ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගැසට් කර ඇත්තේ පක්ෂ නායක අදහස් සැලකිල්ලට නොගැනීමෙන් බවත් ජාතික හෙළ උරුමය ඊට එරෙහිවන බවත් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති චම්පික රණවක කියයි.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හා ආරක්ෂාවට අහිතකර හා තර්ජනයක් වනසේ ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කරයි.
විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරනවාට වඩා අත්තනෝමතික බලතල ඉවත් කළ යුතු බව තම අදහස බව ඔහු කීවේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කියා නැතැයිද ඔහු පැහැදිලිවම පැවසූයේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි දෙයක් වෙනස් නොකරන බව යැයිද රණවක මහතා කීවේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමම ප්‍රමාණවත් නොවේ යැයි කියන රණවක මහතා සඳහන් කරනුයේ මැතිවරණ ක්‍රමයද වෙනස් කළ යුතු බවයි. ජනපතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කරන ලෙසද මනාප ඡන්ද ක්‍රමය ඉවත් කරන ලෙසද ඔහු ජනපතිගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමන්ලා කතා කරන්නේ කටින්ද .වැස්ස වෙලාවට එළියට නම් බහින්න එපා මහත්තයෝ..(හේ)
කෝකියෝ වැඩි වෙනකොට සුප් එක නරක වෙනවලු.(හේ)
ඡන්දෙට කලින් ඔය විදියට කරන්න කතාවෙලා නේද ආවේ. (හේ)
හොඳ මොළයක්. කතාව අහන් ඉන්න ආසයි. (දිල්)
මේ වගේ උගත්තු තමයි රට කරවන්න තියාගන්න ඕනි (දිල්)
මෙතුමා හොඳයි. නමුත් පොඩ්ඩක් තද බව වැඩිද මන්ද? හැබැයි ඉතිං එහෙම නැතුවත් බැහැ අද කාලේ.(දිල්)
අදහස් හරිම දාර්ශනිකයි. ඇත්තටම හොඳයි. (දිල්)
"විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරනවාට වඩා අත්තනෝමතික බලතල ඉවත් කළ යුතු බව තම අදහස බව ඔහු කීවේය." මේක තමයි විය යුත්තේ. (බ)
මේ කියන දේ හරි. (බ)
මෙයාල අැත්තක් කිව්වත් විශ්වාස කරන්න හොඳ නෑ. මොකද මෙයාලට ප්‍රතිපත්තියක් නෑ.(හේ)
මෙයාල ඔක්කොම කරලා කරවලා දැන් බයිලා කියනවා. අපි ඔයාලා එනකන් තමයි බලාගෙන ඉන්නේ. (බ)
ඒ් දවස් වල තාප්ප වල තිබුණු වදනක් සිහිවෙනවා ඇමැතිතුමාම නේද මේවට උල්පන්දම් දෙන්නේ (දිල්)
මෙතුමා, උගත් යයි, කීවට මොනවද ඉගනගෙන තියෙන්නේ, ඩිග්‍රී එක කළා කියල, හැමදේම හරිකියන හිතන මෝඩයෙක් .(අ)
කෙවින්ට ආස හිතෙන කතා කියන්න මෙයාල තාම හරියටම පටන් ගත්තේ නෑ! (නදී)