්චරටම හදිස්සි? (නි)
බයවෙන්න එපා. ඔබේ ඉල්ලීම යථා කාලයේදී ඉටුවෙයි. යහපාලනය නොපැකිළව ඊට සැදීපැහැදී සිටිනු ඇති. (නි)
සම්බන්දන් මහත්තයා, දුටුගැමුණු රජුගේ කාලේ ඉඳලා සුද්දගේ කාලය දක්වා නොලැබුන දෙයක් මේගොල්ලෝ කොහොමද එක අවුරුද්දෙන් දෙන්නේ? ටිකක් ඉවසන්න. ඉඩම් බලතල, පොලිස් බලතල, රටේ කෑල්ලක් ඉල්ලන්නේ නැතුව වෙන ඉල්ලන දෙයක් ඉල්ලන්න. (නි)
දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන අයුරින් මුළු ලංකාව පුරාම ඔවුන්ට පදිංචි වෙන්න තමයි ඕනෑකම. මේ නායකයෝ කියන අය අසරණ සාමාන්‍ය ජනතාව බිල්ලට දෙන්න හදන එක වැරදියි. නැති ප්‍රශ්න ඇති කරලා ජිවිත විනාශ කරන්න එපා. හැබැයි එකක් මතක තබාගත යුතුයි. සටනට එන අය ගැනත් බලාගන්න සුදානම් වෙන්න ඕනැ. මේ ඉල්ලීමේ සාධාරණකම කුමක්ද? ඔවුන්ට මුළු ලංකාව පුරාම පදිංචිවෙන්න අයිතියත්, වෙනම ඉන්න තව කොටසකුත් දෙන්න ඕනෑ. මේක කොහේ තියන නීතියක්ද දන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ 2018 දී අපිට සුදානම් වෙන්න කියලනේ. හොඳයි ඉතින්. කල් දීම ගැන ස්තුතියි. දැන් ඉතින් අපේ අයගේ ප්‍රතිචාරය කුමක්ද කියා බලමු. (නි)
එහෙනම් අපි එහෙම කරන්නම්කෝ! (නි)
බහුතර සිංහල ඡන්ද නොසළකා හැරීමේ සමීකරණය නොහොත් සංහිඳියාව හරිහැටි ක්‍රියාත්මක වෙන්න ඉක්මනට ඕක දීලා දාන්න. (නි)
ජනහිත, ඔබේ අදහස හරි. අපේ නගරයේ 1958 දී බිහිසුණු සිද්ධීන් වුණා. නැවත අපේ නගරයට පැමිණි දෙමළ ව්‍යාපාරිකයන්, "දැන් එදා දේ සිදුවන්නේ නැහැ. අහවල් ප්‍රදේශයේ ඉන්නේ අපිට දාව උපන් අයයි“ පවසමින් සිංහල ගැහැණුන් වෙසගනන් බවට පත්කරමින් උදම් ඇනුවා. එහි ප්‍රතිපලය වුණේ 83-87 කාලයේදී මුළු නගරයෙන්ම දෙමළ ව්‍යාපාරිකයන් පන්නා දැමීම. මේගොල්ලෝ හදන්නේ නැවතත් එයම කරගන්නද. අපි දේශපාලන බලපෙරේතයන් නොවේ. (නි)
මෙයාලා ඕනෑ ඕනෑ දේ කියවන්නේ අපේ අයගේ දුර්වලකම නිසා. කලින් වගේ කියන්න ඕනෑ දේ කියන කෙනෙක් නැහැනේ දැන් අපිට. (නි)
මේ වෙලාවට තමා ඇඟේ මාලු ගඟේ නටන්නේ. (නි)
දෙමළ සහෝදර ජනතාවට ජයවේවා ! ස්වයං පාලනය ලැබේවා (බ)