ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වෙතියි සියලු බලාපොරොත්තු ඇති බවත් එහෙත් එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවුනහොත් ඊට හේතුව කුමන්ත්‍රණයක් විය හැකි බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹ මාධ්‍ය හමුවකදී කීහ.
‘ජනපති අසීමිත බලතල නැති කරන මේ පනත සම්මත කිරීම ඵෙතිහාසික ජයග්‍රහණයක්. සම්මත වනු ඇතැයි හැම බලාපොරොත්තුවක්ම තියෙනවා. යම් හෙයකින් එය පරාජය වුවහොත් එය ඵෙතිහාසික පරාජයක්. ඊට හේතුව කුමන්ත්‍රණයක් විය හැකියි‘
අද සවස 6 ට පනත තෙවැනිවර කියවා ඡන්ද විමසීම පැවැත්වේ.
එම පනතට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දය අවශ්‍ය වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දෙකඩ කරන, රටේ නිදහස නැති කරන හෝ බලය රේක ගැනීමට පමණක් නම් මෙම 19 සංසෝදනය තුල ඇති කරුණු වලංගු වන්නේ කරුණාකර මෙය පරාජය කරන්න. රටේ ඒකීය බාවය වෙනුවෙන් සහය දෙන්න.(හේ)
පැරදුනොත් අනිවාර්යෙන්ම කුමන්ත්‍රණයක් තමයි.(බ)