20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරියාකාරව කළ නොහැකි නම් පාර්ලිමේන්තුව නොපමාව විසුරුවා හැරිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සුළු පක්ෂ කිහිපයක් නායකයන් හමුවූ අවස්ථාවකදී ප්‍රකාශ කළහ.
‘20 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවෙන් හරියාකාරව කරගත නොහැකි නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් එම සංශෝධනය සම්මත කර ගත යුතුයි. 20 වැනි සංශෝධනයට සුළු ජාතීන්ගේ, සුළු පක්ෂවල අදහස්ද සැලකිල්ලට ගැනීම වැදගත්. විස්ස ගැන දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය වෙනුවට සුළු පක්ෂවලද අදහස් ඇතුළත් කර හැදූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා. විවිධ පුද්ගලයන්ගේ කකුල් මාට්ටු නිසා 19 වැනි සංශෝධනය හරියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. 20 වැනි සංශෝධනයටද එවැනි ඉරණමක් අත්වීම වැලැක්විය යුතුයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද හාමුදුරුවනේ මේ වැඩ, ඔබ වහන්සේලා කරපු අපරාදයක තරම දැන්වත් වැටහුණද? (නදී)
ලාල් දැන් සවුසිරියෙන් ඉතිරිලානේ නේද ?(ම)
20 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවෙන් හරියාකාරව කරගත නොහැකි නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් එම සංශෝධනය සම්මත කර ගත යුතුයි. මමත් ඒ මතයම දරමි (නදී)
අනේ හාමුදුරුවනේ එක්කෝ ඔබවහන්සේ ඔය සිවුර ගලවා දේශපාලනයේ යෙදෙන්න. නැත්නම් ධර්මය රකිමින් ජනතාවට ධර්ම දානය දෙන්න. කොයි පැත්තේ වුනත් අපිටනම් දැන් දේශපාලනයේ යෙදෙන හාමුදුරුවරුන් තිත්ත වෙලා තියෙන්නේ (බ)
මොනවා.! 20 සම්මත කරවන්න ජනතාව අරගෙන පාරට බහිනවා කිවුව අපේ හාමුදුරුවෝ ඒ පාර වෙන කතාවක් කියන්නේ මොකද බොලේ.? ඇයි ජනතාව එකතු කර ගන්න බැරි වුනාද.? (බ)
තමන් නිසා රට විනාශ වුනා පන්සල ගැලපෙන්න ඔබට !(හේ)
ලක්මාල්ගේ කතාව හරියටම හරි.(හේ)
හාමුදුරුවනේ 19 සම්මත වුනා කියලා රටට මිනිසුන්ට මොනවද දැනුනේ කිසිමදෙයක් වෙලා නැහැ (හේ)
ගරු මාදුලුවාවේ සෝභිත නායක හාමුදුරුවන් වැනි කෙනෙක් නොහිටින්න,රට අඳුරු අගාධයකට වැටී අවසන් ඔබ වහන්සේලා නිසා එවැනි අපරාදයක් සිදුනොවිම රටේ භහ්‍යගයක්. සියලුම ලාංකිකයන් ඔබ වහන්සේට ණයගැතියි. (බ)
හාමුදුරුවනේ තැටිය රත් කරලා රොටි හදල දීපු එකේ පව් තමා (නදී)
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙන් පන්සලට වෙලා බණක් අහන්න ආසයි (බ)
අපේ හාමුදුරුවනේ ඔබ තුමන්ලා තැටිය රත්කරල ලංකාවම එ්ක උඩ තිබ්බ . දැන් ටික ටික අපිටත් රස්නේ දැනෙනවා . දැන් අපිට පනින්න වෙලා තියෙන්නේ හොඳට රත්වුණු තැටිය උඩට . ඊට පස්සේ කබලෙන් ලිපට . දැන් ඉතින් ඔබ තුමන් ලා ලවා කොස් ඇට බාගත්ත , දැන් ඔබතුමන්ලා කියන දේ අහන්න කාටවත් උවමනාවක් නැහැ (බ)
ඇයි හාමුදුරුවනේ මේ වගේ අපරාද මේ රටට කරන්නේ. පන්සලට වෙලා බණක් දහමක් කරගෙන හිටියම කොතරම් හොඳද ? (නදී)
මහින්ද පරද්දන්න ඔබ වහන්සේලාට පුළුවන් වුනා. ඉතිරි හොරු ටිකත් පරද්දල රට ගොඩගන්න උදව් කරන්න. (බ)
මම 100 ට 100 ක්ම අපේ හාමුදුරුවොත් සමග එකගයි. මෛත්‍රී මහත්තයෝ අදම පාර්ලිමේන්තුව විසුරුවන්ඩ. අපිට ඔබ තුමාගේ තීරණය පමා ඇයි කියන එක පුදුමයි. (බ)
ඇත්තටම රටට ලොකු විනාශයක් කරන්න උදව් කළා. (බ)
අපේ හාමුදුරුවනේ අපි හදවතට එකගව කතා කරමු. ඔබ වහන්සේලාට වැරදුනා.දැන් ඒ දේ තේරුම් අරගෙන .කරුණාකරලා එම වැරැද්ද නිවැරදි කරගන්න අපිත් සමග එකතුවෙන්න. (බ)
මේ අර රොටි හදන්න තැටිය රත් කරපු හාමුදුරුවෝද ? දැන් රොටිය කර වෙලාද ? සාධාරණ සමාජයේ වැඩ මේ දේවල් නෙමෙයි (ම)
හාමුදුරුවනේ ඔබ වහන්සේ හමුවූ ඔය කියන සුළු පක්ෂ නායකයින් ජාතිවාදී, ආගම්වාදීන්. ඔය කණ්ඩායම් වල මෝඩ වැඩ නිසා තමයි රටේ ජාතිවාදයක් ඇති වෙන්නේ. මෙයාලා අහිංසක දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන්ව රවට්ටන ගමන් ආගම්වාදයක් ඇති කරන්න හදනවා. (බ)
ඔබවහන්සේ නිසා රට ඒකාධිපතියෙක්ගෙන් මිදුනා ඒ පිනම ඇති ඔබවහන්සේට නිවන් දකින්න. කොහොම නමුත්, කලයුතු වැඩ ගොඩක් ඉදිරියට තියෙනවා ඒ ටික කරන්න ඔබ වහන්සේට පුළුවන් කියලා අපි හොදටම දන්නවා. (නදී)
20 සම්මත කරවන්න ජනතාව අරගෙන පාරට බහිනවා කියල දැන් හාමුදුරුවෝ ඒ පාර වෙන කතාවක් කියන්නේ මොකද .? ඇයි ජනතාවට සාධාරණ සමාජය හරිද? 20 නැතිව ඉක්මනට විසුරුවන්න කියන්නේ. අාර්ථිකය අගාධයට වැටිලා . එකතු කර ගන්න බැරි වුනාද.? (බ)
20 වැනි සංශෝධනය අනුමත නොකර ආණ්ඩුව විසුරුවල හරියනවද ?සේරම විසදේවි නේද?සාධාරන සමාජයේ වැඩ දේශපාලුවන්ට කඩේ යන එකද ? ස්ථාවර අාර්ථිකයක් ඇතිවී තිබුණු රට , අද අනාත වෙලා ,සාදාරන සමාජ අනුසාසන වල පල නේද? (බ)
හාමුදුරුවනේ අපි ඔබවහන්සේ සමග ගියා.නමුත් දැන් වැටහෙනවා අපිව අන්දපු බව. අරමුණ දැන් අපිට පැහැදිලියි, අවශ්‍යතාවය මහින්දව පන්නල රනිල්ව ගෙන ඒම මිසක් සාධාරන සමාජයක් හෝ මෛත්‍රී පාලනයක් නොවෙයි. (බ)
ගරු මාදුලුවාවේ නායක හාමුදුරුවන්ගේ අදහස හොඳයි. ඉක්මනින් පාර්ලිමෙන්තුව විසුරුවා හැර අලුත් පාර්ලිමේන්තුවෙන් වැඩ ටික කර ගනිමු. ජනතාවාදී නොවන වැඩක් නැති මන්ත්‍රීවරුන් මෙදා ගෙදර අරිමු. කකුල් මාට්ටු කාරයෝ එලවමු. (නදී)