19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අරඹමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති පනත 10.11ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.
‘මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම ඓතිහාසික වරප්‍රසාදයකි‘ යි ජනපති කීවේය.
‘මෙම ඓතිහාසික සංශෝධනය අඟහරුවාදා (28) සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්තෘතියක් ඉදිරිපත් කිරීමට මුල් වූ ඩී එස් හා එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක නායකයන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියටත් අප ගෙන යා යුතුයි.
විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතලවලට ශ්‍රීලනිපය එරෙහි වුණා. 1999 දී එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බව එජාපයත් ප්‍රකාශ කළා. එම අත්තනෝමතික බලතල ඉවත් කිරීමට ඉන් පසු පැවැති ආණ්ඩු නොයෙක් අවස්ථාවල දී කියා සිටියත් එය ඉටුවූයේ නෑ. මහින්ද රාජපක්ෂ පාලනයත් පැහැදිලි ලෙස පැවසුවේ එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බවයි. එහෙයින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු යහපත් නීති පැනවීමේ අවශ්‍යතාව පාසල් දරුවන් පවා අගය කරනවා.‘
‘විධායක ජනාධිපතිධුරයට පත් වූ පුද්ගලයකු වශයෙන් තමා එහි බලතල ඉවත් කිරීමට කැමති වුණා. මම මා ගැන කියනවා නොවෙයි. එම බලතල ඉවත් කිරීමට මා තරම් නම්‍යශීලී වූ තවත් පුද්ගලයකු ඇත්දැයි සිතා ගන්නට බැහැ.මේ ව්‍යවස්ථා සංශෝධනයටත් රාජ්‍ය පාලනයේ යහපත් ගුණාංගවලටත් අන්තර්ජාතික වශයෙන් ලොකු සහායක් ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයත් සහාය දක්වනවා. ප්‍රජාතන්ත්‍ර වාදය රකින හැටි, දූෂණය වංචාව, මානව හිමිකම් මර්දනය නොමැතිව අප රට ගෙන යන ආකාරය ගැන ඔවුන් සෑහීමකට පත් වී සිටිනවා.
විධායක ජනාධිපතිරධුයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව මහින්ද රාජපක්ෂ මහතාගේත්, මාගෙත් මැතිවරණ ප්‍රකාශයන්හි සටහන් වෙනවා. ලක්ෂ 120ක් පමණ ඡන්ද දායකයන් පැහැදිලිවම කියා ඇත්තේ එය වෙනස් කළ යුතු බවයි. වසර 37ක් 28ක් පුරා එම ක්‍රමය වෙනස් කිරීමට මහජනයා උත්සාහ කළා. නමුත් සිදුවී ඇත්තේ කවරාකාරයකින් හෝ ජනාධිපතිගේ බලතල වැඩි වීම පමණයි. ජනාධිපතිට අසීමිත බලතල ලැබෙන 18 සංශෝධනය සම්මත කර ගත්තා. 18න් කියැවෙන්නේ ජනාධිපතිට ධුර දෙකකට වඩා තරග කළ හැකි බවයි. මා ඇතුළු ශ්‍රීලනිප සියලු දෙනා ඊට එදා සහාය දුන්නා.
එම ක්‍රමය වෙනස් කළ යුතු බවට අද යම් එකඟත්වයක් ඇති වී තිබෙනවා. ගැටළු නිරාකරණය කරගෙන ශ්‍රී ලංකාවේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් යළි ආරක්ෂා කරමින් එම ඓතිහාසික ගෞරවය පක්ෂ භේදයෙන් තොරව සියලුම දේශපාලන පක්ෂවලට ලබා ගැනීමට අද සිට දවස් එක හමාරක් තිබෙනවා. එහෙයින් ඒ වාසනාව උදා කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා‘
ජනපතිගේ කතාවට මිනිත්තු 17ක් ගත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක බලතල අහෝසි කිරීමට හෝ බලතල සංශෝධනය කිරීමට බලයේ සිටින ජනාධිපතිවරයෙක් නම්‍යශීලි කරගැනීමට හැකිවීම දුර්ලභ කාරණයකි.මෙය වර්තමාන ශ්‍රී ලාංකික ජනතාව ලැබූ හාස්කමකි.මේ ලද අවස්ථාව මග නොහැර මතු නූපන් පරපුර වෙනුවෙන් සාක්ෂාත් කරගත යතු මහානිශංස පුන්‍ය කටයුත්තකි. (බ)
ජය වේවා ඔබ ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි (බ)
යු.එන්.පී එකේ අද ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් එදා ජේ.ආර් ගේ මේ ව්‍යවස්ථාවට අත් දෙකයි කකුල් දෙකයිත් ඉස්සුවා. එ්කෙන් හොඳට කෑවා. එදා එන්.එම් කොල්වින් වගේ අය කිව්වා මේකේ තියන භයානක කම. ඊට පස්සේ මහින්ද ඒක ඇඟේ ඔතාගන හිටියා. ජේ.ආර් ටත් වැඩිය ඒක පාවිච්චි කළා. හැමදාම බොරුකිව්වා මේක ගලෝනවා කියලා. එ්කේ අනිත් බයියිලා ටිකත් එක එක ඒවා කිව්වා. අන්තිමට 18 ගෙනල්ලා ඒක තවත් තද කර ගත්තා. දැන් ඔය හොරු ඔක්කොම මහජනමතය අනුව වැඩ කලොත් හොඳා.(නදී)
ජය වේවා ඔබ කවදාවත් අමතක නොකළ සේවයක් ඉටු කලා (නදී)
මොන කොමිසම දැම්මත් වැඩක් නැහැ.ඒකට පත් කර ගන්නෙත් දුෂිතයන් සහ හිතවතුන්. හොඳම උදාහරණය තමයි අල්ලස් එකට රනිල්ගේ හිතවතෙක් දාගෙන අවශ්‍ය දඩයම කිරීම. ව්‍යවස්ථාව අස්සේ රට විනාශ වන දේවල් තියෙන එක තමයි භයානකම තත්වය. (ස)
වඩා වැදගත් හෙට රටට වැදගත් වෙනස මිස අත්හැරීම හෝ ගොඩ ගැසීම නොවේ (දිල්)
නැහැ, නැහැ මේ සංශෝදනයෙන් රටේ මධ්‍යස්ථ පාලනය බිඳ වැටෙනවා. උඩින් පෙනෙන හොඳට වඩා ඇතුලේ තියෙන නරක වැඩියි. මේක කරන්න ඕනිම නම් කල් අරන් සාකච්ඡා කරලා වඩා හොඳ විදියට කලා නම් හරි. මේක ලකුණු දාගන්න සහ ඊළඟ ඡන්දෙ බලාගෙන කරන වංචාවක්. කොහොමත් ගිය ඡන්දෙදි ගහපු හොර ගිවිසුම් ක්‍රියාත්මක කරන්නත් ඕනිනේ. (නදී)
හොද වැඩක් රටට යහපතක් වේවා! (ම)
කමල්ගේ මොලේ තමයි මොලේ. අපිට වැදගත් ජනතා ජයග්‍රහණ. ඉන්නේ රනිල්ද මෛත්‍රී ද මහින්ද ද වැදගත් නැහැ. ස්වාධීන කොමිසන් ඒකාධිපති බලත කප්පාදුව තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන අතර රටේ නීතිය හා සාමය ස්ථාපිත වෙනවා.මෙඉන් හානිකර වන්නේ බඩගෝස්තරවාදී දේශපලනයටයි. එය ඉතිහාසය මැනවින් පෙන්නුම් කරනවා. (බ)
ඉතාමත් තීරණාත්මක අවස්තාවක් රටට යහපතක්ම වේවා !(නදී)
බොහොම හොදයි (දිල්)
අපිට වැරදුන තැන් දෙකක් තියෙනවා . එකක් 1977 දී ජේ .ආර් ජයවර්ධන මහතා බලයට පත් කරපු එක ...එතනින් හොරකමට අධික බලයට පාර කැපුණා .සමාජයේ හික්මීම සංස්කෘතිය නැත්තටම නැති උනා.දැන් මේ අවස්ථාව නැති කර ගන්න එපා ..(බ)