එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත් කිිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එහි වගඋත්තර කරුවන්ටද අවස්ථාව ලබාදීමෙන් පසුව ලබන 19 වැනිදා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය.
ඒ අනුව පෙත්සම පිළිබඳව දැනුම් දෙන නොතිසි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් කබීර් හෂීම් ඇතුළු වගඋත්තරකරුවන්ට කඩිනමින් ලබාදෙන ලෙස තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරුන්ට නියමවිය.
එම නොතිසි සිංහල, දෙමළ, ඉංගී්‍රසියෙන් පළවන දිනපතා පුවත්පත් තුනකද පළකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් විසින් මෙම පෙත්සම විභාග කිරීම සඳහා එම විනිසුරු මඩුල්ල පත්කර ඇති බවත්, ඒ අනුව ලබන 19 වැනිදා මෙම විනිසුරු මඩුල්ල හමුවෙහි පෙත්සම කැඳවීමට නියම කළේය.
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහි පෙත්සම්, එම පෙත්සම ගොනුකළ දිනයේ සිට මාස දෙකක් තුළ විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම්... සතුටුයි! දැනුයි උසාවියේ වැඩක් වෙන්නේ. (ස)
ජනමතය බලවත් - සියල්ලට ඉහලින්. (ර)
බටලන්දේ නඩුව විභාග කරන්න වෙන්න ඇති. (ස)
රනිල් මහත්තයා රටටම ආදර්ශයක් (නි)
එහෙම තමයි. නීතියට අනුව වැඩ සිද්ධවෙන්න ඕනෑ (නි)
අන්න නියමයි! එහෙම තමයි වෙන්න ඕනෑ (නි)
නීතිය කාටත් පොදු නිසා, යහපාලනය අනුව කවුරුත් උසාවියට යායුතුය (නි)
ඒක හොඳයි. නීතිය සැමටම පොදු වියයුතුය (නි)
ඔහු යු .එන්.පී. එකෙන් ගොස් ශ්‍රී. ල .නි.පක්ෂයේ ලේකම් වුණා නේද?එතකොට ශ්‍රී.ල.නි.පක්ෂයේ ලේකම්ට යු .එන්.පී. එකේ සාමාජිකත්වය තිබේද? (නි)