2016 වසරත් අවසන් වීමට ඇත්තේ තව දින කිහිපයකි. චිත්‍රපට ලෝකයේ සහ කලා ලෝකයේ සිදු වී ඇති විශේෂ සිදුවීම් පිළිබඳ නැවත මතක් කර දීමක් සඳහා අප සූදානම් වුණෙමු.

 

2016-12-23-ent-05

ජනවාරි

  • ටයිටැනික් චිත්‍රපට තේමා ගීතය ගායනා කෙරූ ගායිකා සෙලින් ඩියෝනගේ ආදර සැමියා පිළිකා රෝගයෙන් මෙලොවින් සමුගෙන ගැනීම.

 

 

2016-12-23-ent-06

පෙබරවාරි

  • ශාරුක් ඛාන් විසින් සිය අධ්‍යාපන කටුයුතු අවසන් කර විශ්ව විද්‍යාල උපාධිය ලබාගෙන තිබෙනවා.

 

2016-12-23-ent-07

මාර්තු

  • 1993 වසරේ මුම්බායිහි සිදුවූ බෝම්බ පිපිරීම හේතුවෙන් සිරදඬුවම් විඳි සංජේ දත් නිදහස් විය.
  • 88 වෙනි ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් දිනාගන්නා ලදී.
  • ගායිකා ජෙනිෆර් ලෝපේස්ගේ ප්‍රසංගයන්වලදී තම පසුපස පෙදෙසට යම් හානියක් සිදුවේ යැයි සිතා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක රක්ෂණාවරණයක් දැමීම.

 

2016-12-23-ent-08

අප්‍රේල්

  • ජනප්‍රිය බොලිවුඩ් නිළි උර්මිලා මතෝද්කර් හොර රහසේම විවාහ විය.
  • ගායක කැල්වින් හැරිස් සහ ටේලර් ස්විෆ්ට්ගේ පෙම් සබඳතාවයට අවුරුද්දක් පිරීම ඔවුන් එය සැමරීම.
  • දමිළ සිනමා නළු සායි ප්‍රසාද් සියදිවි හානිකර ගෙන තිබේ.

 

2016-12-23-ent-09

මැයි

  • කිම් කාර්ඩිෂන් විසින් දෙවැනි පුතාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කිරීම.
  • බොලිවුඩ් නිළි බිපාෂා බාසු සහ කරන් සිං ගෝවර් විවාහය පැවැත්විය.
  • බොලිවුඩ් ප්‍රියංකාට චොප්රාට ඔබාමා සමග දහවල් භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබීම.
  • විජේගේ "තේරී" චිත්‍රපටය තාවකාලිකව චිත්‍රපට ප්‍රදර්ශනය තාවකාලිකව නතර කර දැමීමය.
  • ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ප්‍රියංකා චොප්රා පැමිණීම.

 

2016-12-23-ent-10

ජුනි

  • සූර්යයා රංගනයෙන් දායක වූ "24"  චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වී දිනකට ආදායම් කෝටි 20ක් සෙවීය.
  • දමිළ රංගන ශිල්පියෙකු වන කමල් හසන් සහ තම දියණිය වන ශ්‍රැති හසන් එකට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කිරීම.
  • කොලිවුඩ් නිළියක වන ජෙනේලියා ඩී සූසා සහ බොලිවුඩ් නළු රිතේෂ් දේශ්මුක්ත්ගේ දෙවැනි දරුවාට නම තැබීම සිදුකරයි.
  • බීබර්ගේ රසිකයෙකු විසින් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිදුවූ බහින් බස් වීමෙදී ඔහු විසින් පහරක් එල්ල කරනු ලබයි.

 

2016-12-23-ent-11

ජූලි

  • 17වැනි අයිෆා සම්මාන රාත්‍රියේදී හොඳම නිළිය ලෙස දීපිකා පදුකෝන්ද, හොඳම නළුවා ලෙස රන්වීර් සිංද සම්මානයෙන් පිදුම් ලැබීම.
  • "ද මමී" චිත්‍රපට මාලාවේ "මමී ෆැන්චිස්" චරිතයට පණ පෙවූ ඊශ්‍රායල් නළු ආරොන් ඉපෙල් මෙලොවින් සමුගත්තාය.
  • දිව්‍යන්කා ත්‍රිපාති (ඉෂිතා) සහ විවේක් ධාහියාගේ විවාහය සිදුවිය.
  • රජිනි කාන්ත් රංගනයෙන් "කබාලි" චිත්‍රපටය එළිදැක්වීම.

 

2016-12-23-ent-12

අගෝස්තු

  • වින් ඩීසල්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවූ බැවින් ෆේස්බුක් අධිපති වන මාර්ක් සකර්බර්ග් සුබ පැතුම් එක් කරනු ලබයි.
  • "ස්ටාර් වෝර්ස්" චිත්‍රපටයේ රොබෝ චරිතයට පණ පෙවූ කෙනී බේකර් මෙලොවින් සමුගැනීම.

 

2016-12-23-ent-13

සැප්තැම්බර්

  • හොලිවුඩ් නළු විල්ස්මිත්, බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිවසට සාදයක් සඳහා පැමිණීම.
  • ජනප්‍රිය ප්‍රවීණ නළු රිෂී කපූර් ඔහුගේ 64 වැනි උපන්දිනය සමරනු ලැබීය.
  • 38 වැනි එමි සම්මාන රාත්‍රියේදී හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය "Game Of Thrones" කතාමාලාවට හිමිවිය.
  • නළු බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලී ඔවුන් දෙදෙනාගේ දික්කසාද වීම පිළිබඳව මාධ්‍ය සඳහා පැවසීම.

 

2016-12-23-ent-14

ඔක්තෝම්බර්

  • සූර්යාගේ "සිංගම් 3" චිත්‍රපටය එළිදැක්වීය.
  • හොලිවුඩ් සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ව පැරීසියේ හෝටලයක් තුළදී මංකොල්ලකා කෑම.
  • ඩයිවර්ජන් වැනි චිත්‍රපටවලින් රසික ජනාදරයට පත් ශයිලෙනි වූඩ්ලි උතුරු දකෝටා ප්‍රදේශයේදීය අත්අඩංගුවට පත්ව තිබේ.

 

2016-12-23-ent-15

නොවැම්බර්

  • ‘මිස්ටර් බීන්’ගේ රංගනයෙන් විශ්‍රම ගැනීමට රෝවන් ඇට්කින්සන් තීරණය කිරීම පිළිබඳව පැවසීම.
  • 2016 වසරේදී වැඩිම ආදායමක් හිමිකර ගත් ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ටව පත්ව තිබේ.
  • කැනේඩියානු රැප් ගායකයෙකු වන ඩ්‍රේක් විසින් පසුගියදා පළමු ඇමෙරිකානු සංගීත සම්මානය හිමිකර ගන්නා ලදී.

 

2016-12-23-ent-16

දෙසැම්බර්

  • කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන ගායක කාන්යේ වෙස්ට් රෝහල් ගත කිරීම.
  • "Fast Furious" චිත්‍රපටයේ අටවැන්න "The Fate of the Furious" චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැක්වනු ලැබීය.