IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘20 සම්මත කරගන්න බෑ වගේ : මහ මැතිවරණයක් ඕනෑ‘

පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා මහ මැතිවරණයකට යන්නැයිද එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය විදේශ ඇමැති අජිත්.පී.පෙරේරා මහතා අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

දින 100ක පාලනයක් සඳහා ජනතා වරමක් ලබාගෙන එය දින 200ක් දක්වා දීර්ඝ කිරීම ජනතා වරමට පටහැනි බවත් එයින් ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් දැනට පවතින දේශපාලන තත්ත්වය අනුව නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20වැනි සංශෝධනය සම්මත කර ගත හැකි වාතාවරණයක් නැති බවද අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් රට වෙනුවෙන් දේශපාලනිකව සිතා ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයාද අනිවාර්යයෙන් සතුටුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසු නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කළ යුතු බවද ඔහු කීවේය.

‘හිටපු ජනපති කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. එතුමාට වේදිකාවට නගින්නවත් හිතේ හයියක් නෑ. එතුමා වටේ යනවා. තාප්පෙට නඟිනවා. අත වනනවා. මේකට කියන්නේ මුට්ටිය දානවා කියලා. එතුමා කැරකි කැරකි මුට්ටිය දාලා බලනවා‘

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ශාන්ත රත්නායක)

DSC_9848 DSC_9857 DSC_9884

 

 



අදහස් (0)

‘20 සම්මත කරගන්න බෑ වගේ : මහ මැතිවරණයක් ඕනෑ‘

කනිෂ්ක Monday, 15 June 2015 08:56 AM

සමානුපාතික ඡන්ද ක්‍රමය නැතුව මේය කොහොම අාපහු ආණ්ඩුවක් හදන්නද ඉතින්..(ම)

:       0       0

සේනක Monday, 15 June 2015 09:08 AM

ඊලග මහ මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්නේ නැතිනම් නව මැතිවරණ ක්‍රමය කවදා අනුමත කරගත්තත් මොකද? (හේ)

:       0       0

ප්‍රකාශ් Monday, 15 June 2015 10:44 AM

පුලුවන්නම් කොට්ඨාස ගණනට පමණක් මන්ත්‍රීවරු තෝරාගෙන පළාත් සභාත් අයින් කරලා ඡන්දයක් තියන්න. එතකොට රටේ මුදලුත් ඉතිරියි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 01:17 PM

ඉතින් මහත්තයෝ,ඕකට මාධ්‍ය සාකච්ඡා තියලාවත් ලියුම් ලියලාවත් හරියනවද? නිකන් කට කැඩිච්ච කතා අහ අහා මොනදේකට මේකේම එල්ලිලා ඉන්නවද? ලක්ෂ 62 ජන බලය තවම එහෙමමයි කියලා ඔප්පු කරලා පෙන්නන්නකො. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 01:53 PM

මම නම් කියන්නේ අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුණා නම් පාර්ලිමේන්තුව ඉබේම විසිරෙනවා කියලයි (නි)

:       0       0

ලියොන් Monday, 15 June 2015 03:45 PM

කිසිම සැකයක් නැහැ. මාතර රැස්වීමත් එක්කම ඇවිදගන්න බැරි තරමට අමාරු ඇති මොකක් කරන්නද? නොමිලේ ලබාගත් ආණ්ඩුව ජනතාවට බොරු නොකළා නම් මෙහෙම කියන්න වෙන්නේ නැහැනේ. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 04:36 PM

අවංකව ඕනෑ නම් ආණ්ඩුව ඉල්ලා අස්වෙලා වැදගත් මහත්තුරු වගේ ඡන්දෙකට එන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site