19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දි අද (02) සලකා බැලීය.
මේ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සභා නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු නිතිඥ කණ්ඩායමක් මේ අවස්ථාවට පැමිණි අතර ඔවුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුහ.
ජනතාවගේ බලයට පළුද්දක් නොවී විධායකයේ බලයත් ව්‍යවස්ථාදායකයේ බලයත් හුවමාරු කරන්නේ කෙසේ දැයි විමසා බැලිම තමයි මේ නඩුව හරහා සිදුවෙන්නේ යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා කිය.
‘මුළු රටම බලා හිඳින මොහොතක් මේ. පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන අර්ථකථනය පිළිබඳ අපේ අදහස් අපේ යෝජනා ඉදිරිපත් කරන්න අපි පක්ෂයක් විදියට බලාපොරොත්තු වනවා.‘ යැයි දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය අහෝසිකරනු කියලා අවුරුදු 37ක්ම සටන්කළේ කවුද? (නි)
විධායක බලය ගැන කොයි පැත්තට කියන්නද? පහුගිය වසර 11 ගැන හිතද්දීත් බයහිතෙනවා. බලතල අඩුකිරීම පමණයි කළයුතු කියා මගේ හැඟීම. (නි)
පොදු ජනතාවට යහපත් දෙයක් කර පල්ලා. (ස)
ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය වෙලාවේ බලයට කුමන්ත්‍රණයක් ඇති නොවුනේ විධායකය නිසා. උතුරු පළාත් සභාව 'ඊලාම්' ප්‍රකාශයට පත් කලාම එම පළාත් සභාව විසිරුවා හැරියේ විධායක බලය නිසා. ඒ වගේම එක්දාස් නවසිය හැට ගණන් වල රටේ ඇති වෙන්නට ගිය අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණ යලි ඇති නොවෙන්නට තමයි ජේ.ආර්. විධායකය ඇති කලේ. නමුත් එහි ඇති අධික බලතල නිසා පත්වෙන තැනැත්තා ටික කාලයකදී 'බලයෙන් පිස්සු' වැටෙනවා. එනිසා අවශ්‍ය වෙලා තියෙන්නේ අධිකව ඇති බල තල කප්පාදු කිරීමයි. එංගලන්තය, ඉංදියාව වැනි රටවල ඇති ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයයි ලංකාවේ 'විධායකය' ගේන්න කලින් තිබුණ 'ප්‍රජාතන්ත්‍ර' පාර්ලිමේන්තු ක්‍රමයයි වෙනස්. 'විධායකය' පඹයෙක් කලොත්, පාර්ලිමේන්තුවේ සුලු පක්ෂ වුනත්, එම පක්ෂ වලට පලාත් සභාවල බලය තියෙනව නම් වෙනම රාජ්‍ය ඇති කර ගන්නත්, ඉඩම් සහ පොලිස් බලතල ලබා ගන්නත් පුලුවන්. එසේම එම ප්‍රාන්ත වලට මධ්‍යම රජයේ අනුමැතියෙන් තොරව 'විදේශ ආධාර' ලබා ගන්නත් පුලුවන්. එය අනිවාර්යෙන් රට දෙකඩ වීමයි. (ස)
පළාත් සභා අහෝසි කරනු (නදී)
මෙතන වෙන්නේ කුමන්ත්‍රණයක් ඇතුලේ කුමන්ත්‍රණයක්.(හේ)
මේ පළාත් සභා ,ප්‍රාදේශීය සභා ආදිය ඉවත් කර මනාප ක්‍රමෙත් අයින් කරන්න.ඊට කලින් ජනාදිපතිවරණයකින් ආපු අගමැති දැන්ම ඉවත් වෙන්න.නැත්නම් මේක විකාර පාර්ලිමේන්තුවක්. (ස)
මමත් කැමතියි විධායක බලතල අඩුකිරීමට (නි)
සිද්ධවෙන්නේ කුමක්ද කියා අපිට නම් පැහැදිලියි (නි)
විධායකය ඕනෑ කියන්නේ ප්‍රජතන්ත්‍රවාදය එපා කියන අය කියන එක තවම අපේ මිනිසුන්ට තේරුනේ නැදද? (නි)
ව්‍යවස්ථාව තැනින් තැන කෑලි කපලා වෙන කෑලි අලවලා කවදාහරි මේ පුංචි රට කෑලි වලට කඩන්න පහසු දුර්වල ව්‍යවස්ථාවක් හැදෙයි කියලයි අපිට බය.මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ රට බෙදලා කඩලා හරි දේශපාලකයන්ට බලයේ ඉන්න පුළුවන් වෙන්න නොවෙයි කියන එක මතක තියාගන්න.මිනිස්සු පාරට බහින දිනය ළඟයි.මේ රටේ තවත් ලේ ගංගා ඕනෑ නැහැ.ව්‍යවස්ථාව යනු දේශපාලකයන්ට අයත් බුදලයක් හෝ සෙල්ලම් බඩුවක් නොවේ. රට දේශපාලන ස්ථාවරත්වයකට එනතුරු ව්‍යවස්ථාවට අත නොතබනවා නම් හොඳයි (නි)