IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘20 ට රනිලුත් අකමැතියි : ජවිපෙත් අකමැතියි‘ - විපක්ෂ නායක

වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ ශ්‍රාවස්තියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

‘සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධයි. මේක ගෙනාවේ තුන් සැරයක් කල් දාලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම රවුෆ් හකීම් මේකට එකඟ වුණා. දැන් සුළු පක්ෂවලට අවාසියි කියනවා. මේ විවාදේ ඉල්ලලා තිබෙන්නේ 20 ට කකුලෙන් අදින්නයි. මේ රටේ ජනතාවට පැහැදිලිවම පේනවා රනිලුත් අකමැතියි. ජවිපෙත් අකමැතියි. ‘ යනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

‘අපේ රජය කාලයේදී කොටි සංවිධානයට නැවත හිස එසවීමට ඉඩ නොදී ජාතික ආරක්ෂාව හොඳින් තර කරලා තිබුණා. ඒක අද අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා‘ යැයිද විපක්ෂ නායකවරයා කීවේය.

එම අවස්ථාවට සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුද එක්ව සිටියහ.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ශාන්ත රත්නායක)

(ඡායාරූප ශාන්ත රත්නායක)

DSC_0281 DSC_0309

 

 

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

‘20 ට රනිලුත් අකමැතියි : ජවිපෙත් අකමැතියි‘ - විපක්ෂ නායක

නාරද Monday, 22 June 2015 10:43 AM

ඉතින් ඔය අය කැමැති වෙලා ඉක්මනට මේක කරලා දාලා කකුලෙන් අදින අයව රටට හෙලි කරමු - ඔබව අගමැති කරවමු. (ර)

:       0       0

ඉමේෂ් Monday, 22 June 2015 10:46 AM

ඒ කියන්නේ ඔබ තුමාලා ප්‍රශ්නේ හරියට විසඳලා නැහැ නේ? ප්‍රශ්නේ යට ගහලා. (ර)

:       0       0

සේනක Monday, 22 June 2015 10:57 AM

කොටියා මතක් කර කර බලයේ ඉන්න බලනවා. (ර)

:       0       0

රාධා Monday, 22 June 2015 09:19 PM

අගමැති වෙන්න ඇත තරමකට ඉඩ- දෙන්නා කළු කෝට් නොමදෙයි හිරට ඉඩ- මොනවා කරන්නද පුරුවේ පවට වැඩ - මේ තුන්දෙනාටම දෙමු දැන් මසල වඩ... (නි)

:       0       0

සරත් Monday, 22 June 2015 11:34 AM

ඉතින් ඔයාලා පනත ගෙනල්ලා සම්මත කරගන්නකෝ.ඔක්කොම එකයි.(හේ)

:       0       0

සිල්වා - බර්ලින් Tuesday, 23 June 2015 02:41 PM

ඉතින් ඒදවස්වල වගේම දැනුත් ඔබලාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානේ එජාපෙ කැමති නැත්නම් ඒගොල්ලන්ට කුද ගහගන්න කියල ඔබල තනියම ඕක සම්මත කරගන්න (බ)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 11:52 AM

උගුරට හොරා බෙහෙත් බීම (නි)

:       0       0

ප්‍රියදර්ශන Monday, 22 June 2015 12:10 PM

අපිත් අකමැතියි (නි)

:       0       0

පාලිත Monday, 22 June 2015 12:54 PM

කොතනට ගියත් කොටියාව නැතුව බැහැ මෙයාලට.හරියට හොද්දට ලුණු නැහැ වාගේ.නටපු තොවිලයකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ. (හේ)

:       0       0

සමන්ති Monday, 22 June 2015 01:34 PM

මන් කැමතියි විස්සට - පක්ෂේ කැමති නැහැ මට - ඉන්න තැනින් පස්සට - නොයමි මලත් මිහිපිට .අපි කුමක් කරම්ද?(හේ)

:       0       0

ඩිඑෆ්ජි Monday, 22 June 2015 01:45 PM

මහින්ද පිලත් අකමැතියි, හරිනේ.... (ර)

:       0       0

අහමඩ් අල් රසීඩ් Monday, 22 June 2015 02:10 PM

ආරක්ෂක ඇමති පක්ෂයේ නායකයා කියලා අමතකද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site