මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ මැතිවරණවලදී තමන්ගේ ඡන්ද කුට්ටිය වෙන්දේසි කර රජුන් තනන්නන් බවට පත් වීමට උත්සාහා කරන අය බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයෙන් කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අසාධාරණයක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී 19 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කැර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය සහාය දෙන බව කී අමාත්‍යවරයා එයට සහාය දෙන ලෙස අනිකුත් පක්ෂ වලින් හා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.
එය සම්මත වීමට බාධා කරන්නන් ජනතා ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ බත්තරමුල්ල ,පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළඋරුම ප්‍රධාන කාර්යාලයයේදී අද (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය
හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාඨලී මහත්තයා නේද කලින් 19 පරදද්දනවා කියා කෑ ගැසුවේ. ඒ අතින් ජවිපෙ., එදා ඉදලාම විධායකය අහෝසි කරන්න කටයුතු කරනවා. එත් හෙළ උරුමේ කාලෙන් කාලෙට එක එක කතාන්දර කියවනවා. අපිත් විධායක බලය අහෝසි කරනවාට කැමතියි. විධායක බලතල නිසා අපි දැන් හොඳ අත්දැකීම් ලබලා තියෙන්නේ. අප බලාපොරෙත්තු වෙන වෙනසත් එයයි.(දිල්)
අනේ මෙයාලගේ දේශප්‍රේමී දේශද්‍රෝහී විග්‍රහ තවදුරටත් අහගෙන ඉන්නත් අප්‍රියයි. මොන කෙන් ගෙධියටද අන්ත ප්‍රතිගාමී 18 ට ඡන්දෙ දුන්නේ? ඒ විතරක්ද ඉතාම යහපත් සංශෝදනයක් වූ 17 ට මෙයා විතරයි විරුද්ද වුනේ මුළු පර්ලිමෙන්තුවෙන්ම. අවුරුදු 25 ට වඩා වයස අඩු දුවල පුතාල කව්රුහරි වැඩිහිටි කෙනෙක් ගෙන් අහල බලන්න.(නදී)
ගෙම්බා මහත්තයා කටුස්සා වගේ වචන මාරුව මොකද ?(නදී)
කරුණාදාස මහතාගේ අදහස අගය කරමි. එය එසේම වේවායි ප්‍රර්ථනා කරමු. විශේෂයෙන් පිඩිත පංතිය සත්‍ය තේරුම් ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.(නදී)
දවස් කීපයකට කලින් මේක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කිය කියා මැරෙන්නේ හැදුව අපිට අමතක නෑ මෙයා (දිල්)
ජේවීපී එකවිතරයි කොන්ද කෙලින් තියාගෙන කතා කලේ මේ ගැන. (ර)
ඒ වගේම ඇමතිතුමා, කොටියන්ගේ හෝ ඔවුන්ට ආවඩන සිංහල ද්‍රෝහියන්ගේ මනදොල සතුටු කිරීමට හසලක ගාමිණි විරුවාගේ පිළිරුවත් ඉවත් කිරීමට ඉඩ නොදෙන්න. (බ)
දැන් දවස් කීපෙකෙට කලින් මෙරෙන්න හැදුව නේද අලුත් සංශෝදන කුමන්ත්‍රණ කියා කියා..(බ)
ජවිපෙයි හෙළ උරුමයයි එකට එකතු වෙලා යායුතු පක්ෂ දෙකක් බව මගේ නම් පුද්ගලික හැඟිමයි. අනෙක් පක්ෂ දෙකට වඩා ඒ දෙකේ පොදු ලක්ෂණ හුඟක් තියෙනවා. හොඳ මොළ ටිකක් එකතු වෙලා රට සංවර්ධනය කරන්න පුළුවනනම් කොතරම් අගනේද?(දිල්)
කොහොම හරි රටටට සෙතක් වෙනවනම් එච්චරයි.(දිල්)
මෙතුමාගේ කතාව සැරයි. වේගවත්. හැබැයි තර්කානුකූලයි. අහන් ඉන්න ආසයි. ඒකට තරුණ පරම්පරාව,උගත් අය කැමතියි.(දිල්)
කරුණාදාස මහත්තය මොන මොන්ටිසොරියටද යන්නේ..? ගුරුතුමීට කියන්න සුරංගනා කතාම නොකිය ඇත්ත කතාවකුත් කියල දෙන්න කියල..පව් ළදරුව.. (නදී)
පංචන දැන් කැමති අර කෑගහපු එක වෙනස් කරලා ගෙනාපු අලුත් එකට කියලයි මම හිතන්නේ. ඒක වෙනස් කරගන්න තමයි උගුර කඩාගෙන කෑගැහුවෙ මෙතුමා. (බ)
ජවිපෙයි හෙළ උරුමයයි එකට එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්නකො. කාට දෙම්දෝ නොදෙම්දෝ කියලා ඉන්න ජනතාව උඩ පැන පැන ඡන්දෙ දෙනවා ඒකාන්තයි. කඳ බඩ මහත උගත් කමක් නැති සම්ප්‍රදායික දේශපාළුවන්ට කතිරෙ ගහලා හෙම්බත් වෙලා ඉන්නේ අපේ රටේ මිනිස්සු. (බ)
ජරා ජීර්ණ වු ලංකාවේ දේශපාලනය සුද්ධ කරන්න මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීම අත්‍යවශ්‍යෙ දෙයක්. එය කෙසේ හෝ වෙනවානම් රටට හොඳයි. (බ)
කිසිදා ජන වරමකින් ජයගත නොහැකි රනිල් මහින්ද මහත්තයව පරදා බලය ලබාගැනීමට පාවිච්චි කරපු ඉත්තෙක් උනා.දැන් ද්‍රෝහියෝ ගැන කතා කරනවා .(බ)
මහනාම - කඳාන, ඔයා කමෙන්ට් කරන්නෙ නැතුව පොතක් ලියන්නකෝ. අපිට පල්හෑලි කියවන්න වෙලා නැහැ. දැක්ක ගමන් හිතින් බනිනවා විතරයි.(නදී)
ව්‍යවස්ථා ගැන දැනගන්න ඕනෙ නම් අපි ඒ ගැන හරියට ලියපු පොතක් පතක් බලනවා මිසක් මහනාම - කඳාන ගෙ පක්ෂග්‍රාහි අදහස් බලන්නේ නැහැ.(නදී)
ආ... හරි හරි. අපි ද්‍රෝහියෝ. බලමුකෝ ඉස්සරහට (නි)
අනුන්ට ද්‍රෝහියෝ කියන මේගොල්ලෝ දේශප්‍රේමින්ලුද එතකොට? (නි)
අයි 2020 දී ජනධිපතිවෙන්නද ආසාව , දවල්ද නැත්නම් හිනෙන් බයවෙලාද (අ)
අර කුමන්ත්‍රණය ඉවරද ? කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕක තමා.(බ)
රටට ඹ්නේ මේ වගේ මොලේ තියෙන මිනිස්සු. (අ)
නැහැ කරුණාදාසගෙ කතාවෙත් ගත යුත්තක් තියෙනවා. යූඑන්පී ශ්‍රි ලංකා එකට එකතු වෙලා රට කරවන්න කියලා ඒ කාලේ කවුරු හරි කිව්ව නම් ඒක විශ්වාස කරන්නෙත් නැහැ එකල. නමුත් පසුකාලිනව ඒකත් වුනා. යහපාලට දුර දක්නා නුවන නැහැ. අදගැන විතරක් හිතලා තිරණ ගන්න එපා. (අ)
19 සම්මත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා රුපවාහිනි නාලිකාවල ෂෝ දැම්මේ කවුද.? එතකොට ද්‍රෝහියෝ නෙවෙයිද.? 19 තුලින් මාද්‍ය මර්ධනයක් එන බව පැහැදිළිව දකිද්දීත් ඒවා සංශෝධනය කර නොගෙන එයට පක්ෂ වෙන්නෝ ද්‍රෝහියෝ නොවෙයිද.? (ස)
අම්මේ ඔව්. මහානාමගෙ කමෙන්ට් දැක්ක ගමන් ජබර කලන්තේ හැදෙනවා. ඒක අතඇරලා ටක් ගාලා ඊළඟ කමෙන්ට් එක බලනවා මමත්. (ස)
යන්න මන්ත්‍රීතුමා බොරු බයිලා ගහන්නේ නැතුව (බ)
දවල් මිගෙල් රෑ දනියෙල්. මා හරි උගතා මා හරි ජගතා. කෙනෙක් දියුණුවේ ඉහලට යනවා බලා ඉදින්නට බැරිනම්.. මේ කොටස් සේරම මේ දෙන්නට ගැලපෙනවා. (නදී)
මෙතුමා කැගහපු නිසයි අධිකරණයෙන් තීන්දුවක් දුන්නේ වගන්ති කිහිපයක් සංශෝදනය කරන්න කියල..!. දැන් තියන්නේ සංශෝධිත ව්‍යවස්ථාව, 19-A (බ)
මේ ගොල්ලන්ගේ ඡන්ද ලකුණට "කබරගොයා" හොඳට ගැලපෙනවා.(නදී)
සති කිහිපයකට කලින් මේ මහතා කිව්වේ වෙන දෙයක්නේ. (බ)
දැන් තියන්නේ සංශෝධිත ව්‍යවස්ථාව (අ)
තම තමන්ගේ පුද්ගලික වාසි තකා ජරාජීර්ණ කල දේශපාලනය නැවත හරිමගට ගත යුතුයි. මෙය ඊට හොදම අවස්ථාවයි.18න් නැති කල ස්වාධින කොමිසන් සභා නැවත ඇති කල යුතුයි. බලතල බෙදිය යුතුයි. එක පුද්ගලයෙක් අතට අසීමාන්තික ලෙස ලබා නොදිය යුතුයි.උන්මත්තකයන් බිහි නොකළ යුතුයි. ජනමතයට හිස නැමිය යුතුයි. පාර්ලිමේන්තුව අධිකරණය ස්වාධින කල යුතුයි. (ස)
අපි මහා කරුමකාර කාලසීමාවක් මේ ගෙවන්නේ, දේශපාලුවන් රට නොබෝ දිනකින්ම අගාදෙට ගෙනියනවා. පසුගිය ජනාධිපති වරනෙන් පසු සිදු කරමින් ඉන්න නිර්ලජ්ජි කෙරුම් කියුම් කොපමණ සට කපටද කියා සිතන්නට තරම් වත් ඔලු ගෙඩියක් ගොඩ දෙනෙකුට නැහැ වගේම වෙන විපත හොද යයි වර්ණනා කරමින් තප්පුලයි. මේවා කියන අපිටත් ගරහයි. මහානාම- කදාන ඔබට තුති, ඔබේ කතාව පල් හෑල්ලක් නොවේ..(නදී)
විකෘර්ති ආශාවන්ගෙන් පිරුණු අය කියන දේවල් එච්චර වැදගත් කමක් නැහැ.(බ)
මෙන්න අපේ '' ජාතික හෙළ උරුමය '' (බ)
මේයාත් දැන් හරියට දවල් මිගෙල් රැ දැනියල් වගේ. අපරාදේ මේයාට දුන් අපේ ඡන්දය (බ)
ඉතාමත් නින්දිත ආකාරයෙන් රට බේරාගත් නායකයාට පහර ගසමින් රටට යුද ජයග්‍රහණයට අවමන් කල යුද විරුවන් දංගෙඩියට දක්කන්න වෙරදරන පාර්ශවයන් සමග හිරිකිතයක් නැතුව හිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුනට කඩේ ගියා මෙයා (බ)
ඇත්තෙන්ම පාඨලී මහත්මය එහෙම කිවුවද? (බ)
මෙයාල හිතන් ඉන්නේ මෙයාල කියන කියන විදියට මිනිස්සු ඡන්දෙ දෙන්න ඕනේ කියල. දැන් ගෙනත් තියෙන්නේ අධිකරණයෙන් අනුමැතිය දීපු ව්‍යවස්ථාව නෙමෙයි , එක කොටසකට වාසි වෙන විදියට හදාගනිපු ව්‍යවස්ථාවක්. දැන් මෙයාලට හංසයාගෙන් ඉල්ලලා දිනන්න බැරිබව දන්නා නිසා , යූඇන්පී එකට සපෝර්ට් කරලා එ්කෙන් ඡන්දෙ ඉල්ලන්නයි හදන්නේ. (බ)
ද්‍රොහියෝ යනු සීඅයිඒ සහ රෝ අවශ්‍යතාවයන් උදේසා ජාතික අවශ්‍යතාවයන් ඉවත ලා කටයුතු කළ දේශපාලනඥයින් මිස 19 ට හෝ 20 ට එරෙහිවන්නන් නොවේ. 19වන සංශෝධනය යනු මේ රට අස්ථාවර කිරීමට විජාතික බලවේග ඇටවූ උගුලක්. මේ රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. එය නොවන්නට අප තවමත් ජාතිවාදී යුද්ධයක පැටලී සිටින ජාතියක්.(බ)
19 ගැන කතා කිරීමට අපේ දැනුම මදි කියලා යි මම විශ්වාස කරන්නේ . මේ 19 කොතරම් තීරනාත්මක්ද කොතරම් මත බේදයට තුඩු දුන්නද කියල මෙතනැ අදහස් දාන අය නොදන්නවා වෙන්න බැ . ශ්‍රේෂ්ඨාධිකරණයට දාල කොච්චර වෙනස් කලාද ? එජාපය් උත්සහ කළේ , සද්ද නැතිව ඔක්කොම සම්මත කර ගන්න , අන්තිමට උසාවියෙන් කොච්චර් වෙනස් කලාද ? දැන් මොකද වෙලා තියෙන්නේ ? උසාවියට දැම්මේ එක සංසෝදන ලියවිල්ලක් , මන්ත්‍රී ගොල්ලට අධ්‍යයන කරන්න දුන්නේ තව සංශෝධාන සහිත ලියවිල්ලක් , පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ මේ දෙකටම නැති ලියවිල්ලක් . මෙතැන් කොලේ වහලා ගහන්නේ යන්නේ කියල නොතෙරෙන්නේ මොන්ටිසෝරි යන බබාලට විතරයි . සමහරු 19 18 එක්ක සන්සන්ධනය කරන්න හදනවා , මට කනගාටුයි ඇයි එයාල මෙච්චර පටු විදිහට ජාතික පර්ස්නයක් ගැන හිතන්නේ කියලා . 18 කියන්නේ ඉතා සුලු දේශීය වශයෙන් බලපාන සංශෝන සහීන වෙනසක් , 19 කියන්නේ මුලු ආණ්ඩු ක්‍රම වියව්ස්තාවම උඩු යටි කුරු කරන සංශෝදන සංකීර්ණ සහීත වෙනසක් . මොනවද 18 වුනේ , ස්වාධීන් කොමිෂන් සබා බල රහිත කළා , ඇත්තටම එක ලොකු වරදක් , වෙන මොනවද ? ජනාතධිපති ගේ වාර ගැන 2 ඉවත් කර අසීමිත කළා , ඒක කිසිම ප්‍රස්නයක් නැ , 2 පාරද 3 පාරද 4 පාරද , එහෙම නැතිනම් 0 පාරද කියලා තීර්නය කරන්නේ මහා ජනතාවයි , එහෙම නැතිව යල් පැනපු නීති නොවේ . 1978 ජේ ආර් මහතා 2 පාර කලේ එයා ගේ වයස ගැන හිතලා මිස ඇමෙරිකන් හෝ ප්‍රංස වියවස්තා ගැන හිතලා නොවේ , එහෙම හිතුවා නම් අනෙක් නිත් රීතිත් ඒ වගේම කල යුතුව තිබුනා , එක නිසා අපේ උදවිය පක්ෂ බෙදා වලින් තොරව මේ ප්‍රශ්න ගැන සිතා බැලිය යුතුයි .(බ)