19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ව ඡන්දය භාවිතා කර ගමට එන්නට එපා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාටම දැනුම් දෙන බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පැවසුහ.
වසර 35 ක් පමණ තිස්සේ විධායක ජනාධිපති ක්‍රමයෙන් බැට කෑ ජනතාව 19 වැනි සංශෝධනය සම්මත වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
සෝභිත හිමියන් මේ බව පැවසුවේ එම සංශෝධනය සම්මත කරන්නැයි බල කරමින් පාර්ලිමේන්තුව අසල දී අද (27) පෙරවරුවේ පැවති උද්ඝෝෂණය අතරතුර දි පැමිණ සිටි ජනතාව අමතමිනි.
පුරවැසි සංවිධාන කමිටු එකතුව, සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය හා,දේශපාලන පක්ෂ රැසක සාමාජිකයන් මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක් , එ්ත් ඉතින් අායෙත් ඕක වෙනස් කරන්නත් ඔය අයම අත උස්සාවි කවදාහරි........අනේ අපේ රට (බ)
මේ කෑ ගහන බොහෝ දෙනෙක් 19 මොකද්ද කියලවත් දැකල නැහැ. 19 යනු නංගි වෙනුවටා අක්කා එවනවා වගේ වැඩක්. කොහොම ගියත් උන් ගේ ප්‍රයෝජනය සඳහා සියල්ල හදාගනි. අපේ උන් බල්ලෝ වගේ බුරනවා. (ස)
සාදුකාරයට වඩා අත්පුඩියටයි හුරේ එකටයි කැමති වෙන්න එපා හාමුදුරුවනේ (බ)
රාජ්‍ය ආයතනවලට ව්‍යවස්ථානුකුලව සහ නිත්‍යානුකුලව, මැරවරයින්ගේ සහ දුෂිත දේශපාලනඥයින්ගේ බලපෑම් වලින් තොරව, කටයුතු කිරීමේ හැකියාව, ශිලාචාර, යුක්ති ගරුක, විනය ගරුක සහ සාර ධර්ම වලින් පිරි සාමකාමී සමාජයක් පවත්වා ගැනීම සඳහා වූ යුක්ති ගරුක ශ්‍රී ලාංකිකයින්ගේ ඒකායන ප්‍රාර්ථනය මල්පල ගැන්වීමට මග සලසන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. (බ)
මේක උප්පරවෙට්ටියක් ද(අ)
19 වෙනස් කළා කියල හෙට කිරිපැණියෙන් උතුරාවී නේද ?අද උතුරේ හමුදා කඳවුරු එක එක බෙදා දෙනවා . සාම්පුර කඳවුර අයින් කළා , දැන් යාපනේ එයාර් පොර්ට් එකක් හදන්න යනවා ,යහපාලනෙන් ජාතියේ රටේ අගාධය ? මන්ත්‍රීවරුන් පවා දැනුවත් වී නොමැති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළබිඳ රටේ ජනතාව දැන ගන්නේ කෙසේද ?තුනෙන් දෙකක් තියෙනවා කියල ඇයි කලබල ?සංශෝධන හරියට තේරුම් ගෙන ජාතියට රටට අගය ඇති ලෙස අනුමත කරගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බුද්ධිමත් වෙන්න .කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි (බ)
ඉහත සඳහන් අදහස්වලින් පෙනෙන්නේ 19 ගෙන හරිහැටි නොදැන බවයි. (ස)
මම බොහොම ගරු කරන හාමුදුරු නමක් ,ඔබ වහන්සේ දැන් යන්නේ නිවැරදි පාරකයි සියලු ජාතීන් ආගමිකයින් ගරු කළ යුතුයි. ඉහත අවබෝධය නැතිව අදහස් ලිවූ අයට අවබෝධය ලැබේවා. ඔබ වහන්සේගේ දීර්ඝායුෂ හා ආරක්ෂාව අපි ප්‍රාර්ථනා කරනවා (බ)
ස්වාමින් වහන්ස අර බුදුන් උපන් දේශයට වෙලා තියෙන විනාශය ගැන හිතල මේවන් විපතක් වෙනත් කිසිම කෙනෙකුට නොවේවා කියල සත්‍යග්‍රහ කරන්නකෝ. ඒ විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට උපකාර කරන්න පුළුවන් විදියක් ගැන හිතන්නකෝ. (බ)
මැති ඇමතිවරුන්ට තර්ජනය කිරීමට මේ හාමුදුරුවන්ට කිසිම බලයක් හෝ අයිතියක් නැති බව මුන්වහන්සේ අවබෝධ කරගත්තොත් හොඳයි (බ)
19 මොකක්ද කියලවත් නොදැන බොරුවට පාරේ ඉන්නවා අපිට මතකයි ඡන්දෙට කලින් ඊට පස්සේ මෙයාගේ මුනවත් බැලුව නැතුව ආණ්ඩුවට අායෙත් සුපර් මාර්කට් යනවා වගේ අකුර 19 එ්ත් අන්තර්ගතයේ මොනවද තියෙන්නේ කියල මන්තිවරුන්ටවත් පැහැදිලි නෑ (බ)
බලය දූෂිත නොවේ -බලයෙන් පුද්ගලයා දූෂිත වේ (බ)
මෙයා කෝට්ටේ ඉඳන් ගමේ මිනිසුන්ගේ අදහස් ගැන කියනවා. ගමේ මිනිස්සු ඉන්නේ කා එක්කද කොතනද කියලා බලමු ඡන්දෙන් පස්සේ. (ස)
ඉස්සර නම් රටේ හිටියේ කුඩාපොළ හිමි, වාරියපොළ සුමංගල හිමි වගේ රටට දැයට ආදරේ කරපු ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍රයන්.එත් දැන්.එක එක මිනිහට කඩේ යන අය රට විනාසෙට ඇදලා දානවා.19 වෙන විපත් ගැන නොදැන කඩේ යනවා. (ස)
අනේ අපේ හාමුදුරුවනේ දුප්පත් බෞද්ධයාට පිහිටක් වන්න. ඕව දේශපාලකයන්ට කඩේ යන වැඩ. (බ)
මේ රනිල්ට කඩේ යාමක්. (ස)
මට මේ දේවල් වලට හිනායනවා (නි)
ගමට සේවයක් කරන්න (බ)
මම කාලයක් බොහොම ගරුකළ හිමිනමක් .ඒත් දැන් මුන්වහන්සේගේ ළඟින් ඉන්නේ කව්ද කියලා හොඳට බලන්න (නි)
සෝභිත හාමුදුරුවෝ අවුරුදු ගාණකට ඉහතදී නම් යම් යම් දේවල් රට වෙනුවෙන් කළා.හැබැයි කවුරු මොනවා කිවුවත් දැන හෝ නොදැන මේ හාමුදුරුවෝ දැන් ඉන්නේ වැරදි මාර්ගයකයි. (නි)
මේ සැබෑ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේට අපේ උත්තමාචාර්ය. (අ)
දේශපාලන තීරණ වෙනුවෙන් උපවාස කරන්න ඕනෑ නම් සිවුරු ඇරලා ඉන්න. මෙවැනි දේවල් නිසා විනාශ වෙන්නේ ශාසනයයි. (නි)
රටට වන හානිය බලන්නේ නැතුව කිසිවක් කරන්න එපා (නි)
කොළඹ හතේ සුපිරි පැළැන්තියට බණකියන සමහර සුපිරි හාමුදුරුවරුන්ට කොහොමද ගමේ මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරෙන්නේ? අනෙක මේ හාමුදුරුවෝ කියූ 19 යමද? මොනවද විධායකයේ අඩුවෙලා තියෙන්නේ? (නි)
තැටිය රත්කරලා රොටියක් පුච්චනවා වගේ නේද? (නි)
සංජීව මහතා හරියටම හරි. (නි)
රට ගැන නොහිතා සමහරු කඩේම යනවා (නි)
නැහැ, අපි එනවා (නි)
දැන් චණ්ඩියෙක් වෙලානේ! (නි)
කරුමෙක මහතා.කට්ටිය 18 දැකලද දන්නේ නැහැ බයට අත ඉස්සුවේ (නි)
ගිම්හාන, දැක්කා නම් හැටි කියන්නකෝ (නි)
අපි පිළිගන්නේ ගරු සෝභිත හාමුදුරුවන් වදාරන මඟයි. (නි)
ඔබ වහන්සේ අපට වටිනා මැණිකක්.
කොහොමත් මේ ආණ්ඩුවට සහය දෙන අයට ඊළග පාර පාර්ලිමේන්තු යන්න බෑ තමා. ඔය ව්‍යවස්තා සංශෝධනයේ තියෙන කරුනු ජනතාවට ඉදිරිපත් කරා නම් ජනතාවගේ තීරනේ දැනගන්න පුලුවන්. මේ ගොඩක් අය කෑ ගහන්නෙ ඕක දැකල, කියවල ,තේරුම් අරගෙන නෙවේ නේ (අ)
ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්, අපකව්රුත් මෙය අකුරටම ඉටු කරමු, සොභිත හිමියන්ට දිගායු වේවා, (අ)
ආපසු ගස් බදින්නද හදන්නේ. (අ)
කාලින අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම අගය කළයුතුයි. අනාගතයේදී දේශපාලන උන්මත්තකයින් බිහිවීම මෙයින්වත් නැවතේ නම්!(අ)
සුමුදු හේවා දන්නවාද ?සෝභිත හාමුදුරුවන්ට වදාරන්න ලැබෙන්නේ නැහැ. (බ)
තර්ජනයක්ද? (නි)
මේවට ලියන සමහර අයගේ අදහස් බැලුවහම අනේ අපොයි මෙයාලා මොන පාසලෙන් ඉගෙනගෙනද මේ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති අදහස් දාන්නේ කියලා හිතෙනවා (නි)
අනේ චන්ද්‍ර, ඔහෙයි මමයි දන්න දේශපාලනය? (නි)
ඔය 19 සම්පුර්ණයෙන් කියවපු අය ඉන්නවද මෙතන. (නි)
19 කියවන්නේ නැතුව කොාහාමද දන්නේ හොඳද කියලා (නි)
19ට ඡන්දය දෙන්න එපා (නි)
ආ! ඔය ටික ටික හෙළිවෙන්නේ (නි)
සුනිල්,පින්සිද්ධ වෙයි. නොදන්නා දේවල් කතානොකර ඉන්නවාද? (නි)
පක්ෂ බේද, ජාතිබේද, ආගම් බේද අමතකර 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ එයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන නිසයි.අපේ සෝභිත හිමියන්ට ගරහන අය දන්නේ නැහැ තමන්ගේ නිදහසත් මේ නිසා රැකෙන බව.මේ සෝභිත හිමියන්ගේ පමණක් නොව රටේම ජනතාවගේ අභිලාශයකි. (නි)
මේ ආණ්ඩුවත් නිකන් කබල්ලෑවාගේ ගෙට රිංගූ උරුලෑවා වගේනේ. බහුතරය විපක්ෂයේ. හැබැයි ආණ්ඩුව ඔවුන්ගේ. (නි)
හරිම කණගාටුදායක තත්වයක් තියෙන්නේ. මොකක්හරි ලිපියක් දැක්ක ගමන් ඔහේ ලියනවා. ඒ අය දන්නේ නැහැ එයාලගෙන් ඡන්දේ අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා තමන්ට ඡන්දය දාගන්න අය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා. (නි)
මානවයාගේ අයිතිවාසිකම් කඩකරන්න කාටවත් අයිතියක් නැහැ (නි)
ඔබවහන්සේ මේ කතා කරන්නෙත් එදා 13 එපා යැයිද එය රටට හෙණයක්යැයිද දෙසා වැදෑරු අයුරින්මදැයි අප කෙරෙහි කරුණාවෙන් පහදාදෙන සේක්වා! 13න් පළාත් සභාවලට පැවරෙන ඉඩම් සහ පොලිස් බලතල රටේ ඒකීයභාවයට විනයක් වන හෙයින් 19 සම්මත කරගැනීමට පෙරාතුව එකී බලතල කප්පාදු කරවා ගනු පිණිසද ඔබ වහන්සේ උපවාස කරන සේක්දැයි අපට දෙසා වදාරන සේක්වා...! (නි)
සෝභිත හිමි දේශපාලකයින්ට කඩේ යනවා නෙවෙයි.මේ වෙලාවේ උන්වහන්සේ රටේ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙරමුණ ගෙන තියනවා.හැම දේශපාලඥයාම හරි මගට ගන්න දරණ උත්සහයට වැරැදි කතා කියන්න එපා (දිල්)
භයානක වගන්ති මෙහි තිබෙන බව පෙනෙනවා.ඒ නිසා මේ 19 ගැන නොදැන කතාකරන කට්ටිය "පනින්න පෙර සිතබලනු!" (නි)
19ට ඡන්දය නොදී ගමට එන්න එපා කියලා ඔබවහන්සේ මන්ත්‍රීවරුන්ට කියන අතරේ ගමේ ඡන්දදායකයන් එතුමන්ලාට ඉතාම ආදරයෙන් කරුණාවෙන් පවසා ඇත්තේ 19 ට ඡන්දය දී රටට ද්‍රෝහී වුණොත් ඔවුන්ගේ ඡන්දය එතුමන්ලාට ළඟ එන ඡන්දයේදී නොලැබෙන බවයි. ඔවුන්ට සැබැවින්ම වැඩිය වටින්නේ කවුදැයි දැක බලාගැනීමට මෙය නම් අනගි අවස්ථාවකි. (නි)
මේ කාටවත් කඩේ යනවා නොවේ රටේ මහජනතාව වෙනුවෙන් 19 වැනි සංශෝධනය සම්මත කර ගන්න උත්සහා කරන්නේ (දිල්)
එහෙම කොහොමද කියන්නේ? (නි)
මේ උගත් හිමිවරුන් ඉදිරිපත් වී කියන අරුත පවා අතිශයින් සමච්චලයට පත්කරමින් 19 වන සංශෝධනයට මහත් විශ්වාසයෙන් ආවඩන වැඩි පිරිසක් සිටීම ගැන කම්පාවෙමි. (නි)
මේ විමුක්ති ,රණසිංහ, මේ ඔයාල නොදන්නා 19 ............. පිරමීඩ් රාජපක්ෂට කඩේ යන්න එපා ඔයාලත් මේ ගොල්ලන්ගේ පිරමීඩ් එකේ පහලම ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක් නම් (58) 19 ට විරුද්ද වන්න (බ)
මම නම් කියන්නේ විධායක ජනාධිපති තනතුරේ බලතල සීමා කිරීම , රට දෙකඩ කිරීමට රුකුලක් බවයි. (නි)
මෙහෙම තර්ජනය කරනවට වඩා හොඳයි මොකද්ද ඕක කියලා පැහැදිලි කළා නම්. හාමුදුරුවෝ දැනුම්දීලා මොනවා කරන්නද? මේ රටේ මිනිස්සු හාමුදුරුවෝ කියන විදියට වැඩ කරන්න ඕනෑද? හාමුදුරුවෝ කවදාද අවංකව රටේ ප්‍රශ්න ගැන කතාකළේ? (නි)
සෝභිත හාමුදුරුවෝ කියන්නේ ජනතාවගේ අදහස . ඔහු ජනතාවට සේවයක් කරන හමුදුරු කෙනෙක් (බ)
හාමුදුරුවනේ ගමට ආවත් නාවත් ජනතාවගෙන් දුරස් වෙන අයට ආයෙමත් ඡන්දෙ ලැබෙන්නේ නැහැ. (බ)
රණසිංහ කියන දෙයට මමත් එකග වෙනවා (බ)
හාමුදුරුවන්ට තියෙන අයිතිය මොකක්ද මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීමට. විරුද්ධ වීම හෝ කැමති වීම මන්ත්‍රීවරුන්ගේ අයිතිය (බ)
අපේ හාමුදුරුවෝ හරි දේ කිව්වා. ගමට අවොත් ආයේ පාර්ලිමේන්තුවට යන්න දෙන්නේ නැහැ. (දිල්)
19 සම්මත වුණේ නැත්නම් මොනවා වෙයිද?(දිල්)
ඕව කිඅන්න ජන්දේ දීපු අයට යහපාලනයට. (ස)
මුන් වහන්සේගෙන් පිස්සුද කියල අහන ජාතිවාදී මහින්දවාදී මෝඩයින්ට කියන්න තියෙන්නෙ,ලක්ෂ 62 ජනතාව දුන්න වරම තමා විධායකය අහෝසි කිරීම..මුන් වහන්සේ මේ කෑ ගහන්නෙ රට වෙනුවෙන්..තමන්ගෙ වාසියටවත් කාටවත් කඩේ යන්නවත් නෙමේ. (ස)
විටක හොඳ වේවි විටක නරක වේවි අනිවාර්යෙන්ම (අ)
ඔබ වහන්සේගේ දීර්ඝායුෂ හා ආරක්ෂාව අපි ප්‍රාර්ථනා කරනවා. මහජනතාව වෙනුවෙන් ඔබවහන්සේගේ කැපවීමට අපේ සම්පූර්ණ සහයෝගය හා සුබ පැතුම්!
බලය, ධනය සහ රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පවත්වන ලද මැතිවරණයක දී මේ රටේ පුරවැසියන් සතු පරමාධිපත්‍යය 2015 ජනවාරි 08 වැනි දා මැනැවින් විදහා දැක්විණි. රටේ බහුතරයකගේ පරමාභිලාෂය වූයේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර ගැනීම සහ රාජ්‍ය පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට පරිවර්තනය කර ගැනීම බව විස්තර කළ යුතු නැත.19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විට මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නෛතික පසුබිමක් නැත. එය පැහැදිලිය. එබැවින් දීර්ඝ කාලයක් තමන්ට සහ තම පවුලට අභිමත අන්දමින් බලය සන්තක කර ගත් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට හැකි හැම දෙයක්ම සිදු කරන බව පෙනේ. එයට ණයට කහින කිහිප දෙන අතර ,විමුක්ති ,අසෝකා රණසිංහ වැනි අන්ද බාලයනද සිටීම පුදුමයට කරුණක් නොවේ. (ස)
හරි වැඩේ මේක සම්මත වුණොත් අපිට වැලේ වැල් නැතිවෙනවා. (නි)
ඉන්දික , සමන් මම අහන්නේ කෙනෙකුට තර්ජනය කරන්න මෙතුමාට තියෙන අයිතිය මොකද්ද. බුදුදහමේ කොතනද එහෙම කරලා තියෙන්නේ. සිවුරෙන් අයින්වෙලා ඕනේ දෙයක් කරගත්තනම් පින්සිද්ද වෙනවා නේද? (ස)
රණසිංහ මහත්තයෝ ඔය කතාව අර හාමදුරුවන්ටත් කියන්නකෝ. (ස)
ඡන්දෙ දුන්නොත් නම් සන්දානේ අයට වෙන්නේ පාක්ෂිකයට මූන දෙන්න ගමට යන්න බැරි වෙන එක. (ස)
ඡන්දය දෙන නොදෙන එක තමන්ගේ අයිතියක් (නි)
කවුද බොලේ ගමේ චන්ඩිය. (ස)
සත් ගුණවත් චම්පික රණවක උතුමත් මේකට කැමති නෑ නේද? (ස)
ඉන්දික ගාලේවත්ත ගේ අදහසට මමත් ඵකඟ වෙනව. (ස)
ඔබ වහන්සේ කීවේ අහෝසි කරන කියල නේ..දැන් එකද වෙන්නේ..(අ)
රටට යහපතක් කිරීමට ඉදිරිපත්වන ගරු සොබිත හිමිට ජාතියේ ප්‍රණාමය. (අ)
ආණ්ඩුවට පැනපු අයට නම් ගමට මුණ දෙන්න බැරුව ඉන්නේ. (අ)
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගතහොත් සිදු වන්නේ සිංහලයාගේ මරණ වරෙන්තුව සම්මත කරගත්තා වගේ දෙයකි.(අ)
කට්ටිය බයවෙලා පෝලිමේ ගිහින් ඡන්දෙ දේවි..අනේ හාමදුරුවනේ,,මහින්ද මහත්තයව එලවල යුද්දෙන් පස්සේ ඔලුව උස්සගෙන ආපු රට ආපස්සට කරකවල දෙමල ජාතිවාදී දේශපාලනයට උතුර නැගෙනහිර ලියල දෙන ගමන් රටේ ජාතික ආරක්ෂාව බින්දුවට දාල ආර්ථිකය කඩා වට්ටලා රට අරාජික කරලා මේ රටට ඔබ වහන්සේලා අරගෙන දීපු හෙන ඇති දැන්. (ස)
ගමේ ඉන්න අපිට නම් පෙනෙන්නේ මේක මැර තර්ජනයක් කියලයි. කොහොමුනත් ගමේ අපිට නම් ඔය 19 වැදගත් කමක් නැහැ ඕන්. දෙසපලකයෝන්ට නම් අනේ මන්ද? (ස)
හාමුදුරුවෝ ජාතික ගීය දෙමලෙන් කීම ගෙැන මොකද කියන්නේ. මහා ලොකු ඉන්දියාවේත් නැති දෙයක් සිරිසේන දුන්නේ අැයි , කෝ අද රත්නේ? (ස)
අමාලි මටත් අහන්න තිබෙන්නේ ඔය ටිකම තමයි.හාමුදුරුවෝ කතා කරන්නේ අයිආර්සී කාරයෙක් වගේනේ.නවසිය හැටේ දසකයේත් ඔයවගේ කෙනෙක් හිටිය අවමොට්ටාවේ දැමරවන්ස කියල. (ස)
ඔබ වහන්සේ හරි. ඔබ වහන්සේගේ දීර්ඝායුෂ හා ආරක්ෂාව අපි ප්‍රාර්ථනා කරනවා (නි)
කොටුවේ,පිටකොටුවේ සල්ලි තමයි ඔය කෑගහන්නේ. (ස)
ඔබ වහන්සේවත් නොබියව ඔය ටික කිවුව එක ලොකු දෙයක්. ජයවේවා! (නි)
හාමුදුරුවෝ වැඩ ඉන්නේ ගමක නෙමේනේ,එ්ක නිසා ගමේ මිනිස්සුන්ට ඕනේ මොනවද කියල හාමුදුරුවෝ දන්නේ නැතුව ඇති,අපි නම් ඉන්නේ ගම වල,ගමේ මිනිස්ස්සු නම් කියන්නේ අපට අයෙත් පන ඇති ආණ්ඩුවක් ඕනේ කියල,ගමේ සංවර්ධනයක් පාරක් බෝක්කුවක් හදන ආණ්ඩුවක් ඕනේ කියල,19,20,කොමිසන් සබා නෙමේ ගමේ මිනිහ ඉල්ලන්නේ,අද ආණ්ඩුවට පැනල ඉන්න ඇමතිවරුන්ට ගමට යන්න බැරි තත්වයක් තියෙන්නේ. (ස)
මේකේ හාමුදුරුවන්ට විරුද්ධව අදහස් දාන අය පොඩ්ඩක් හිතා බලන්න 18 සංශෝධනය ගැන කියනකොට විරුද්ධව වචනයක්වත් තමන් කතාකළාද කියලා (නි)
මෙතන ඉන්න කී දෙනෙක් දැකල තියෙනවද අද පාර්ලිමේන්තුවට ගෙන 19 වෙනි සංශෝදනය, හැමෝම බොරුවට කෑ ගහන්නේ, අඩුම තරමේ සෝභිත හාමුදුරුවොත් දැකල නැතුව ඇති ඕක. (ස)
යහ පල බොරු නමකින් ඉඳගෙන මේ වගේ කතා කියන එක හොඳයි. නැතිනම් කටේ දත්වලින් 19-20 අඩු වෙන්න තිබුණා. (ස)
මම බොහොම ගරු කරන හාමුදුරු නමක් , එ්ත් මුන්වහන්සේ දැන් යන්නේ වැරදි පාරක බව තමා මගේ අදහස , මුන් වහන්සේ යනවා නොවේ යවනවා . එදා 13 එපා කියලා 1987 මයි 19 පිට කොටුවේ බෝගහ ළඟ කඳුළු ගස් කකා උපවාස කළා . දැන් මෝඩි මහතා ඇවිත් අපේම පාර්ලිමේන්තුවට ගිහින් කියනවා 13 ට එහා ගිය බලයක් දෙන්න කියලා , උතුරු වර්තමාන මහා ඇමති උතුරු පළාත් සබාවේ සම්මට කළා 1948 ඉදන මේ රට පාලනය කරපු අය ද්‍රවිඩ ජාතිය ජන සංහාරයක් කළා කියලා , අද උතුරේ හමුදා කඳවුරු එක එක බෙදා දෙනවා . සාම්පුර කඳවුර අයින් කළා , දැන් යාපනේ එයාර් පොර්ට් එකක් හදන්න යනවා , මේ මොකටද යන්නේ අපේ හාමුදුරුවනේ ? ඔබ වහන්සේට මේවා පෙන්නේ නැද්ද ? (ස)