ජාතික ගීය ප්‍රාදේශිය වශයෙන් දෙමළ භාෂාව කථා කරන ජනයාට තේරෙන පරිදි දෙමළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවන බවත්, ජාතික උත්සවයකදී අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සිංහල භාෂාවෙන් පළමුව ගායනා කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 15 වැනිදා තීරණය කළ දේ ගැසට් නිවේදනයේ 13 වැනිදා ගත් තීරණයක් ලෙස කුමන්ත්‍රණයකින්, වරදකින්, අතපසුවීමකින් හෝ නොහැකියාවකින් වෙනස් වී ඇති බවත් එහි ආණ්ඩුවේ නායකයා ජනාධිපති ලෙසත් තවත් තැනක ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති ලෙසත් තිබීම ව්‍යවස්ථා විගඩමක් බව ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ දේශමාමක පුද්ගලයෙක්, රට බේරාගත් නායකයෙක් යැයි පැවසීම ලෝක විහිළුවක් බවද චම්පික මහතා එහිදී පැවසීය. උපුල් ශාන්ත සන්නස්ගල වැඩසටහන මෙහෙයවීය.
වීඩියෝ දර්ශන ස්වාධීන රූපවාහිනිය අනුග්‍රහයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු.මේවා අහන අපිටත් පිස්සු.(හේ)
ඩගී මහතාණෙනි, ප්‍රසිද්ධ තැනක කියන්න බැරි දෙයක් කියන්න උත්සහ කිරීමට වඩා නමක් නිවැරදිව ලිවීමට උත්සහ කරන්න බලන්න.(නදී)
ටිකෙන් ටික මේ අය ඊළමට පාර කපලා දෙන්න තමයි හදන්නේ.(හේ)
එතකොට තමිල්නාඩුවේ ගයන්නේ මොන බසවෙන්ද? උන්ට නැති කැක්කුමක් අපිට තියෙන්නේ (ස)
පන්සිල් රකින සමාජයක් බිහි කිරීමට නේද හෙළ උරුමය ආවේ ? (නදී).
ඔබලාගේ පක්ෂයම විගඩමක් වී අවසානය . (නදී)
හෙළ උරුමයට ඉස්සරහට මොනවාද පෙන්වන්න තියෙන්නේ. (නදී)
දැනට රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව, වර්තමාන ජනාධිපතිතුමා යටතේ ජාතික හෙළ උරුමයත්,ජනතා විමුක්ති පෙරමුණත් ගොඩනඟන රජයක් මඟින් රට යම් නිවැරදි මඟකට ගෙන යාහැකි බව මගේ අදහසයි. දේශපාලන පක්ෂ අතර යම් පිළිගත හැකි අරමුණක් ඇත්තේ මේ පක්ෂ දෙක තුළ පමණක් බව ඉතා පැහැදිලිය. (නි)
හැරෙන හැරෙන පැත්තට කතා කොරන හෙළ උරුමකාරයෝ (බ)
ඔහේට ප්‍රශ්නයක් නොවුනට මේ රට හැර වෙන රටක් නැති අපි වගේ සිංහලයන්ට එ්ක ප්‍රශ්නයක්! (බ)
මෙතුමා ගණිත අංශයෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත තාර්කික බුද්ධියක් ඇති උගතෙක්. මේවගේ අය දේශපාලනය කරනව නම් කොච්චර හොඳද? කඳ බඩ මහත මොලේ කලඳක් නැති දේශපාලඥයින්ට අපේ නොදරුවො ලවා වන්දවන එක නවත්වන්න පුවවන් එතකොටයි. (බ)
දැන් දැන් යහ හවුල අවුල් උන ජාතික විගඩමක් - දිය යුතුය ඉක්මන් විසඳුමක් (බ)
බලන් ගියාම මුළු යහපලානේම විගඩමක් ආයුබෝවන්ඩ (ම)
මෙයා තමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන වචනය මුලින්ම කියන්න ගත්තේ ...පොඩ්ඩක් පරණ පත්තර හොයාගන බලන්න මෙය ඉස්සර කියපු දේවල් ...අපිනම් ගොඩක් බුද්ධිමත් මෙයාලට වඩා ...(බ)
රට බේරා ගත් නායකයාට අගෞරව නොකරන්න (බ)
මෙයා හොඳ විදුලි බල ඇමැති වෙලා සදාකාලිකවම ඉන්න තමයි ,තව ටිකක් ගිහින් හලාල් හොදයි කියලත් කියයි (බ)
හොඳටම පිස්සු (බ)
කවුරු මොනවා කිවුවත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට යමක් කරපු කෙනෙක් (බ)
කවුරු මොනවා කිවුවත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට යමක් කළ කෙනෙක්. (නි)
මා එකඟ වන සහ එකඟ නොවන කරුණු ඉදිරිපත් වන මේ සංවාදය අගය කරමි. (නදී)
කතාව අහන් ඉන්න ආසයි. වල්බූත නැතුව පැහැදිලිව යමක් කරුණු සහිතව විස්තර කරලා දෙන්න දන්නවා. ඔබ වැනි තරුණ නායකයින් අපේ රට දියුනු කරන්න අත්‍යවශ්‍යයි. (නදී)
මෙච්චර පොත් ලියලා තියෙනවා කියලා දැනගත්තේ අදයි. කියන බොහෝ දේ නිවැරැදියි. හැබැයි කතාව නම් කැත්තට පොල්ල වගෙයි. (හේ)
මෙතුමා හරි ල්සස්නට කතා කරනවා. උගත් මනු්සසයෙක්. ඒක මම අගය කරනවා. ඒ වගේම මේ රට බහුවාර්ගික රටක්. ඒ නිසා අපි කැමති දේ විතරක්ම කරන්න අමාරුයි. අනෙක් අය ගැනත් හිතන්න වෙනවා. නැත්නම් හැමදාම යුද්ධ. හැබැයි මහත් ධනයක් වැයකර බහුතරයාට සුළුතරයාගේ භාෂාව කතා කිරිමට ඉගැන්විමට වඩා සුළුතරයාට බහුතරයාගේ භාෂාව ඉගැන්විම හොඳ බවයි මගේ අදහස. (නදී)
ඔබ කියන බොහො කරුණු වලට හිස නමා ආචාර කරනවා. එකඟ වෙන්න බැරි තැනුත් තියෙනවා. මොනව වුනත් මේ වැඩසටහන හොදයි. රටට ඕනේ දැනුම හා බුද්ධිය යන දෙකම තියෙන ස්ථානෝචි ප්‍රඥායවන් කටයුතු කල හැකි ඔබ වැනි දේශපාලඥයින් මිස මෝඩ හයිරන්කාරයො නෙමෙයි.(නදී)
ජාතික හෙළ උරුමයෙන් මුලින්ම පාර්ලිමේන්තු ගිය ස්වාමින් වහන්සේලා ගැන නම් පැහැදිමක් නැහැ. කතාව හැසිරිම පිලිකුල් සහගතයි. නමුත් මේ වන විට ඉතිරි වි සිටින අය යමක් කළ හැකි අය. ඔබලා රට වෙනුවෙන් යමක් කරයි කියලා අපි හිතනවා. ඔබ වැනි තවත් කිහිප දෙනෙකු හදාගත යුතුයි ඉදිරියට යාමට නම්. (බ)
සා/පෙල අසමත් අයව ජනපති උපදේශකයො නොකර, ප්‍රධාන අැමතිකම් නොදි, ප්‍රධාන අායතන වල අධ්‍යක්ෂක කම් නොදි මෙවැනි උගතුන්ට වැඩක් කරන්න දුන්නනම් පසුගිය රජය තවමත් තියෙනවා. (හේ)
මේ කවුරුත් රටට ආදරේට කිසි දෙයක් කරන්නේ නෑ (දිල්)
බොරදියේ මාලු බානවා.(බ)
ඈ බොලේ ලෝකෙ වෙන කොහෙවත් රටක භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරන තවත් රටක් තියේද කියලා මම දැනගන්න කැමතියි (බ)
උගත් බුද්ධිමත් වු පමණින්ම ගන්නා තීන්දු තීරණ හැමවිටම නිවැරදි නොවේ. (බ)
කැනඩාවේ ජාතික ගීය ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කියනවා.කිසිම කෙනෙක්ගේ විරුද්ධයක් නැහැ. (බ)
මෙයාල දෙන්නම සට කපටි දෙන්නෙක්.රටට ආදරයක් නැත.චම්පික එයාගේ ප්‍රතිරූපය විනාශ කරගෙන ඉවරයි. හොඳම උදාහරණය තමයි ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පින්තුරය කේ .පි විදියට වෙනස් කරලා මාධ්‍ය ඉස්සරහ බොරු ඉදිරිපත් කළ විදිහ. (බ)
මට පෙන්නේ මෙයාට පිස්සු හැදීගෙන එනවා, පොඩ්ඩක් බලන්න.(හේ)
බලන කොට මෙතුමා සංගාට වඩා වැඩියෙන් ලකුණු ගහන කෙනෙක් වෙලා ඉතිං අැමතිතුමෝ ඔය 19 ගේන කණ්ඩායම තනන්න උදව් කළේ කෑගැහුවේ ඔබතුමානේ අපිට කලින්ම මෙය තේරැණා අපේ ටිකිරි මොලයට ඒදා තේරැන දේ ඔබ තුමාට දැනුයි තේරෙන්නේ (බ)
පාඨලි ඇමතිතුමා, කෙළින් කතා කරන මිනිස්සු හැම වචනයක් ගැනම සංවේදියි. ජාතික ගීයේ අනෙක් භාෂා පරිවර්තනයන් තිබිය යුතු එය ගැයෙන භාෂාව නොදන්නා කෙනෙකුට අරුත දැනගැනීමටයි. නැතිව ඒ ඒ බසින් ගැයීමට නොවේ (නදී)
ප්‍රතිරූපය කියන එක ඉපදුනු දවසෙ පටන් ක්‍රම ක්‍රමයෙන් හැදෙන එකක් මිස බලහත්කාරයෙන් දවසින් හදාගන්න හෝ දවසින් නැතිවන දෙයක් නෙමෙයි කියලයි මගේ අදහස.(හේ)
මාකොල මංගල හිමි නමින් ලියා ඇති කෙනාගේ භාෂා ඒ තරම් සුදුසු නෑ (දිල්)
කරුණාදාස මහතාගේ අදහස මා අගය කරනවා.(දිල්)
"19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 15 වැනිදා තීරණය කළ දේ ගැසට් නිවේදනය" කළ එයයි විගඩමක් කියන්නේ. හරි 19 රටට අවශ්‍යමයි. කියන දෙය තේරුම් ගන්න බලන්න රේණූ මහත්මිය. (අ)
අනුර කියන විධියට මේ කවුරුත් රටට ආදරේට කිසි දෙයක් කරන්නේ නැත්නම් රට කරවන්න කට්ටිට ඉම්පොර්ට් කරන්න වෙයිනේ. මෝඩ කතා කියන්න එපා. තමන්ගෙ මතයට එකග නොවු පමණින් අන්තවාදිව කතා කරන්න එපා. (අ)
මේ වගේ සාකච්ඡාවක් ඇහුවම ඉගෙන ගන්න දෙයක් හිතන්න දෙයක් තියෙනවා. සමහරු ගිරිය පුප්පගෙන කෑගහනවා. කිසිම ගතයුත්තක් නැහැ. කාට හරි මඩ ගහනවා හරි පුද්ගලික දේවල් කියනවා හරි විතරයි. (අ)
සංගා ගහපු හයේ පහරක බෝලයක් ඇවිත් මේ රේණුගේ ටිකිරි ඔලුව උඩට වැටිලා වත් දෝ කියල මට හිතුනා. තැනින් තැන බිම වැටිලා තියන ඒවා අහුලන්න රේණු ගොඩක් දක්ෂයි වගෙයි. (අ)
මෙය දැන් හෙලු උරුමේ නායකයා .මට පෙන්නේ මෙයාගේ උලුව ටික කලෙක ඉදන් අවුල් . (අ)
අනේ මම නම් මේවට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැහැ (නි)
දැන් බලන කොට හෙළ උරුමයත් රට පාවා දෙන, රට දෙකඩ කරන තැන ඉන්නා බව පේනවා. චම්පික ගැන එදා ඉඳල අපි හොඳට දන්නවා. මහවිරු කොටි දේශනාවලටත් මෙයා යාවි. අැඳුමටත් නිගාවක්. (නදී)
වින්සේන්ට්ට කියන්න මගේ කටට එන ඒවා ප්‍රසිද්ධ තැනක කියන්න බෑ! (නදී)
නවසීලන්තයේ ජාතික ගීය ඉංග්‍රීසි භාෂාවෙන් සහ මව්රි (ස්වදේශිකයන්ගේ ) භාෂාවෙන් ගායනා කරනවා.දෙමළ ජාතිකයන් ලංකා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම වැදගත් (නි)
අපිට ජාතික ගී දෙකක් එපා. ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවද? (නි)