සත්‍යග්‍රහ කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගතහොත් සිදු වන්නේ සිංහලේ මරණ වරෙන්තුව සම්මත කරගත්තා වගේ දෙයකියි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසුහ.
මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් සත්‍යග්‍රහ පවත්වමින් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට හදන්නේ කාගේ උවමනාවටදැයි උන් වහන්සේ ප්‍රශ්න කළහ.
‘ජාති ද්‍රෝහී,දේශ ද්‍රෝහී මෙම ව්‍යවස්ථාව වහා නතර කළ යුතුයි.ඒ සඳහා පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයකු අත නොඑසවිය යුතු යැයි ද එසේ අත එසවුවහොත් ඔවුන් පිළිබඳව මහජනතාව බලාගත යුතුයි යැයිද සඳහන් කළේය.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ,ගොම්බද්දල දමිත,මොරගල්ලාගම උපරතන හිමිවරු ද ආචාර්ය ගුණදාස අමරසේකර හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම පවා දීම වුනේ කරුණාව පිල්ලෙයාන්ව ඇමති ධුර දීල රජ සැප දුන්න එක. අපි ඔය රජවරුන්ටත් උඩින් යන්න ගිය සමහරුන්ගේ ඉතිහාසය දකුණු පළාතේ මිනිස්සු හැටියට හොඳට දන්නවා. ඒ නිසා ප්‍රකාශ් මට ඔබේ ඉතිහාස දැනුමෙන් වැඩක් නැහැ. දුටුගැමුණු රජතුමාවත් ඉතිහාසෙන් අයින් කරන්න හදපු මිනිස්සුන්ගේ ඉතිහාසේ අපි සියල්ලටම වැඩිය දන්නවා. (ස)
අත්තනෝමතික විධායක බලතල එක් පුද්ගලයෙක් සතුව තබා ගත යුතු යැයි කියන්නේ ජනතා ද්‍රෝහීන් .රටට හිට්ලර් කෙනෙක් අවශ්‍ය යැයි කියන මොවුන්ගේ මේ උත්සාහය විනාශ කර දැමිය යුතුයි . (ස)
බුද්ධාගමට වෙන දේ ගැන කිසිම කෙනෙක් හොයන්නේ නෑනේ (දිල්)
ගිහියන්ට කරන්න දෙයක් නැති වෙයිද අපේ හාමුදුරුවෝ හැමදේම කරද්දි (දිල්)
කලබලයට ජනතාවට වසන් කර කූට ලෙස කඩිමුඩියේ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්‌ඩුව ක්‍රියාකරන බව පේනවා .අදහස් දාන ඔබ 19 සංශෝධන ගැන දන්නවද?ජනතාවට තේරුම් කර ජාතික අරක්ෂාව ගැන සිතලා අනුමත කරන්න .පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා දැනුවත් වී නොමැති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රටේ ජනතාව දැන ගන්නේ කෙසේ ද ? (බ)
රටක් දැන් නෑ වගේ බේරාගන්න (බ)
අනේ හාමුදුරුවනේ 19 නෙමෙයි බුදු දහම රැක ගන්න වැඩ කරන්න. දේශපාලන වැඩ දේශපාලුවෝ කරයි (බ)
කරු ඔය කතාවම සෝබිත හිමියන්ටත් අදාලයි නේද? (ස)
මෝඩ සහ අදක්ෂ මහින්දගේ පාලන කාලය තුල සමාජය විනාස වී ගිය අන්දම තේරුම් ගන්න අමාරුයි නේද? හාමුදුරුවරු දැන් බන වෙනුවට කියන්නේ විහිළු කතා . තව ටික දවසක් ගියාට පස්සේ වහ බොන්න තමා සිදුවන්නේ. එක නෙමේ අලි පැටිය ආපසු දුන්න නේද හාමුදුරුවනේ. (ස)
ඉන්දියාවේ උවමනාව ඉටු කරන්න ඕනි. නැතිනම් පොරොන්දුව නොකර ඉන්න බැහැ. සල්ලි, සල්ලි,සල්ලි. ඕව අපේ අයට තේරෙන්නේ නැහැනේ රූපවති. (ස)
මහින්ද මහත්තයත් එයාගේ හැම මැතිවරණ ප්‍රකාශයන් වලම මේ විධායක ජනපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වුනානේ. එතකොට කව්ද ඒ ගැන කතා කරන්නේ? පොරොන්දු කඩ කරන එක හොදද? බලයට අවහම බලයෙන් මත් වෙන එක තමා අවුල. ඒ අතින් වත්මන් ජනපති පැසසිය යුතුයි.(බ)
මේ හාමුදුරුවන්ට පුළුවන් නේ රැකියාවක් කරන්න. මහින්දව රැකගන්න දඟලනවා. දානය දෙන්නේ දුප්පත් ජනතාව. කන බත් පතට අගෞරව කරන්න එපා. බුදු හාමුදුරුවෝ කියපු විදියට ඉන්නේ ජනතාව පමණයි. (ස)
නිවනට යන මග කියන්න දන්නේ නැති හාමුදුරුවෝ බන ගෙදරවල කියන බන ඇහුවම මුණ හංගගන්න තැනක් නැහැ. බන අහන ශිලාචාර මිනිස්සුන්. පැපිලියානේ හාමුදුරුවෝ දැන් ජාතිවාදය උලුප්පන්න පටන් අරගෙන අයෙත්. කොටි මිනිස්සු මරණ කොට හාමුදුරුවෝ මරණ කොට කොහෙද දන්නේ නෑ මෙයාල හිටියේ කට වහගෙන. දැන් අයෙත් කොටි හදන්නද ලෑස්ති වෙන්නේ? (ස)
වැදී බන දෙසනවා. (ස)
19 සංශෝදනය කියවා බලන ඕනෙම කෙනෙකුට තේරෙනවා එයින් රටට හොඳ දෙයක් වන බව. ඉදිරියට ඒකාධිපති පාලන බිහි නොවන බව.හොහොමද එය මරණ වරෙන්තුවක් වන්නේ? (බ)
පෙරේරා,19 සම්මත උනහම රට බෙදන්න පහසු වෙලා ඩයස්පෝරාවේ පළමු පිම්ම හරි කියන්නේ ඔබ ඩයස්පෝරාව කියන එකේ තේරුමවත් දන්නවාද? උදා. වෙනත් රටක ඉන්න ශ්‍රී ලාංකිකයන් සමුහය එම රටේ "ශ්‍රී ලන්කන් ඩයස්පෝරා" යනුවෙන් හැදින්වේ. (ස)
යහම්පත් උන්නැහේ-ඕක ගිහිල්ල අර රතනේ, සෝභිත හා දඹර අමිල කියන අයටත් කියනවද? (ස)
මගේ ඉතිහාස දැනුම නලින්ට කොහෙත්ම වැඩක් නැහැ.අතීතයේ කල පාවාදීම් එලෙසින්ම දැන් සිදුවෙන බව වටහා ගන්න,කරුණා ,පිල්ලෙයාන්ලා ප්‍රභාකරන්ව විනාශ කරන්න සහයෝගය දී ආණ්ඩුවට එකතු වුනා,නමුත් රනිල් හොර ගිවිසුම් ප්‍රබාකරන් සමග ඇති කර ගැනීමත් පික්පොකට් ආණ්ඩුව ගැනීමට ගහපු කුමන්ත්‍රණය හා සමානය.එතකොට මතකද ප්‍රේමදාස පොලිසියට නියෝග කළා කොටින් ඉදිරියේ ආයුධ තබා යටත් වන්නට, පසුව එම නිලධාරින්ව අමු අමුවේ කෘර ලෙස කොටි විසින් ඝාතනය කළා. (ස)
ස්වාධින කොමිෂන් නැති, ඕන තරම් කල් බදාගෙන ඉන්න පුළුවන් 18 හොඳයි කි්යලද මේ කියන්නේ? (බ)
විශ්ව විද්‍යාල ආචාර්ය තනතුරුවලත් පැහැදිලි විෂමතාවයක් තියෙනවා (බ)
හැමෝම කතා කරන්නේ ඡන්දය ගැන පමණයි .වෙන කිසිම දෙයක් ගැන වැඩක් නෑනේ මේ අයට (දිල්)
පුදුමයි මෙතන සුමුදු හේවා මොනවත් ලියල නැහැ . ඒ නිසාම තමයි මෙතැන් සංවාදය අදාළ පුවත ගැන විතරක් කෙරුනේ. නැතිනම් එයා මෙතැන ලියන ලියන මනුස්සයාගේ පස්සෙන් පන්න ගෙන ගිහින් සංවාදය වෙනත් පැත්තකට යවනවා.කට්ටිය පුවත ගැන ලියන එක පැත්තකට දාලා සුමුදු ගේ බක පණ්ඩිත ප්‍රතිචාර වලට උත්තර ලියන්න යනවා. එතැනින්ම සංවාදය ඉවරයි. (බ)
මේකට අදහස් දාන්න ගියොත් අර උඩ බලාගෙන කෙළගහ ගන්නවා වගෙයි. ඒක නිසා නිකන් ඉන්නවා. (නි)
හාමුදුරුවෝ කියන එක ඇත්ත (නි)
හාමුදුරුවෝ කැමති නැද්ද තේරුමක් ඇතිදේකට කාලය යොදවන්න (නි)
ප්‍රකාශ් බලාගෙන හිටියාද ගිවිසුම් ගහන වැඩේ. (නි)
කොටියන් මහින්දගේ පැත්තට ආවම පුල්ලි මැකෙනවද ප්‍රකාශ් ? (අ)
ප්‍රකාශ අපිත් මේ රටේ ඉන්නේ. ඉසකෙස් සුදු වුනෙත් මේ රටේදී. පික්පොකට් නෙවෙයි . ඡන්දෙන් පැරදුනාට පසුවත් නීතිපති තුමාට කතා කරල තවත් කාලයක් ඉන්න ක්‍රමයක් සොයා ගන්න හදපු ලජ්ජා නැති වැඩේ දැන් අමතකද ? කවුද පික්පොකට් ගහන්න හදල අතේ මාට්ටු වුනේ ? (අ)
"රුපවති" අමුතු නමක් ලෙඩ මනසක්. (අ)
බලන් යනකොට කරුණාගෙන් පිල්ලෙයාන් ගෙන් ජරාව කාපු කට්ටිය මෙතනත් ඉන්නවා. (අ)
මෙහෙම අයට මම නම් සැබෑ බෞද්ධයින් ලෙස ගරුකරන්නේ නැහැ (නි)
මුන් වහන්සේලා මේ මොහොතේ කරන්නේ කුමක්ද කියා ඉතාම පැහැදිලියි. (නි)
අපි මේවට කැමති නැහැ (නි)
අපි දෙවිගොල්ලෝ වගේ කියලා හිතාගෙන හිටපු හාමුදුරුවරු අද දේශපාලන මඩගොහොරුවකට වැටිලා. කියන්න වචන නැහැ. ඒ තරම්ම කණගාටුයි. (නි)
නාමයෝජනා සඳහා සමහරු අත්දෙකම ඔසවා පාවාදීම කරනවා (නි)
ඔයාගේ කතාව ඇත්ත රේණුකා. කණගාටුවට කරුණ නම් හුඟදෙනෙක් තමන්ටම කියලා ඇස් කන් සහ මොළයක් තිබුණත් කරුණු නොසොයා නොබලා නොසිතා ප්‍රචාර වලින් මුලා වී තීන්දු තීරණ ගැනීමයි. (නි)
තුසිත්, නැති තැනදීත් මාව සිහිපත් කිරීම ගැන ස්තුතියි. කොහොම වුණත් දැන් මෙතන මා ගැන කතා කරන්න ගිහින් මාතෘකාවෙන් පිටපැනලා ඉන්නේ නම් මට ඇඟිල්ල දිගුකරන ඔයා විතරමයි. (නි)
කවුද මේ රුපවති කියන්නේ අනේ මන්ද ලංකාවේ ඉන්නවද පිට රට ඉන්නවද දන්නේ නැහැ කොහේ හිටියත් නුගත් කම නම් හොදටම ප්‍රදර්ශනය කරනවා මේ මිනිස්සු මේ රටට ලැජ්ජාවක් හරියට අර ජයලලිත ගේ මිනිස්සු වගේ දන්නා දේ කුත් නැහැ නොදන්නා දේ කුත් නැහැ නිකන් මිනිස්සුන්ට හෙන ඉල්ලනවා.
අනේ හාමුදුරුවනේ 19 නෙමෙයි බුදු දහම රැක ගන්න වැඩ කරන්න. දේශපාලන වැඩ දේශපාලුවෝ කරයි (බ)
19 අසුබ දේවල් මොනවද කියල රටට හෙළිකරන්න (බ)
කොච්චර උගත් වුණත් වැඩක් නැහැ බුද්දිය කියන එක නැති නම්, මේ අයට ඕන මොනවහරි කියල කරලා රටේ එදිරිගමන නවත්වන්න. (අ)
මොකද චන්ඩි කමින්ද? මතකතියාගන්න ලක්ෂ 62ක් ඕකටයි ඡන්දෙ දුන්නේ. (බ)
මේගොල්ලෝ තමයි නියම දේශ ද්‍රෝහියෝ. 19 සම්මත නොවුනොත් රට ආහපු පස්සට යනවා, යනවාමයි. (බ)
මට ඇඬෙනවා අනේ. (නි)
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය (දිල්)
ජාතියේ මුර දේවතා එලි- දකී අපි නොදකින ගිනි (අ)
ඔබ වහන්සේලවගේ යතිවරයන් රටට වැඩි වැඩියෙන් උවමනා යුගයක් .(අ)
මේවා කරනවා කියලා ඡන්දෙට කළින්ම කීවා, එතකොට මෙ අය මුකුත් කතා කළේ නෑ. (දිල්)
මෙයට ප්‍රතිචාර දක්වපු ඔබ සැම කියෙව්වා ද 19 වෙනි සංශෝධනය .අනේ මම නම් ඒ ගැන දන්නේ න. මන් හිතන්නේ පළමුව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න ඕන කියල. එහෙම නැතිව එයාලට බෑ හොරට සම්මත කරන්න. (අ)
19 සම්මත කළාට පස්සේ මහා භික්ෂු සංගායනාවක් කරලා සිවුරු දාගත් හොරු එළවන්න ඕනෑ (නි)
කව්ද හරි ? කවුද වැරැදි ?(දිල්)
කේ පි ට රජ සැප දෙනකොට, 18 සම්මත කරනකොට කොහෙද දන්නෙ නැහැ වැඩ සිටියේ. මේ පෘථුවියෙ නම් වෙන්න බැහැ. (අ)
රාජාන්ඩු කරන රජෙක් නොව ජනතාවට වගකියන ජනාධිපති හා කැබිනට් මණ්ඩලයක් බිහි කරන 19 වන ව්‍යවස්ථාවට අපි කැමතියි. ලක්ෂ 62 ක් ඡන්දය දුන්නෙ ඕක කොරගන්න තමයි. (අ)
කවුද මේ කෑගැහිලි ගණන් ගන්නේ? (නි)
"ඒ සඳහා පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයකු අත නොඑසවිය යුතු යැයි ද එසේ අත එසවුවහොත් ඔවුන් පිළිබඳව මහජනතාව බලාගත යුතුයි" මේ කතා කරන්නේ හාමුදුරු කෙනෙක්ද? චන්ඩියේක්ද?(නදී)
බෞද්ධයින් විදියට අපිටත් ලැජ්ජයි! (නි)
හරක් රැලක් වහලුන් රැලක් සමග මහින්දට කඩේ යන ගමන් අම්බලමක් ලග බුරනවා (නදී)
ජයවර්ධනපුර නමට අගෞරවයක් (නදී)
අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ කිව්වේ සතර අගතියෙන් තොරව කටයුතු කරන්න කියලා නේද ? ඉතින් ඔබ වහන්සේලා මෙහෙම හිතන කොට කියනකොට ගිහි පින්වතුන් ජාති වාදය කරපින්නාගෙන නොමග යනවා නේද ? මරණයෙන් පසු වෙනත් ජාතියක උපන්නොත් එතකොට මොකද කරන්නේ ? අන්නන්ත බුදු ගුණ බලයෙන් ඔබට සත්‍ය වැටහේවා !(දිල්)
මේ කඩේ යන්නේ කාගේ උවමනාවටද කියන එක පැහැදිලියි. ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපති බලතල අඩුකරන්න මිසක් හොරුන්ට කඩේ යන අයගේ උවමනා වලට නොවේ. හාමුදුරුවනේ ජනතාවට කඩේ යන්න. බෙන්ස් කාර් වලට වරදාන වරප්‍රසාද වලට වහල් වෙලා රට අාගාදයට යවන්න එපා. (නදී)
මෙතන විමල් විරවංශ නැහැනේ. ලොකු අඩුපාඩුවක්. (නදී)
අනේ යහම්පත්, බුදු දහම රැකගන්න නම් රට රැකගන්න ඕනෑනෙ.කෙළින් තීරණ ගන්න බලය තියෙන්න ඕනෑ.විධායක බලය ජනාධිපතිට ඕනෑ.බලතල සීමාකළාට කමක් නැහැ (නි)
සිංහල අපේ කම මළගෙදරට යවපු අය තමයි අද ගෙල මිරිකගෙන කෑ ගහන්නේ. උන්ට ඇති සිංහල කමක් නැහැ. උන් ජාතිවාදියෝ. මැදගොඩ අභයතිස්ස හිමියෝ කථිකාචාර්ය ආචාර්ය වුනාට සිංහල ජාතිවාදයෙන් එහාට දන්න දේශපාලනයක් නැහැ වගේ. (නදී)
මට නම් තේරෙන්නේ නැහැ මේ හාමදුරුවන්ට ගිහියෝ දානේ දෙයිද කියලවත් (නදී)
මේක තනිකරම බොරු ප්‍රචාරයක්. හොදින් ව්‍යවස්ථාව කියවූ කෙනෙක්ට ඇත්ත නැත්ත තේරෙයි. නව ව්‍යවස්ථාවට අනුව, ව්‍යවසතා සභාවේ පුද්ගලයන් 10 දෙනෙක් ඇතුලත්. ඔවුන් අගමැතිතුමා, කතානායක, විපක්ෂ නායක, ජනාධිපති තුමාගේ නියෝජිතයෙක් ඇතුලත්. ඊට අමතරව අගමැති තුමා , විපක්ෂ නායක එකගත්වයෙන් පත් කරන පුද්ගලයින් 5 දෙනෙක් හා අනෙකුත් පක්ෂ වල කැමැත්තෙන් පත් කරන අයෙක් ඊට ඇතුලත්. මොවුන් පත් කිරීමේදී සමාජීය , රැකියාමය, බහුවාර්ගික ලක්ෂණත් සැලකිල්ලට ගෙන පක්ෂ නායක මතත් සැලකිල්ල ට ගෙන පත් කල යුතුයි. ඉතින් මෙතන කොහේද සුළු ජාතික 5 දෙනෙක් ගැන කියවෙන්නේ ? මෝඩයින්ට හොදයි මේ රැස්වීම්. (නදී)
ඒ සභාවේ 10 දෙනාගෙන් 1 කෙනෙක් දෙමළ කියමුකෝ. එතකොට ඒ තනි පුද්ගලයා කියන විදියට අනිත් 9 දෙනාම වැඩ කරන්න ඕනෑ කියලා ඕකේ තියෙනවද? (නි)
අපේ හාමුදුරුවනේ මොනවා කරන්න හැදුවත් විරුද්ධවන රටක මේවා අලුත් දේවල් නෙවි. එහෙත් ඔය කරනදේ හරි නැහැ කියල ජනතාව කුපිත කරන්න හදන එකේ අරමුණ හරිම පැහැදිලියි. මේ විදියට යන්න ඇරියොත් අපේ උතුම් බුද්ධාගමටත් විනාසයක්. (නදී)
අපේ ආගම මේ අය විනාස කර ඉවරයි (නදී)
පුදුමයක් නොවන්නේ මේක ශ්‍රී ලංකාව නිසයි (නි)
ඔව් ඔව්, අර මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ගිනි තිබ්බ මැරවරයන් එක් රොක් වුන පන්සලේ අයටත් 19 ලොකු කේස් එකක් තමා(නදී)
හාමුදුරුවනේ, සංවේදී වෙන්න (නි)
ඇත්තටම ඇයි මේ ආණ්ඩු ව්‍යවස්ථාව රටේ ජනතාවට නොපෙන්වා දැනුවත් නොකර, ජනමත විචාරනයකටවත් ඉඩක් නොතබා, රටේ බලය ලැබුණු පලියට සේරම අයිති මටයි කියන හැගීමෙන් මේවා සම්මත කරන්න දගලන්නේ ..? ඇයි මේවට කාලය ප්‍රයෝජනයට අරගෙන ජනතාව දැනුවත් කරලා ... රටේ උගතුන්ගේ අදහස් වලටත්,ආගම් වල පුද්ගලයින් නායකයින් ගේ අනු ශාෂනා, ජනතා අදහස් ..මැති ඇමති වරුන්ගේ තීරණ, මේ සියල්ලට ඇහුම් කන්දීල ..සැමට ගැලපෙන රටට ජීවත් වෙන සියල්ලගේම ආරක්ෂාවට තර්ජනයක් නොවන, දියුණුවට බලපාන...සමගි සාධාරණව වැදගත් තීරණයක් ගන්න කිසිම විටක මේ රටේ වගකිවයුත්තෝ එකග නොවන්නේ..කොතනද වරද ..? කව්ද මේ රටේ ජීවත් වෙන්නේ? කාටද මේ අලුත් නීති වගන්තිවලින් වැඩක් වෙන්න ඕනේ රටේ ජනතාවටද ? නැතිනම් පිටසක්වල ජීවීන්ටද ? මිනිසුනේ ඔලුවෙන් වැඩකරපල්ලා...රටේ ඉදිරියට යමක් වෙනවා නම් කිසිවෙකු අකුල් හෙලන්නේ නැහැ ..මොකද එහි පල ප්‍රයෝජන ලැබෙන්නේ ඒ රටේ ජීවත්වෙන ජීවීන්ට නිසා ..? (අ)
ගරු ස්වාමින් වහන්ස, සිංහලයට මුල් තැන දෙමින්,බුදු දහමට මුල් තැන දෙමින් ගරු බණ්ඩාරනායක වරුන් බිහි කල ව්‍යවස්ථාව හිටපු ජනපති ජයවර්දනගේ 78 ව්‍යවස්ථාවෙන් අහෝසි වී සිංහලයේ මරණ වරෙන්තුව නිකුත් කල පසුව බිහිවූ එකම ජනපති කෙනෙක් හෝ ඔබ වහන්සේලා සිංහලයේ ආරක්ෂකයා යි මහා හඬ නගන හිටපු ජනපති තුමා හෝ නැවත සිංහලය රජ බස කරවින්,බුදු දහම රාජ්‍ය ආගම කරමින් ව්‍යවස්ථා සන්සෝදනයක් කලාද? අසුව දසකයේ ජනපති ජයවර්දන මහතාට විරුද්දව සියලු දෙනාම මිය ගොස් හෝ දේශපාලන වහලුන් වී නැති බව අමතක නොකරන්න. මමත් එදා ඔබ වහන්සේ සමග එකතුවී සිටින ප්‍රදානම හිමිවරුන් සමග ජීවිතය හෝ රැකියාව ගැන නොතකා ක්‍රියා කල අයෙක්. බලයට පැමිණෙන ඕනෑම බල ලෝබියෙකුට දරුණු එ්කාදිපතියෙකු වීමේ හැකියාව ඇති දැනට බලපැවැත්වෙන විදායක ව්‍යවස්ථාවේ , සිංහලයාගේ අනාගතය රැකෙන එක නීතියක් හෝ පෙන්වන්න. සිංහලයේ මරණ වරෙන්තු නිකුත් වුයේ 1977 ගරු බණ්ඩාරනායක මැතිනියගේ පරාජයෙන් පසුවය.(නදී)
හාමුදුරුවෝ මේ මක්කයි දොඩන්නේ. රටේ බහුතරය ඡන්දෙ දුන්නේ විදායකය නැති කරන්න. (නදී)
කොටස් අඩු-පාඩු ඇති 19 ගැන මත -අමතක කර ඇත විය හැකි විපත (බ)
යහපලනේ කියා කියා කරන ඕන දෙකට හිස නමාගෙන ඉන්න අයට නම් ටිකක් රිදිලා වගේ..(බ)
විරුද්ධ මත දරන අය වහලුන්, හරක් ලෙස දැකීම යහපාලනය නම් වේ..(බ)
එදත් අපේ රට රැක ගත්තේ මේ වාගේ ගරු කටයුතු සංඝයා වහන්සේලාය.මේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් තමයි පෙළ ගැසෙන්නේ.අපි අතීතයේ ඉඳලම දන්නවා කවුද රට ජාතිය,ශාසනය වෙනුවෙන් කටයුතු කරන්නේ කියල. එනිසා රටේ ජනතාව දැන් මේ රට ආණ්ඩු කරන පිරිසකගේ කෙරුවාව හොඳින් දන්නවා. මතකද කළු ජුලිය ගුණදාස වික්‍රම එදා නිදිද?රනිල්ලාගේ කට්ටිය තමයි ඒවා කළේ එතකොට යාපනයේ පුස්තකාලය ගිනි තැබුවේ කවුද ජේ ආර් නඩේ .නේද?එයාල ව්‍යවස්ථාව රටේ යහපතට හදන කට්ටියක් නොවෙන බව මතක තබා ගන්න.මෙය මාදුළුවාවේ සෝභිත හිමියන්ට නොතේරෙන හේතුව නම් අපි දන්නවා.එකක් මතක තියා ගන්න මේ රට විනාශයට ගෙනයන පිරිසක් තමා ආණ්ඩුව පික්පොකට් ගැහුවේ එනිසා මේ ස්වාමින් වහන්සේලා ගෙන යන මේ වැඩ පිළිවෙලට අපේ ආශිර්වාදය ! (බ)
දැන් මෙතන මොන කෙනාද ඔය 19 දැකල තියෙන්නේ..(බ)
මේ වගේ සගයෝ තමයි අදත් රට කෑවේ හෙටත් කන්නේ (බ)
දැන උගත් ස්වාමින් වහන්සේලා මෙහෙම ජන සමාජයේ සමගිය අවුල් වෙන ප්‍රකාශ කරන්නේ ඇයි? ඔබ වහන්සේලා මෙහෙම එකිනෙකාට ඇඟිලි දික් කරමින් ගිහියන් වගේ හැසිරෙන කොට කොහොමද, යටතේ වැඩ ඉන්න සාමනේර භික්ෂුවක් වත් හික්මවා ගන්නේ. ?(නදී)
අති පූජ්‍ය ස්වාමින් වහන්සේලාට අගරු වෙන වචන කියන්න කලින් පන්සිල් පද පහ රැකලා ඉමුද යහලුවනේ (බෞද්ධයන්ට පමණි ) (නදී)
අනේ මෙහෙම තණ්හාවක්! (නි)
බහුශ්‍රැත ඔබ වහන්සේලා මෙහෙම කුලල් කා ගන්නකොට ගිහියන් වන අපිට ඉබේම මරණ වරෙන්තුව වැටිලා හමාරයි. කොහොමද අපේ ශාසනය රැකෙන්නේ ? (නදී)
රට නිවැරදි දිශාවට ගමන් කරවීමට ගත් වෑයමක් ලෙසයි නැවත 17 වන සංශෝධනය බලාත්මක කිරීම මම දකින්නෙ. (නි)
අපිට හරි කනගාටුයි ගරුතර භික්ෂුන් වහන්සේලා මෙහෙම දේශපාලන කටයුතු මැද්දට පැනලා ගිහියන් වගේ රණ්ඩු කරනකොට. (ස)
ඔව් ..ඔව් ..19 පුරාවටම තියෙන්නේ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය කරන ටික. අපේ දුප්පත් කොල්ලෝ රට වෙනුවෙන් දිවි පිදුවේ. ඕක කොටින්ට ලියල දෙන්නද රනිල්ට ඕනේ ? ඕව නම් සහම සහ ගහනවා . ඉන්දියාවටයි ඇමරිකාවට ඕනේ අපේ රටේ ඉන්න පාලකයෝ එයාලගේඅතේ තියන නූලෙන් රුකඩ වගේ නටවා ගන්නයි. මහින්ද ලවා ඒවා ඉටු උනේ නැහැ. ඒ පලිය. ගත්ත දැන්. හොඳයි නේ, ඔය උඩ පනින උන්ට තේරෙයි එක මාස තුනෙන් ..(ස)
මේ අය කියන විදිහට එදා ජේ.ආර් මහත්තයා කරලා තිබෙන දේ හරිනේ. එතකොට මහින්ද මහත්තයලා, චන්ද්‍රිකා නෝනලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවේ මොකටද? (නි)
ලංකාව දැන් ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ භික්ෂුන් වහන්සේලා එකිනෙකාට දොස් පරොස් කියා ගන්න බුදු දහම දේශපාලනයට ආඳ ගත්ත රටක් විදියට. (ම)
රජයේ වගකීම 19 ජනතාවටත් පෙන්වීම.බහුතරයක් මේක කළුද සුදු ද දැකලත් නෑනේ (දිල්)
අනේ අපි නම් මේවා දන්නෙ නැහැ (නි)
ප්‍රකාශ් කියන කෙනා කතා කරන්නේ හරියට එයා දෙවැනි පෑතිස් රජ දවසේ ඉඳලා අද වෙනකන් ජීවත් වුණ කෙනෙක් වගේ. ඔක්කොම දන්නවලු. !(දිල්)
ආචාර්ය උපාධියක් තියනවද කියලත් සැකයි..අපේ හාමුදුරුවනේ. (බ)
ඔබලා ඔබලාගේ වැඩ කරන්න . දේශපාලකයන් එය බලා ගනියි (බ)
සිවුරට අපහාස කරන්න එපා (නි)
මට බනින හැමෝම එක දෙයක් මතක තියාගන්න. තමන් මැරෙන්න පෙර තම ලෙනින් ජාතක වුණු දරු පැටවුන්ට නිදහසේ ජීවත්වෙන්න සුදුසු පරිසරයක් ඒ රට තුළ ඇති කරන්න හෙළනා සෑම දහදිය බිදුවකටම එක සිතින්ම උන්ව යහපත් මාර්ගයේ පිහිටුවන්න. නැත්නම් මැරෙනකොට සැනසීමක් දැනෙන්නේ නැහැ. මට ඔය දේශපාලනය කියන අසුචි නරකාදියේ පිහිනන්න ඕනෑ නැහැ. (නි)
රූපවති අක්ක නරකද ලංකාවේ ඉඳන් ඔය ආඩපාලිය කිව්වා නම් . පිටරට ඉඳන් ලංකාවේ දේශපාලනය කරන්න බැහැනේ. සහ ගහන්න ඕන තරම් දේවල් මේ රටේ සිද්ධ වෙලා තිබෙනවා. හුණු පෝරණුව අස්සේ දැවුණ තරුණියගේ ඉඳලා. ඒ නිසා ඔය පළිගැහිල්ල ටිකක් ප්‍රවේශමෙන් කරන්න හොඳේ. (බ)
හොඳින් මතක තියා ගන්න. පළාත් සභා සියල්ලක්ම මහ ආණ්ඩුවට බැඳිලා තියෙන්නේ මේ ව්‍යස්ථාදායක බලය නිසා. (දිල්)
රුපවති එතකොට ඔය මහින්ද ගේ ආණ්ඩුවේ හිටිය පිල්ලෙයාන් , කරුණ සහ කේ පි මහත්වරු මාර්ගපල ලබලාද ? මහින්දට එකතු නම් කොටියාගේත් පුල්ලි මකල ගන්න පුළුවන් ඇති නේද ? (බ)
දැන් මේ කොමෙන්ට් කරන කී දෙනෙක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවද? (බ)
මේ විදියට ස්වාමින් වහන්සේලා බේද බින්න වුණොත් අර කියවිලා තියන කාලයටත් කලින් ලංකාවෙන් බුදු දහම අතුරුදහන් වේවි. ඊට පසුව දේශපාලකයන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. පැවිදි පක්ෂය දැන ගන්න ඕන ධර්ම විනය අනුව තමන්ගේ සීමාවන්. (අ)
මේගොල්ලන්ට කියන්න සුදුසු වචනයක් මට නම් හිතට එනවා... (නි)
18 හදපු අය බයයි ඒකෙ බලතල අඩුකරනවට. ඒක නවත්වන්න හදන්නෙ ඒකයි. ජවිපෙයි හෙළ උරුමයයි පවා දැන් අළුත් 19 ට කැමතියි. මේක රටට ඕනෑම දෙයක්. (නි)
ගෞරවය රැකගෙන ඉන්න හාමුදුරුවනේ. (නි)
එතකොට මහින්ද විධායක ජනාධිපති කම එපා කියල පා ගමන් ගියේ ඩයස් පෝරාවේ උවමනාවට ද? ඊට පස්සේ 2004 දී කිව්වේ ඩයස්පෝරාවේ උවමනාවට ද? 2015 දී ඉවත් කරනවා කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මේ ඩයස් පෝරාවේ උවමනාවට ද? එතකොට කව්ද වැඩිපුර ඩයස්පෝරාව එක්ක හිටපු කෙනා..රුපවතිලා ලලිතල මහින්ද කෙරුවොත් ඕන දෙයක් ..අනික කලොත් ඩයස් පෝරාව..අනේ මන්ද මෙයාල ගැන කල කිරෙනවා. (ස)
ප්‍රතිචාර දක්වපු අය නෙමෙයි, මේ හාමුදුරුවො පවා කියවලා නැහැ 19 වෙනි සංශෝධනය කියලයි මට තේරෙන්නේ. ඇයි දෙයියනේ ඒකාධිපති ව්‍යවස්ථාවක් නැතිකරලා පාර්ලිමේන්තුවට වගකියන එකට කවුරු අකැමැති වෙනවද? (නි)
ඒ කියන්නේ අළුත් 19 සම්මතවෙන එක වළක්වන්න උවමනාව තිබෙන්නේ කාටදැයි පැහැදිලියි (නි)
අපි දනේ නෑ රනිල් ඕක.......(ස)
එතකොට රූපවතිලා කැමති ස්වාධීන කොමිසන් සභා අහෝසි කරලා, මුළු ජීවිතය පුරාවට ජනාධිපතිකම ඉල්ල ඉල්ලා හොර ඡන්ද දාගෙන සදාකල් ඉන්න පුළුවන් විදියට 18 වෙනි සංශෝධනය සම්මත කරගෙන හදාගත් ඒකාධිපති රාජ්‍යයකටද? එකට අත උස්සපු මන්ත්‍රීවරු සමාවත් ඉල්ලුවා ජනතාවගෙන්. නව ජනාධිපතිතුමා මේ ළඟදි ජාතිය අමතා කළ කතාවේදී " වහල්ලු" ගැන කිව්වා. මට රූපවතීගේ අදහස් දැක්කහම එම කතාව මෙතනට හරියට ගැළපෙන බව පෙනුනා. (නි)
තවමත් සමහරුන්ට තේරෙන්නෙ නැහැනේ! (නි)
තිබෙන එකට වඩා ටිකක් හරි හොඳ එකකට කැමති වියයුතුයි ජනතාව විදියට. මරණ වරෙන්තුව වෙන්නෙ ඒකාධිපතිලා බිහිකරන 18 නේ හාමුදුරුවනේ. මොනවද මේ කියන රට හිනස්සන කතා. (නි)
මේ හිමිනම කෙරෙහි යම් ගෞරවයක් තිබුනාද එය මෙම කතාවෙන් පසු නැත්තටම නැතිව ගිය බව මා කණගාටුවෙන් වුවද කිව යුතුමය. නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ මේවට තමයි. දේශපාලන මඩ ගොහොරුවට ඇයි වැටුනේ. (නි)
දැන් හාමුදුරුවරු නොකරන්නේ බණක් භාවනාවක් කරන එක විතරයි මගෙ හිතේ. ගිහියො කරන අනෙක් සේරම මේ අය බදාගෙන. (නි)
නලින් දන්නවාද මම දෙවන පෑතිස් රජගේ කාලෙටත් එහාට ගිය ඉතිහාසය ගැන දන්නවා.ජීවත්වීම කවදා සිටද යන්නට වඩා කරුණු කාරනා හොඳට අධ්‍යනය කර අවබෝධ කර ගන්න.ඔයාල දන්නේ එලිසබෙත් රැජින අත් මේස් නැතුව අතට අත දීපු අයගේ ඉතිහාසයේ සුන්දරයි කියන අසුන්දරත්වයයි.ඔබ අඩුම ගානේ අවුරුදු 200 කට ඉහතදී සිදුවුණා පාවාදීම ගැන හිතන්න .(අ)
18 හදපු අය තමයි 19 ට අකැමැති. වෙන දෙයක් ඔතන නැහැ. (නි)
සමහරු ඔහේ ගිරව් වගේ කවුරුහරි කියලාදෙන දෙයක් සමාජයට ඇවිල්ලා කියවනවා. ඒක වැරදියි (නි)
මහින්ද මහතා කරුණාල පිල්ලෙයාන් ව ඇමති ධුර දීල කිට්ටු කර ගන්නකොට රුපවතිලාට අනේ හොඳයි. අනෙක් මිනිහෙක් කිම්බුහුමක් ඇරියත් අන්න ඩයස් පෝරාවේ යාලුවෙක් එයාව මතක් කළා කියාවි. (ස)
19 සම්මත උනහම රට බෙදන්න පහසු වෙලා ඩයස්පෝරාවේ පළමු පිම්ම හරි. (ස)
ජනවාරි 8දා තිබුනේ ජනාධිපතිවරණයක්.ප්‍රතිඵලය වුනේ මහින්ද මහත්මාට ඉවත් වීමටයි.එදා පාන්දරින්ම රනිල් ඇවිත් තිබුනා අරලිය ගහ මැදුරට.නමුත් හිටපු ජනාධිපතිතුමා බොහොම සැහැල්ලුවෙන් පදවිය නිම කළා.දින කිහිපයක් යනවිට කවදත් බොරුවෙන් ජීවිතය ගෙනයන රනිල් ,මංගල ඇතුළු පිරිසක් එතුමාගේ ප්‍රතිරූපය කෙලෙසීමට නීතිපති සහ තවත් අය සමග එකතු වී බලය පවත්වා ගෙන යන්න සැලසුම් කළා කියන සංදර්ශනය කළා.නමුත් එහෙම දෙයක් නොවූ බව ඔප්පු වුනා.ඒවගේම ඡන්ද ගණනාවක්ම පැරදුන රනිල් මොකද කළේ (බ)
හාමුදුරුවන්ට බුදු දහම සම්බන්ධ උපාධියක් තිබුනාට, ව්‍යවස්ථා සම්පාදනය ගැන ආචාර්ය උපාධියක් නැහැ නේද? දන්නා දේ ගැනයි නොදන්නා දේ ගැනයි හැම එකටම කතාකරන්න ගියාම තිබෙන වටිනාකම හරි ඉක්මනට බහිනවා. නමක් හදාගන්න කාලයක් යනවා. හැබැයි නමක් කැතකරගන්න යන්නෙ එක තත්පරයයි. (නි)
මේ හාමුදුරුවො බෞද්ධ දර්ශනය ගැන යමක් කිව්වා නම් මම දෙපාරක් හිතන්නෙ නැතුව පිළිගන්නවා. හැබැයි ව්‍යවස්ථා ගැන කියන කතා ගැන නම් සිය දහස් වරක් හිතනවා. හිතුවා. කියපු එක වැරදියි. (නි)
ජීවිතය පුරාවට ජනාධිපතිකමට ඉල්ලන්න පුළුවන් 18 හොඳද? පොඩ්ඩක් කල්පනා කරලා බලාම උත්තරයක් දෙයි කියලා හිතනවා. (නි)
ඔබ වහන්සේට අපේ ගෞරවය! අපේ ප්‍රණාමය! මෙහි අනිසි ප්‍රතිඵල බලාගන්න ටික දවසක් යයි.රට වෙනුවෙන් ඔබ වහන්සේගේ ප්‍රකාශය ඉතා නිවැරදියි (නි)
මිනිසුන් කතා කළයුත්තේ තමන් දන්නා දෙයක් ගැන විතරයි. නොදන්නා දේවල් ගැන ලොකු ලොකු කතා කියන්න යාමෙන් කමන්ගේ ආත්ම ගෞරවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවෙනවා. (නි)
රුපවති අක්කේ, ප්‍රකාශ් ඔයාලගේ අදහස් සමග මම එකඟයි.මෙහි ලියන වැඩි දෙනෙක් හිතන් ඉන්නේ මේ රට තුළ මේ දින 100 තුල සියලු දෙයම පහළ වෙලා කියල.මේ අයට මතක නැහැ අපේ ගම්වල දුප්පත් කොලු පැටව් හමුදාවන්වලට බැඳී රට නිදහස් කරගත් බව , අනාගතයේදී රටට පිපෙන්නට වෙහෙස දරන කුඩා මල් කැකුළු තව තිබෙන බව .අප හැමදෙනාටම බලාගන්න පුළුවන් ඉදිරියේදී රටට මොකද වෙන්නේ කියා.සිහල ජාතියත්, බෞද්ධාගමත් අනාගතයේදී විනාශ කරන්නේ මේ යහපාලන කුම්භාණ්ඩයෝය (බ)
මේ පුජ්‍ය පක්ෂය වෙනදා හොඳට බණ භාවනා කරගෙන, ගිහියන්ට යහපත් ලෙස අනුශාසනා කරමින් පන්සල් වල නැත්නම් ආරණ්‍යගතව හිටියා. උන් වහන්සේලාව වඩම්මාගෙන රූපවාහිනි මැදිරි වල වාඩිකරවලා කතාකළාම තමන්ගේ ආගමික භූමිකාව මොකද්ද කියලා අමතක වුණා. ඊට කලින් අපේ හාමුදුරුවරු බොහොම අගේට ආගමික වැඩ කටයුතු කරමින් ශාසනය රැකගනිමින් හිටියා. ප්‍රසිද්ධිය ලැබෙන්න ලැබෙන්න තමන්ගේ මුලික ශාසනික යුතුකම මොකද්ද කියලාත් සමහර පැවිදි පක්ෂයට අමතක වුණා. ව්‍යාපාරිකයන් , ධනවත් දායකයන් දේශපාලකයන් වටේට තියාගෙන පෙනීසිටින එක තමයි දැන් සමහර ඇත්තන්ගේ දෛනික කාර්යය වගේ පෙනෙන්නේ. අපිට හරිම කණගාටුයි මේ තත්ත්වය ගැන. (නි)
ජනතාව තෝරාගත්තේ ජනාධිපති කෙනෙක් විතරයිනේ.ඇමති මණ්ඩලයක් නෙමෙයිනේ. (නි)
අනේ හාමුදුරුවනේ, කිරි කළයට ගොම බිංදුවක් දැම්මා වගේ වුණා නේද මේ ව්‍යවස්ථාවක් ගැන කතාකරන්න ගිහින්. නැතිවුණ ගෞරවය නැවත ඇති කරගන්න චිරාත් කාලයක් යයි. නැවත ගන්න බැරිවෙන්නත් පුළුවන්. ඇයි මේ නොදන්නා දේශපාලනය කරන්නේ? (නි)
අනේ හාමුදුරුවනේ එක එක්කෙනාගෙ කොන්ත්‍රාත් බාර ගෙන රටට වින කරන්න එපා. (ස)
ඇමති මණ්ඩලය තෝරන්නේ කොහොමත් ජනතාව නෙමෙයි. ජනතාව තෝරන්නේ ජනාධිපති සහ මහජන නියෝජිතයින් විතරයි. (නි)
19 මොනවද තියෙන්නේ කියල කිසිම කෙනෙක් හරියට දන්නේ නැහැ . අධිකරණයේන වෙනස් කල යුතු දේවල් පවසා ඇතත් වෙනස් කර පසුව අවසානයේ ඇති දේවල් මෙතන ඉන්න කිසිම අයෙක් දන ගන්න විදිහක් නැහැ මොකද සංසෝදන සහිත ව්‍යවස්තාව තාම ගැසට් කරලත් නැහැ. විරුද්ද වෙන්න හෝ නොවෙන්න තියෙන්නේ මොනවද කියල දැන ගතයුතුයි . නොදන්නා යමක් පිළිබඳව අදහස් ඵලකරන ආකාරය දැක්කම පුදුම හිතේ. (ස)
අපේ රටේ හාමුදුරුවරු ව්‍යවස්ථා සම්පාදනය ගැන කතා පවත්වනවා. ව්‍යවස්ථා සම්පාදනය කරන නීති විශාරදයින්ට කරන්න තිබෙන්නේ මොකක්ද දැන්? (නි)
මේ උගත් හිමිවරුන් ඉදිරිපත් වී කියන අරුත පවා අතිශයින් සමච්චලයට පත් කරමින් 19 වැනි සංශෝධනය මහත් විස්වාසයෙන් ආවඩන වැඩි පිරිසක් සිටීම ගැන වික්ෂිප්ත බවකින් යුතුව කම්පාවෙමි. (බ)