සුළු හා සුළු ජාතික පක්ෂවල විරෝධය නොතකා ප්‍රධාන පක්ෂ දෙකෙහි සහය ලබාගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළහොත් එය නැවතත් රටේ බෙදීමකට හේතුවිය හැකි බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කළ සුළු ජාතික පක්ෂවල මතයට ගරු නොකර ව්‍යවස්ථාව සංශෝධනය කීරිම සදාචාරාත්මක නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කරගත්තත් එය ඉදිරි මහ මැතිවරණයේ දී යොදා ගැනිමට නොහැකි වනු ඇතැයි කි අමාත්‍ය නවීන් දිසානායක මහතා නව මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණයක් පැවැත්වීමට හැකිවන්නේ 2019 දී හෝ 2020 දි බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
927
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘20 සම්මත කළොත් තවත් බෙදීමක්‘
පිවිතුරු යහපාල Friday, 26 June 2015 12:52 AM
පිවිතුරු යහපාල 2015-06-25 12:12:39 මම නම් නෙමෙයි. (නි)
බටුගෙදර Friday, 26 June 2015 01:01 AM
අපි නම් මේවට නැහැ මහත්තයෝ... (නි)
අමල් Friday, 26 June 2015 01:07 AM
ඇත්තටම එහෙම වෙනවද? (නි)
රකිත් Friday, 26 June 2015 02:36 AM
ඔක්කොම නළවන්න බැහැ.බහුතරයට ඉඩදිය යුතුයි (නි)
අමර Thursday, 25 June 2015 11:46 AM
20ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි (නි)
පිවිතුරු යහපාල Thursday, 25 June 2015 12:12 PM
සුළු පක්ෂ තහනම් කළ යුතුයි (නදී)
බණ්ඩාර Friday, 26 June 2015 03:41 AM
සුළු සුළු කීවට රටට කරන හානිය සුළු නැහැ එම නිසා මේ ගැන සිතීම අනවශ්‍යයි (ම)
තිලකසිරි Friday, 26 June 2015 03:53 AM
ඔය කියන සුළු පක්ෂ තමයි ජාතිවාදය අවුස්සගෙන කන්න බලන්නේ. ඒවාට මොකක් වුනත් කමක් නෑ. ඒවා ඡන්ද පදනම හදාගන්නේ ජාතිවාදයෙන්. උනුයි රට බෙදන්න හදන්නේ. වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලන්නේ උන්. 20 අනිවාර්යෙන් සම්මත කල යුතුයි.(නදී)
පිවිතුරු යහපාල Friday, 26 June 2015 03:59 AM
සියල්ලන් මේ කරන්නේ රංගනයක්. සුළු පක්ෂ විශේෂයෙන් ජාතිය මත ආගම් මත පදනම්ව බිහිවූ සුළු පක්ෂ මේ ක්‍රමයට කවදාවත් කැමැත්ත දෙන්නේ නැහැ. ඔවුන්ගේ අකමැත්තෙන් මේක කරන්න ලැබෙන්නෙත් නැහැ. මේ මනාප ක්‍රමයෙන්ම ආසනයකට වගකියන මන්ත්‍රී කෙනෙක් බිහිවන ආකාරයට සකස් කරන්න බැරි කමක් නැහැ මට හිතෙන විදියට..අනෙක මේ තියෙන ක්‍රමය වරදකුත් නැහැ..(නදී)
හෂාන් මධුසංක Thursday, 25 June 2015 12:52 PM
රට කරන්න පුළුවන් නියම මනුස්සයෙක්. මේ වගේ මිනිස්සු 10 ක් හිටියනම් රට හොද තැනකට ගෙනියන්න පුළුවන්. (ර)
යසරත්න Thursday, 25 June 2015 01:13 PM
තවත් බෙදීමක් නම් ඉතින් කරන්න බැහැනේ නේද? (නි)
ටියුඩර් Thursday, 25 June 2015 01:16 PM
අනේ අපි නම් දන්නෙ නැහැ. ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට කරගන්නකෝ (නි)
නිකී Friday, 26 June 2015 04:31 AM
රටක් කරවන්න සල්ලි තිබුන පළියට, ඉගෙනගත්ත පළියටම බැහැ. නායකත්වය කියන්නේ වෙන දෙයක්.මෙතන තියෙන්නේ කඹ ඇදිල්ලක්. (නි)
පියලාල් Thursday, 25 June 2015 02:57 PM
මුළු රටම නියෝජනය නොකරන පක්ෂ තහනම් කරන්න ඕන.එතකොට ඔවුන්ට පුළුවන් ප්‍රධාන පක්ෂ නියෝජනයෙන් රටටම වැඩ කරලා ලොකු පුටුවට යන්න.ඇමෙරිකා ජනපති වගේ,ඉන්දියාවේ හිටපු අගමැති වගේ.(අ)
ජයන්ත Thursday, 25 June 2015 03:54 PM
මුන්ට පිස්සුද නැත්නම් අපිට පිස්සුද? (අ)
ජයන්ත Thursday, 25 June 2015 03:55 PM
මෙයාලට කියන්න දෙයක් නැතිව මොනවා හරි කියනවා. අපේ රට කනවා! (අ)
පවිත්‍රා Thursday, 25 June 2015 04:20 PM
20 සම්මත වනොත් රජුන් තනන්නෝ යි කියාගන්න පක්ෂ වලට යන එන මන් නැති වේවි එහෙම තමයි වෙන්නත් ඕන ඔය පොඩි පොඩි පක්ෂ නිසා කවදාහරි ලංකාවේ ජනාදි පති සිංහල නොවන බෞද්ධ නොවන කෙනෙක් වේවි! (අ)
කමල් Thursday, 25 June 2015 06:53 PM
මම නම් කියන්නේ අපි 20 සම්මත කළයුතුයි (නි)