සන්ධාන රජය සමයේ 2005 වසරේ ජනපතිවරණයේදී උතුරේ ඡන්ද නැවැත්වීමට අල්ලස් ලබාදුන් බවත් විවිධ නීති විරෝධී කටයුතු සිදුකළ බවත් ‘හෙළිදරව්ව‘ විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
මෙවර මහ මැතිවරණයේදීද එවැනි තත්ත්වයක් දක්නට ඇතැයිද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ අපි සැවොම මහින්ද නාමයට ගරු කරන්න ඕනා. අපි නය ගැතියි එතුමාට. වැරදි තිබුන තමයි නමුත් අද අපි පාරේ බැහැල බය නැතුව යන්නේ මහින්දට, ගෝටාබයට සහ ෆොන්සේකාට පින්සිද්ද වෙන්න. සත්‍ය පිළිගනිමු. (නදී)
දැන්වත් ඔය බොරු ප්‍රචාර නතර කරන්න. ඕවා විශ්වාස කරන්න අය දැන් නැහැ. අර කොටියා ආවෝ කියන කතාන්දරය මතක ඇතිනේ. දැන් ඇත්තක් කිවුවත් පිළිගන්න කෙනෙක් නැහැ. එච්චරට බොරු වපුරනවා. යුඇන්පී අයට යන එන මං නැහැ දැන්. දින 100 ට ගහපු ගැහිලි ටික කොහොමද? අවුරුදු 5 ක් දුන්නොත් කොහොමට තියෙයිද? (නි)
දැන් ඕවට මිනිස්සු අහුවෙන කාලේ ඉවරයි (නි)
පරදින එකට දැන්මම කතාවක් හදලා තියාගන්න එක හොඳයි. ඒක නෙමෙයි, ඇයි 2010, 2015 ඥන්ද ගැන මුකුත් කියන්නේ නැද්ද? ඇයි පොදු අපේක්ෂකයෝ හෙව්වේ? දිනන බව ෂුවර් නම් ලොක්කා දාන්න තිබුණනේ ඉස්සරහට. (නි)
අනේ මන්ද මෙයාල විකාර කියවනවද කොහෙද. කාගේ ආණ්ඩුවද දැන් තියෙන්නේ කාගේ ජනාධිපතිද දැන් ඉන්නේ . ඔලුව වැදිලද කොහෙද කොහේ හරි (බ)
නවතම ටෙලිනාට්‍ය හෙළිදරව්ව.ඇයි ඔය විහිළුව පාර්ලිමේන්තු බලය තියෙන කාලේ ඔප්පු කරේ නැත්තේ? (බ)
අද ළිදක්, ළිදක් ගානේ මාධ්‍ය සාකච්ඡා. හරියට ලිඳ ලඟ සංගමේ වගෙයි. මෙයාලට කරන්න දෙයක්වත්, කියන්න දෙයක් වත් නැහැ. කොහෙන් හරි බොරුවක් ගොතාගෙන ඇවිත් කියවනවා. මේවා බලන අපි පුන්නක්කුයි තනකොලයි නොමෙයි කන්නේ කියල මතක තියාගත්තොත් හොඳයි. (නදී)
මෙහෙමත් ටොම් පචයෝ. ඔක්කොම දැනන් හිටියනම් නඩු දාන්න තිබුනනේ. ඡන්ද ලංවෙද්දි මෙහෙම හලන ටොම් පච වලට එක පාරක් අහුවෙලා ලංකාවේ මිනිස්සු දැන් තේරුම් අරන් ඉන්නේ. ටොම් පචයින්ට උත්තර දෙවි මිනිස්සුන්ඡන්දෙදි. (අ)
කොටියට සල්ලි දීල ගත්තේ ඡන්ද නෙවේ අපේ ජිවිතයි , එජාපය මේ වෙනකොට සිටියානම් අද සිංහලය වහල්ලු වෙලා රටේ රජු ප්‍රභාකරන් (බ)
කතා ඇති කෝ වැඩ (නදී)
අල්ලස් ගත් අයටත් දුන්න අයටත් නිසි දඩුවම් ලැබී ඇත (බ)
නිකන් බොරු ගහන්න එපා (බ)
දැම්මම බයවෙලා වගේ පරදිනවට (අ)
ඒ වගේ බරපතල ප්‍රකාශයක් කියන්න තරම් සාක්කි තියෙනවාද?(හේ)
අනේ පව්. හොඳටම බයවෙලා වගේ. බයවෙන්න එපා ළමයෝ.(හේ)
මේ කියන විදියට දින 100 ඇතුලත අපේ රට ඉස්සරහට ගිහින් වගේ නේද?(හේ)
මැදවච්ච්චි ගිහින්ද කොහෙද පටළවාගෙන වගෙයි (නි)
අල්ලස් ගත්ත එකා වල ඇතුලේ. අල්ලස් දුන්න එකා වල කටේ. ,දිට්ට දම්ම වේදනීය කර්මේ (නදී)
දැන් ඉන්න කොල්ලන් ගොනාට අන්දන්න ලේසි නෑ. (නදී)
ඔබලාට නැති බලයක් අල්ලසට ගෙන දැන් මොනවාද මේ කියවන්නේ. බොරුව හැමදා කරන්න බැරි බව දැන ගන්න.(නදී)
රට පාවාදෙන ගිවිසුම් ගැන දැන් අමතකද? අනේ මේ වගේ කට්ටියක්? (නි)
මෙච්චර කාලයක් නිදාගෙන හිටියද? කුමාරයෙක් ඇවිල්ලා නින්දෙන් ඇහැරවන්න හැදුවද? මේ පාර මඩ ගැහිලි වලට රැවටෙන්නේ නැහැ ජනතාව (නි)
එතකොට මහින්ද අල්ලස් දිදී ඉන්නකොට කවුද යුද්ධ කරලා දිනුවේ?ඔයා නම් ලස්සනට කතාකරනවා. අනේ පව් අනේ ඔයා! (නි)
මහින්ද මැතිතුමා රටට කර තිබෙන සේවයට වඩා ඔහෙලට කරන්න පුළුවන් මොනවද කියලා ඉදිරිපත් කරන්න. රටේ කිසිම සංවර්ධනයක් නොකරම, කෙටිම කාලෙකින් ලංකාවේ ලොකුම හොරකම කර වාර්තාවක් නම් තියලා තිබෙනවා (නි)
අනේ පව්! දැනටම හොඳටම බයවෙලා. හැමදා බොරුවෙන් මඩෙන් මිනිස්සු රවටන්න බැහැ මහත්තයෝ ... (නි)
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි රටට! යූ.එන්.පී.ය පැරදුනේ නැත්නම් 2005දි රට කැඩිලා ඉවරයි (නි)
අල්ලස් දීල දින ගත්ත ජන්දේ ප්‍රතිපල තමයි 30 වසරක යුද්දයේ අවසානය. ජාති,කුල,ආගම් බේදයකින් තොරව මේ රටේ සෑම පුරවැසියෙක්ම එයින් පීඩා වින්දා. එය ඔබලා විසින්ම පුලපුලා කියන එක ගැන සතුටුයි. එහි සැඟවුන අර්ථය "මේ රටේ සෑම පුරවැසියෙක්ම මහින්දට නයයි." (නදී)