වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ ශ්‍රාවස්තියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
‘සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධයි. මේක ගෙනාවේ තුන් සැරයක් කල් දාලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම රවුෆ් හකීම් මේකට එකඟ වුණා. දැන් සුළු පක්ෂවලට අවාසියි කියනවා. මේ විවාදේ ඉල්ලලා තිබෙන්නේ 20 ට කකුලෙන් අදින්නයි. මේ රටේ ජනතාවට පැහැදිලිවම පේනවා රනිලුත් අකමැතියි. ජවිපෙත් අකමැතියි. ‘ යනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
‘අපේ රජය කාලයේදී කොටි සංවිධානයට නැවත හිස එසවීමට ඉඩ නොදී ජාතික ආරක්ෂාව හොඳින් තර කරලා තිබුණා. ඒක අද අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා‘ යැයිද විපක්ෂ නායකවරයා කීවේය.
එම අවස්ථාවට සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුද එක්ව සිටියහ.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)
(ඡායාරූප ශාන්ත රත්නායක)
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය අය කැමැති වෙලා ඉක්මනට මේක කරලා දාලා කකුලෙන් අදින අයව රටට හෙලි කරමු - ඔබව අගමැති කරවමු. (ර)
ඒ කියන්නේ ඔබ තුමාලා ප්‍රශ්නේ හරියට විසඳලා නැහැ නේ? ප්‍රශ්නේ යට ගහලා. (ර)
කොටියා මතක් කර කර බලයේ ඉන්න බලනවා. (ර)
අගමැති වෙන්න ඇත තරමකට ඉඩ- දෙන්නා කළු කෝට් නොමදෙයි හිරට ඉඩ- මොනවා කරන්නද පුරුවේ පවට වැඩ - මේ තුන්දෙනාටම දෙමු දැන් මසල වඩ... (නි)
ඉතින් ඔයාලා පනත ගෙනල්ලා සම්මත කරගන්නකෝ.ඔක්කොම එකයි.(හේ)
ඉතින් ඒදවස්වල වගේම දැනුත් ඔබලාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානේ එජාපෙ කැමති නැත්නම් ඒගොල්ලන්ට කුද ගහගන්න කියල ඔබල තනියම ඕක සම්මත කරගන්න (බ)
උගුරට හොරා බෙහෙත් බීම (නි)
අපිත් අකමැතියි (නි)
කොතනට ගියත් කොටියාව නැතුව බැහැ මෙයාලට.හරියට හොද්දට ලුණු නැහැ වාගේ.නටපු තොවිලයකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ. (හේ)
මන් කැමතියි විස්සට - පක්ෂේ කැමති නැහැ මට - ඉන්න තැනින් පස්සට - නොයමි මලත් මිහිපිට .අපි කුමක් කරම්ද?(හේ)
මහින්ද පිලත් අකමැතියි, හරිනේ.... (ර)
ආරක්ෂක ඇමති පක්ෂයේ නායකයා කියලා අමතකද.? (ර)