19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් වඩාත් හොදින් තහවුරු වන බැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයට යොමු කිරිම අවශ්‍යතාවයක් නැතැයි නිතිපති ජනාධිපති නිතිඥ යුවන්ජන් විජේතිලක මහතා මේ පනත් කෙටුම්පත් පිළිබඳ පෙත්සම් විභාගයේදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය.
අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් අද (06) කැදවුණි. එහිදි අගවිනිසුරුවරයා නීතිපතිගෙන් ප්‍රශ්න කළේය. සංශෝධන පනත් කෙටුම්පත් සඳහන් වන අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස අගමැතිවරයා නම් කිරිමෙන් ජනාධිපති විධායක බලතල කප්පාදුවිමත් සිදු නොවේ ද යන්නයි. ජනතාව විසින් ජනාධිපතිට ලබාදි ඇති විධායක බලය තවත් පුද්ගලයෙකුට පරිහරණය කල හැකි දැයි ප්‍රශ්න කළ අගවිනිසුරුවරයා ඊට අවධානය යොමු කරන ලෙස නිතිපතිට දැනුම් දුන්නේය.
එහිදි නිතිපතිවරයා ගෙන්වා දුන්නේ අදාළ වගන්තියෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු විමක් සිදු නොවන බවයි . රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඒ පිළිබඳව පැහැදිලිව දක්වා ඇති බවද නිතිපති තර්ක කළේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
19ට ජනමත විචාරණයක් ඕනෑ නෑ
නිමලලලිතා Tuesday, 07 April 2015 04:04 AM
මට නම් සිතෙන විදිහට මහත්මා දේශපාලනය කියන්නේ එකම ආසනයක් හෝ වැඩිව මහා මැතිවරණය ජයගන්නා පක්ෂයට ,කරන යහපත් වැඩ වලට සහය දෙමින් අයහපත් වැඩවලට විරුද්ධ වෙමින් ,නියමිත කාලය රජය කරගෙන යාමට ඉඩ දිම. එසේ නැතිව මැතිවරණයෙන් පසු සභාග කියමින් කැදහැලි අටවාගෙන බලය ලබාගැනීම නොවේ. එවැනි දේශපාලනයක් නැති රටක එක පුද්ගලයෙකුට හෝ ඔහු කියන ඕනෑම දෙයක් අනුමත කරන පිරිසකට බලය දීම රට වැනසිමක්.ජනතාව වැනසීමකි. (බ)
හේතුක සෙනෙවිරත්න Tuesday, 07 April 2015 04:17 AM
පාර්ලිමේන්තුව විසුරුවනවානම් ඩබල් ගේමක් වෙන්න බැහැ. 18 නිශ්ශබ්දව හිටිය අය දැන් වීරයෝ වෙන්න හදන්නෙ ඇයි? (බ)
අජිත් කරුණාරත්න Tuesday, 07 April 2015 04:49 AM
අපේ රටට විධායක බලය තිබෙන ජනාධිපතිවරයෙක් වත් අගමැතිවරයෙක් වත් වුවමනා නැහැ. ත්‍රස්තවාදය පරදන්න හමුදාවක් ඉන්නේ. ත්‍රස්තවාදය තියෙන අනෙකුත් රටවල ජනාධිපති, අගමැති විධායක බලය තියෙන අයම නොවෙයි. නමුත් ත්‍රස්තවාදයට පහර දෙන්න හමුදාව මෙහෙයවනවා. අපිට එහෙම බැරි ඇයි? (බ)
සුමුදු හේවා Monday, 06 April 2015 06:46 PM
ජනමත විචාරණයකින් තොරව 19 සම්මත කිරීම යනු අඩුම තරමින් එයට විරුද්ධවීමටත් රට රැක ගැනීමටත් ජනතාවට ඇති එකම අවස්ථාවද ඔවුන්ට අහිමි කිරීමකි. (නි)
රොහාන් කරුණාරත්න. Tuesday, 07 April 2015 06:38 AM
ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න කාටවත් බෑනෙ. පාර්ලිමෙන්තුව විසුරුවලා ඡන්දෙකට යමු. මේ රටේ සාමුහික එකඟතා වලට එන්න බෑ. ලී ක්වන් යූ කළා වගේ තමයි කරන්න වෙන්නෙ.(බ)
ශාන්ත Tuesday, 07 April 2015 06:40 AM
18 වැනි සංශෝධනයට අත උස්සන කොට ජනමතය තියා මාධ්‍යවලට වත් කට අරින්න දුන්නද (බ)
දුමින්ද Monday, 06 April 2015 12:04 PM
ජනපති බලතල නොකැපෙනම් සංශෝදන කුමටද.? (ර)
පිටබැද්දර ජයා Monday, 06 April 2015 11:12 PM
මේ හුඟක් බලතල රටට වගකියන පාර්ලිමේන්තුවට දුන්නහම ඇති. ඒක හොඳයි තනි පුද්ගලයෙක් වටා තිබෙනවට වඩා (නි)
රන්ජිත් සිල්වා Monday, 06 April 2015 01:28 PM
මෙතන ඩබල් ගේමක් වගේ. අධිකරණයට එකක් පාර්ලිමේන්තුවට වෙන එකක් නේද දීල තියෙන්නේ? (ර)
උපාලි Monday, 06 April 2015 01:54 PM
රන්ජිත්, එහෙම වුණේ ඒ කාලේ (නි)
විජයබාහු Monday, 06 April 2015 02:09 PM
මටත් පෙනෙන්නේ මොකක්හරි විහිළුවක් කරලා තියනවා වගේ... (නි)
උදිත Monday, 06 April 2015 02:26 PM
උපාලි, දැන් ඊට වඩා දේවල් වෙනවා. (නි)