IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


20 ට මහ දෙපක්ෂය කල්ලි ගැහිලා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  20 වැනි සංශෝධනයට දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත්  කළ යෝජනාව  වෙනුවට ඇමැති  මණ්ඩලය ඉකුත් සඳදා (08) සම්මත කරගෙන ඇත්තේ  වෙනත්  යෝජනාවලියක්  යැයි  ජනතා  විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම්  විජිත හේරත්  අද (11) ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂ පොදුවේ  එකඟ වු  යෝජනා වෙනුවට  ආණ්ඩුව වෙනත්  මැතිවරණ යෝජනා සම්මත කිරිමෙන් විසිවැනි සංශෝධනය නිතිගත කරගැනිමට ආණ්ඩුවට  සැබෑ උවමනාවක්  තිබේ ද යන්න සැකයක්  මතුවන බව ද ඔහු පැවසීය.

නව මැතිවරණ ක්‍රමයක්  ඇතිකිරිම සඳහා  මෙයට  පෙර  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කළ මිශ්‍ර මැතිවරණ ක්‍රමය මඟින්  මන්ත්‍රි  ආසන 225 ක්  ස්ථාපිත කිරිමේ  යෝජනාවලිය වෙනුවට  කැබිනට් මණ්ඩලය මෙම සතියේ සම්මත කරගත්  මැතිවරණ සංශෝධන යෝජනාවලිය ගැටලු  සහගත බව හේරත්  මහතා  කීය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි  ලංකා නිදහස්  පක්ෂය විවිධ පිල්වලට බෙදී මැතිවරණ සංශෝධන ඉදිරිපත්  කීරිම හේතුවෙන් සම්මත කිරිමට  යන්නේ කුමන වර්ගයේ  මැතිවරණ සංශෝධනයක් ද යන්න අපැහැදිලි  බව කි හේරත් මහතා  එම පක්ෂ අතර  ඇතීවී  තිබෙන මෙවැනි  මත ගැටුම් නිසා  නව මැතිවරණ සංශෝධනයක්  කරගත නොහැකිවන බව ද පැවසිය.

සියලු  පාර්ශවයන්ගේ  අදහස්  හා යෝජනා  සැළකිල්ලට  ගනිමින් සියලු  දේශපාලන පක්ෂ වලට  එකඟ විය හැකි  හා  ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදි මෙන්ම සාධාරණව නියෝජනය වන මැතිවරණ ක්‍රමයක්  ඇති  කළ යුතු  යැයි  ද ඔහු  කියා  සිටියේය.

 

 

 

 

 

වීඩියෝ - සනත් ඩෙස්මන්



අදහස් (0)

20 ට මහ දෙපක්ෂය කල්ලි ගැහිලා

ඉඳුනිල් පෙරේරා Thursday, 11 June 2015 04:08 PM

මේ රටේ ජනතා මුදල් සතයක් හොරකම් නොකරපු එකම පක්ෂය (බ)

:       0       0

නිලන්ක Thursday, 11 June 2015 04:50 PM

අපි නම් දැන් කාගෙවත් කතා අහන්නෙ නැහැ (නි)

:       0       0

ජයනාත් ශ්‍රී බණ්ඩාර Thursday, 11 June 2015 06:11 PM

මේවා කියවනවිට තේරෙනවා ගොඩක් අයගේ හැටි (නි)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 01:18 PM

ඔය ගොල්ලොත් මේ අවුලට අත ගැහුවා නේද.? (ර)

:       0       0

දිල්ෂාන් Thursday, 11 June 2015 01:26 PM

ඔයගොල්ලොත් මේකට හවුල් වුනා. අපිට කවුරුවත් විස්වාස නැහැ දැන්. (ර)

:       0       0

අනිල් Thursday, 11 June 2015 01:51 PM

ඇයි අනේ විජිත, ඔයාලගේ අනුර කුමාරගේ ගජ මිතුරා ගේ ආණ්ඩුවනේ ඕක ගෙනාවේ. අනුර කුමාරගෙන් අහන්න ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. (නදී)

:       0       0

විජයබාහු Thursday, 11 June 2015 02:24 PM

මෙයාලත් හවුල්ද වැඩේට? දැන් මොකටද කෑ ගහන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 11 June 2015 02:37 PM

මුළු රටම දන්නවා ඔයාලා ගැන. ප්‍රතිඵල මීළඟ මැතිවරණයෙන්! (නි)

:       0       0

ලියොන් Friday, 12 June 2015 06:01 AM

මම හැමදාම කල්පනා කරන දෙයක් නම් ජවිපෙ ලොකු කෙනාගේ ඉඳලා පොඩිම කෙනා දක්වා කතාකළොත් කාටහරි බනින එකමනේ වැඩේ. කාගේවත් හොඳක් හෝ හොඳ දෙයක් අගය කිරීමක් හෝ කරන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 11 June 2015 02:51 PM

හඳට බිරුවට කවදාවත් හඳ කඩාවැටෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site