පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා මහ මැතිවරණයකට යන්නැයිද එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය විදේශ ඇමැති අජිත්.පී.පෙරේරා මහතා අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
දින 100ක පාලනයක් සඳහා ජනතා වරමක් ලබාගෙන එය දින 200ක් දක්වා දීර්ඝ කිරීම ජනතා වරමට පටහැනි බවත් එයින් ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් දැනට පවතින දේශපාලන තත්ත්වය අනුව නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20වැනි සංශෝධනය සම්මත කර ගත හැකි වාතාවරණයක් නැති බවද අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් රට වෙනුවෙන් දේශපාලනිකව සිතා ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයාද අනිවාර්යයෙන් සතුටුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසු නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කළ යුතු බවද ඔහු කීවේය.
‘හිටපු ජනපති කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. එතුමාට වේදිකාවට නගින්නවත් හිතේ හයියක් නෑ. එතුමා වටේ යනවා. තාප්පෙට නඟිනවා. අත වනනවා. මේකට කියන්නේ මුට්ටිය දානවා කියලා. එතුමා කැරකි කැරකි මුට්ටිය දාලා බලනවා‘
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමානුපාතික ඡන්ද ක්‍රමය නැතුව මේය කොහොම අාපහු ආණ්ඩුවක් හදන්නද ඉතින්..(ම)
ඊලග මහ මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්නේ නැතිනම් නව මැතිවරණ ක්‍රමය කවදා අනුමත කරගත්තත් මොකද? (හේ)
පුලුවන්නම් කොට්ඨාස ගණනට පමණක් මන්ත්‍රීවරු තෝරාගෙන පළාත් සභාත් අයින් කරලා ඡන්දයක් තියන්න. එතකොට රටේ මුදලුත් ඉතිරියි. (බ)
ඉතින් මහත්තයෝ,ඕකට මාධ්‍ය සාකච්ඡා තියලාවත් ලියුම් ලියලාවත් හරියනවද? නිකන් කට කැඩිච්ච කතා අහ අහා මොනදේකට මේකේම එල්ලිලා ඉන්නවද? ලක්ෂ 62 ජන බලය තවම එහෙමමයි කියලා ඔප්පු කරලා පෙන්නන්නකො. (නි)
මම නම් කියන්නේ අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුණා නම් පාර්ලිමේන්තුව ඉබේම විසිරෙනවා කියලයි (නි)
කිසිම සැකයක් නැහැ. මාතර රැස්වීමත් එක්කම ඇවිදගන්න බැරි තරමට අමාරු ඇති මොකක් කරන්නද? නොමිලේ ලබාගත් ආණ්ඩුව ජනතාවට බොරු නොකළා නම් මෙහෙම කියන්න වෙන්නේ නැහැනේ. (බ)
අවංකව ඕනෑ නම් ආණ්ඩුව ඉල්ලා අස්වෙලා වැදගත් මහත්තුරු වගේ ඡන්දෙකට එන්නකෝ (නි)