(ඩයනා උදයංගනී)
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ නිල සාකච්ඡාවක් ලබන සතියේදී පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්තී‍්‍ර කණ්ඩායමේ ඡුන්දය තීරණාත්මක වන බව ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සංශෝධනය පිළිබඳව සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කරතිබීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
මෙම සංශෝධනය පිළිබඳ යෝජනාව ලබන මාර්තු පළමු සතියේදී න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාද කිරීමේ හැකියාව පවතින බව කී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂවල නායකයින් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කීවේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම මුස්ලිම් කොංග‍්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් සාකච්ඡා පවත්වන බව ජ.වි.පෙ නායකයා ප‍්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධය හඬ නැගුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව කී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ සමුළු දෙකකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න යෝජනා සම්මත කරගෙන ඇති බැවින් අගමැතිවරයාට එය මඟහැරිය නොහැකි බව ද කීවේය.
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ තීන්දුවට යට නොකොට ජනතාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ලබාදෙන ලෙස තමන් සියලූම මන්තී‍්‍රවරුන්ගෙන් හා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළත්, සියලූම පක්ෂවල සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඒවා ඇතුළත් කිරීමට සූදානම් බව කී මන්ත‍්‍රීවරයා මේ සංශෝධනයෙන් රට බෙදෙන බවට ඇතැමුන් කරන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ද කියා සිටියේය.
මේ සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල්යාමක් ද සිදුනොවන බව කී අනුර කුමාර දිසානායක මහතා 20වැනි සංශෝධනය සම්මත වෙනවා නම් 2020 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙන බව කීවේය.
COMMENTS
අනුර ඔයාගේ උපදෙස් මහින්දට දැන් ඇතිවෙලා රනිල් හාමුත් එක්ක තමයි ඔයාට මේක කරන්න වෙන්නේ... ඔයාට යන එන මන් නැහැ කියලා පේන්නේ මේ ළඟදී ජනාධිපතිත්, අගමැතිත් විපක්ෂ නායකත් කියලා තිබුණා ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන සාකච්ඡාව මොකක්ද?
හතලිස් අවුරුද්දක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවූ ඒකාධිපතිවාදී විධායක ජනාධිපතික්‍රමය වෙනස් කිරීමට මහඟු අවස්ථාවක් උදාවී ඇති බව පෙනේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙ දේශපාලන දුරදර්ශි බව පෙන්වන වටිනා උදාහරණයකි.
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ව්‍යවස්ථාව! පාරේ යන්න පුලුවන් බස් තියෙනවා.. බදු මිල අඩුයි. රස්සාවල් තියෙනවා! කොහොම හරි 20 ගේන්න!
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තියාගෙන ඕක කලොත් උඹලා හදන්නේ රට කොටින්ටම දෙන්න නේද පරයෝ..?
මෙය ඉතා භයානක දෙයක්... මේ රට පවතින්නේ විධායක ජනාධිපතිවරයා කියන තනතුර නිසා... නැත්නම් අග්ගලා ගුලියක් ලිහිලා යන්න වගේ.. කෑලි කෑලි කැඩිලා යන එක නවත්තන්න බැහැ. කල යතු සෑමවිටම හොඳ කෙනෙක් තෝරාගැනීම පමණි. කෙසේ ජනතා අයිතීන් ව්‍යවස්ථාවෙන්ම ඉවත් කිරීම වෙනුවට තනතුර මාරු කිරීම පටු දේශපාලන වාසි තකා සිදුවන ක්‍රියාවක්..
රට කෑලි කෑලි වලට කඩලා දෙමළුන්ට බලය දීලා ජෙප්පෝ රට විනාස කරලා තමයි නවතින්නේ. අනේ මුන් මොකට මේ රටේ ඉපදුනාද?
මහින්ද මහතනනී 20 ට අත උස්සන්න එපා. එහෙම කලොත් මැරෙන මොහොතේත් නුඹලාට සාප කරලයි මැරෙන්නේ. ජනාදිපතිට බලයක් නැතිනම් ඝෝඨාභය ජනාධිපති වීමේ ප්‍රයෝජනය මොකක්ද? එහෙමනම් අර චතුර කියන හාදය ජනාධිපති කරමුකෝ.
මේ වගේ ද්වේශ සහගත අදහස් වලින් රටකට හෝ සමාජයකට අයහපතක් මිසක් යහපතක් සිදුවන්නේ නැත. ප්‍රශ්නයක් දිහා කරුණු සහිතව විද්‍යාත්මකව බලන අදහස් තමයි සමාජයක් ඉදිරියට ගෙනියන්න හේතුවෙන්නේ. ජවිපෙ සම්බන්දයෙන් මේ විදියේ වයිරී අදහස් දක්වන්නේ ජවිපෙ අවන්ගඩ් එකෙන් වංචා කරාද. සතොසෙන් හරි සිල්රෙදි වලින් හරි වංචා කරාද. මහා බැංකුවෙන් වංචා කරාද. අදිවේගී මාර්ග වලින් කොමිස් ගැහුවද. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියාගෙන පිහි අරගෙන මිරිස්කුඩු වලින් ගහ ගත්තද. ජනාදිපතිකම මහා ලජ්ජා නැති නිලයක් බව දැන් වෙන දේවල් වලින් පැහැදිලි වෙන්නේ නැද්ද.
" රතු හැට්ට " කාරයෝ මේ මොකාටද එන්න හදන්නේ.. ???? අනේ අහිංසක විජේවීර මයා හිටියානම් මේ හිවල්ලුන්ට ඇඩ්රස් නැති වෙනවා මයි.
රට විනාශයට ඇද දමපු නුඹලාට තවත් මේ රට කන්න ඉඩ තියන්න එපා.
විජේවීර මයා සහ ප්‍රභාකරන් යන මහත්තුරු තමයි මිනීමරු දේශපාලනයක් ගෙනැවිත් වසර ගණනාවක් මුළුරටම අගාධයට පත් කලේ... දැන් ජේ.වී.පීය ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන ප්‍රවාහයට එන එකට සමහරක්ට ඇඹුල් වගේ..
ජේවීපිය කළ ලොකුම වංචා 2 සිදු වුනේ 1971 හා 1989. ඒ වංචාවෙන් ලක්ෂයකට කිට්ටුවෙන්න මිනිසුන්ට ජීවිත අහිමි වුනා. මේ කරන්න යන වංචාවේ සිංහලයාගේ රටින් කොටසක් දෙමළුන්ට යනවා. ඊට පසු මොවුන් බලයේ ඉන්න පක්ෂයකට පැනගෙන කෝටිපතියෝ වෙනවා.