IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


19 විභාගය ඉවරයි : තීන්දුව කථානායකට

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳව පක්ෂ හා විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අද (6) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තු කථානායකවරයාට හා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බවට දැනුම් දුන්නේය.

19 වැනි සංශෝධනය පිළිබඳ පෙත්සම් 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුවී තිබූ අතර ඉකුත් අප්‍රේල් 1,2 සහ 6 (අද) තෙදිනක් පුරා මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාත් ඩෙප් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම 19 වැනි සංශෝධනය නීතියට පටහැනි බවත් එබැවින් එම සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් සම්මතවීම පමණක් නොව ජනමත විචාරයකින්ද සම්මත කළ යුතු බවට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා ඇතුළු 15 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළහ.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් පෙත්සම් 5ක් අදාළ කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණක් අවශ්‍ය නොවන බව කියා සිටියේය.



අදහස් (0)

19 විභාගය ඉවරයි : තීන්දුව කථානායකට

මිල්රෝයි Monday, 06 April 2015 03:25 PM

මහජනතාවට ඔය මුකුත් වැඩක් නැහැ. එයාලට ඕනෑ පාරවල් හදලා කරදරයක් නැතුව රැකියාවක් කරගෙන වාහනයක් ගෙදරට අරගෙන ලස්සනට ජීවත්වෙන්න. (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 06 April 2015 04:14 PM

මේවා දේසපාලකයන්ගේ පැවැත්මට කරන දේවල්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 06 April 2015 11:10 PM

මේවා කරන්නේ රටේ යහපතට. (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 April 2015 02:15 AM

තීන්දුව ජනමතයට එකඟනම්-රටට සුභ මංගලම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site