19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් වඩාත් හොදින් තහවුරු වන බැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයට යොමු කිරිම අවශ්‍යතාවයක් නැතැයි නිතිපති ජනාධිපති නිතිඥ යුවන්ජන් විජේතිලක මහතා මේ පනත් කෙටුම්පත් පිළිබඳ පෙත්සම් විභාගයේදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය.
අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් අද (06) කැදවුණි. එහිදි අගවිනිසුරුවරයා නීතිපතිගෙන් ප්‍රශ්න කළේය. සංශෝධන පනත් කෙටුම්පත් සඳහන් වන අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස අගමැතිවරයා නම් කිරිමෙන් ජනාධිපති විධායක බලතල කප්පාදුවිමත් සිදු නොවේ ද යන්නයි. ජනතාව විසින් ජනාධිපතිට ලබාදි ඇති විධායක බලය තවත් පුද්ගලයෙකුට පරිහරණය කල හැකි දැයි ප්‍රශ්න කළ අගවිනිසුරුවරයා ඊට අවධානය යොමු කරන ලෙස නිතිපතිට දැනුම් දුන්නේය.
එහිදි නිතිපතිවරයා ගෙන්වා දුන්නේ අදාළ වගන්තියෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු විමක් සිදු නොවන බවයි . රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඒ පිළිබඳව පැහැදිලිව දක්වා ඇති බවද නිතිපති තර්ක කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් සිතෙන විදිහට මහත්මා දේශපාලනය කියන්නේ එකම ආසනයක් හෝ වැඩිව මහා මැතිවරණය ජයගන්නා පක්ෂයට ,කරන යහපත් වැඩ වලට සහය දෙමින් අයහපත් වැඩවලට විරුද්ධ වෙමින් ,නියමිත කාලය රජය කරගෙන යාමට ඉඩ දිම. එසේ නැතිව මැතිවරණයෙන් පසු සභාග කියමින් කැදහැලි අටවාගෙන බලය ලබාගැනීම නොවේ. එවැනි දේශපාලනයක් නැති රටක එක පුද්ගලයෙකුට හෝ ඔහු කියන ඕනෑම දෙයක් අනුමත කරන පිරිසකට බලය දීම රට වැනසිමක්.ජනතාව වැනසීමකි. (බ)
පාර්ලිමේන්තුව විසුරුවනවානම් ඩබල් ගේමක් වෙන්න බැහැ. 18 නිශ්ශබ්දව හිටිය අය දැන් වීරයෝ වෙන්න හදන්නෙ ඇයි? (බ)
අපේ රටට විධායක බලය තිබෙන ජනාධිපතිවරයෙක් වත් අගමැතිවරයෙක් වත් වුවමනා නැහැ. ත්‍රස්තවාදය පරදන්න හමුදාවක් ඉන්නේ. ත්‍රස්තවාදය තියෙන අනෙකුත් රටවල ජනාධිපති, අගමැති විධායක බලය තියෙන අයම නොවෙයි. නමුත් ත්‍රස්තවාදයට පහර දෙන්න හමුදාව මෙහෙයවනවා. අපිට එහෙම බැරි ඇයි? (බ)
ජනමත විචාරණයකින් තොරව 19 සම්මත කිරීම යනු අඩුම තරමින් එයට විරුද්ධවීමටත් රට රැක ගැනීමටත් ජනතාවට ඇති එකම අවස්ථාවද ඔවුන්ට අහිමි කිරීමකි. (නි)
ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න කාටවත් බෑනෙ. පාර්ලිමෙන්තුව විසුරුවලා ඡන්දෙකට යමු. මේ රටේ සාමුහික එකඟතා වලට එන්න බෑ. ලී ක්වන් යූ කළා වගේ තමයි කරන්න වෙන්නෙ.(බ)
18 වැනි සංශෝධනයට අත උස්සන කොට ජනමතය තියා මාධ්‍යවලට වත් කට අරින්න දුන්නද (බ)
ජනපති බලතල නොකැපෙනම් සංශෝදන කුමටද.? (ර)
මේ හුඟක් බලතල රටට වගකියන පාර්ලිමේන්තුවට දුන්නහම ඇති. ඒක හොඳයි තනි පුද්ගලයෙක් වටා තිබෙනවට වඩා (නි)
මෙතන ඩබල් ගේමක් වගේ. අධිකරණයට එකක් පාර්ලිමේන්තුවට වෙන එකක් නේද දීල තියෙන්නේ? (ර)
රන්ජිත්, එහෙම වුණේ ඒ කාලේ (නි)
මටත් පෙනෙන්නේ මොකක්හරි විහිළුවක් කරලා තියනවා වගේ... (නි)
උපාලි, දැන් ඊට වඩා දේවල් වෙනවා. (නි)