සුළු හා සුළු ජාතික පක්ෂවල විරෝධය නොතකා ප්‍රධාන පක්ෂ දෙකෙහි සහය ලබාගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළහොත් එය නැවතත් රටේ බෙදීමකට හේතුවිය හැකි බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කළ සුළු ජාතික පක්ෂවල මතයට ගරු නොකර ව්‍යවස්ථාව සංශෝධනය කීරිම සදාචාරාත්මක නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කරගත්තත් එය ඉදිරි මහ මැතිවරණයේ දී යොදා ගැනිමට නොහැකි වනු ඇතැයි කි අමාත්‍ය නවීන් දිසානායක මහතා නව මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණයක් පැවැත්වීමට හැකිවන්නේ 2019 දී හෝ 2020 දි බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල 2015-06-25 12:12:39 මම නම් නෙමෙයි. (නි)
අපි නම් මේවට නැහැ මහත්තයෝ... (නි)
ඇත්තටම එහෙම වෙනවද? (නි)
ඔක්කොම නළවන්න බැහැ.බහුතරයට ඉඩදිය යුතුයි (නි)
20ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි (නි)
සුළු පක්ෂ තහනම් කළ යුතුයි (නදී)
සුළු සුළු කීවට රටට කරන හානිය සුළු නැහැ එම නිසා මේ ගැන සිතීම අනවශ්‍යයි (ම)
ඔය කියන සුළු පක්ෂ තමයි ජාතිවාදය අවුස්සගෙන කන්න බලන්නේ. ඒවාට මොකක් වුනත් කමක් නෑ. ඒවා ඡන්ද පදනම හදාගන්නේ ජාතිවාදයෙන්. උනුයි රට බෙදන්න හදන්නේ. වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලන්නේ උන්. 20 අනිවාර්යෙන් සම්මත කල යුතුයි.(නදී)
සියල්ලන් මේ කරන්නේ රංගනයක්. සුළු පක්ෂ විශේෂයෙන් ජාතිය මත ආගම් මත පදනම්ව බිහිවූ සුළු පක්ෂ මේ ක්‍රමයට කවදාවත් කැමැත්ත දෙන්නේ නැහැ. ඔවුන්ගේ අකමැත්තෙන් මේක කරන්න ලැබෙන්නෙත් නැහැ. මේ මනාප ක්‍රමයෙන්ම ආසනයකට වගකියන මන්ත්‍රී කෙනෙක් බිහිවන ආකාරයට සකස් කරන්න බැරි කමක් නැහැ මට හිතෙන විදියට..අනෙක මේ තියෙන ක්‍රමය වරදකුත් නැහැ..(නදී)
රට කරන්න පුළුවන් නියම මනුස්සයෙක්. මේ වගේ මිනිස්සු 10 ක් හිටියනම් රට හොද තැනකට ගෙනියන්න පුළුවන්. (ර)
තවත් බෙදීමක් නම් ඉතින් කරන්න බැහැනේ නේද? (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ. ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට කරගන්නකෝ (නි)
රටක් කරවන්න සල්ලි තිබුන පළියට, ඉගෙනගත්ත පළියටම බැහැ. නායකත්වය කියන්නේ වෙන දෙයක්.මෙතන තියෙන්නේ කඹ ඇදිල්ලක්. (නි)
මුළු රටම නියෝජනය නොකරන පක්ෂ තහනම් කරන්න ඕන.එතකොට ඔවුන්ට පුළුවන් ප්‍රධාන පක්ෂ නියෝජනයෙන් රටටම වැඩ කරලා ලොකු පුටුවට යන්න.ඇමෙරිකා ජනපති වගේ,ඉන්දියාවේ හිටපු අගමැති වගේ.(අ)
මුන්ට පිස්සුද නැත්නම් අපිට පිස්සුද? (අ)
මෙයාලට කියන්න දෙයක් නැතිව මොනවා හරි කියනවා. අපේ රට කනවා! (අ)
20 සම්මත වනොත් රජුන් තනන්නෝ යි කියාගන්න පක්ෂ වලට යන එන මන් නැති වේවි එහෙම තමයි වෙන්නත් ඕන ඔය පොඩි පොඩි පක්ෂ නිසා කවදාහරි ලංකාවේ ජනාදි පති සිංහල නොවන බෞද්ධ නොවන කෙනෙක් වේවි! (අ)
මම නම් කියන්නේ අපි 20 සම්මත කළයුතුයි (නි)