ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද (8) සවස 6ට පටන් ගන්නා ඇමැති මණ්ඩල සාකච්ඡාවේදී අනුමත කර දෙන බවත් ඉන්පසු එය සම්මත කර ගැනීම පාර්ලිමේන්තුවේ වගකීම හා යුතුකම බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ විහාර මහා දේවි පිටියේ පැවති රැස්වීමකදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ ශාඛාව විසින් කැඳවූ මේ රැස්වීමට සාධාරණක් හෙටක් සඳහා වූ ජාතික සන්ධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමි වැඩ සිටියහ.
මනාප ක්‍රමය අහෝසි කරනු - 20 සම්මත කරනු යන තේමාව යටතේ රැස්වීම සංවිධානය කර තිබුණි.
දිවයින පුරා පවත්වන රැස්වීම් මාලාවක පළමුවැන්න මෙයයි.
20 සම්මත කර ගැනීමට උදව් නොදෙන කල් දමන හරස් කපන සියලු දෙනාම ජනතා ද්‍රෝහියෝ. මේ යෝජනාවට තමන් දරන මතය තම පක්ෂය කැමතිද නැද්ද යන්න ඉදිරි දෙසතියේ ජනතාවට කියන ලෙස මම පක්ෂවලින් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ මුස්ලිම් කිසිවකුටත් මේ පනතින් අසාධාරණයක් වෙන්නේ නෑ. මේ පනත සම්මත කිරීම යුගයේ කාර්ය භාරයයි. අද ඇමැති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙන්නේ මේ ගැන පමණයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
20 ට පස්ස ගසන්නෝ ද්‍රෝහියෝ - ජනපති
ඉන්දික Monday, 08 June 2015 12:53 PM
ඒ කියන්නේ 20 ට සහය දෙන ඔක්කොම ජනතා දොහියෝ නෙමෙයි. මේ මොන කතාවක්ද? (ර)
පිවිතුරු යහපාල Tuesday, 09 June 2015 04:41 AM
මේක රග පෑමක් ..කවදාවත් ඔය කියන 20 ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ සුළු ජාතික පක්ෂ තියෙනකම්..ඔවුන් විසින් යටපත් කරගෙන ඔවුන්ගේ පදයට නටවන රජයකින් හෝ ජනාධිපතිවරයෙක්ගෙන් ලැබිය හැකි උපරිමය මේ රගපෑම පමණයි.සියලු රගපෑම් අවසන් කිරීමට දැන් කාලය එලබිලා තියෙනවා..(ම)
පිවිතුරු යහපාල Monday, 08 June 2015 04:18 PM
මේක රග පෑමක් ..කවදාවත් ඔය කියන 20 ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ සුළු ජාතික පක්ෂ තියෙනකම්.සියලු රගපෑම් අවසන් කිරීමට දැන් කාලය එලබිලා තියෙනවා..දැන් මේ නළුවන්ගේ රගපෑම් බැලුව ඇති..අපි අද හෙට ටි වී එක වහනවා ආයේ තුට්ටු දෙකේ නාට්‍ය නොපෙනෙන්නම.. (කේ)
චමිලා Monday, 08 June 2015 04:38 PM
නියම වීරයෝ සෙට් එක. නියමයි..! (නි)