ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කළ යෝජනාව වෙනුවට ඇමැති මණ්ඩලය ඉකුත් සඳදා (08) සම්මත කරගෙන ඇත්තේ වෙනත් යෝජනාවලියක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් විජිත හේරත් අද (11) ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ පොදුවේ එකඟ වු යෝජනා වෙනුවට ආණ්ඩුව වෙනත් මැතිවරණ යෝජනා සම්මත කිරිමෙන් විසිවැනි සංශෝධනය නිතිගත කරගැනිමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබේ ද යන්න සැකයක් මතුවන බව ද ඔහු පැවසීය.
නව මැතිවරණ ක්‍රමයක් ඇතිකිරිම සඳහා මෙයට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මිශ්‍ර මැතිවරණ ක්‍රමය මඟින් මන්ත්‍රි ආසන 225 ක් ස්ථාපිත කිරිමේ යෝජනාවලිය වෙනුවට කැබිනට් මණ්ඩලය මෙම සතියේ සම්මත කරගත් මැතිවරණ සංශෝධන යෝජනාවලිය ගැටලු සහගත බව හේරත් මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විවිධ පිල්වලට බෙදී මැතිවරණ සංශෝධන ඉදිරිපත් කීරිම හේතුවෙන් සම්මත කිරිමට යන්නේ කුමන වර්ගයේ මැතිවරණ සංශෝධනයක් ද යන්න අපැහැදිලි බව කි හේරත් මහතා එම පක්ෂ අතර ඇතීවී තිබෙන මෙවැනි මත ගැටුම් නිසා නව මැතිවරණ සංශෝධනයක් කරගත නොහැකිවන බව ද පැවසිය.
සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් සියලු දේශපාලන පක්ෂ වලට එකඟ විය හැකි හා ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදි මෙන්ම සාධාරණව නියෝජනය වන මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු යැයි ද ඔහු කියා සිටියේය.
වීඩියෝ - සනත් ඩෙස්මන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජනතා මුදල් සතයක් හොරකම් නොකරපු එකම පක්ෂය (බ)
අපි නම් දැන් කාගෙවත් කතා අහන්නෙ නැහැ (නි)
මේවා කියවනවිට තේරෙනවා ගොඩක් අයගේ හැටි (නි)
ඔය ගොල්ලොත් මේ අවුලට අත ගැහුවා නේද.? (ර)
ඔයගොල්ලොත් මේකට හවුල් වුනා. අපිට කවුරුවත් විස්වාස නැහැ දැන්. (ර)
ඇයි අනේ විජිත, ඔයාලගේ අනුර කුමාරගේ ගජ මිතුරා ගේ ආණ්ඩුවනේ ඕක ගෙනාවේ. අනුර කුමාරගෙන් අහන්න ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. (නදී)
මෙයාලත් හවුල්ද වැඩේට? දැන් මොකටද කෑ ගහන්නේ? (නි)
මුළු රටම දන්නවා ඔයාලා ගැන. ප්‍රතිඵල මීළඟ මැතිවරණයෙන්! (නි)
මම හැමදාම කල්පනා කරන දෙයක් නම් ජවිපෙ ලොකු කෙනාගේ ඉඳලා පොඩිම කෙනා දක්වා කතාකළොත් කාටහරි බනින එකමනේ වැඩේ. කාගේවත් හොඳක් හෝ හොඳ දෙයක් අගය කිරීමක් හෝ කරන්නේ නැහැ. (නි)
හඳට බිරුවට කවදාවත් හඳ කඩාවැටෙන්නේ නැහැ. (නි)