ජනතාවගෙන් තොරතුරු වසන්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කිරීමක් බවත්, එබැවින් යෝජිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම වැළැක්වීමට විරුද්ධ පක්ෂය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව හිටපු විදේශ අමාත්‍ය සන්ධාන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් ලංකාදීපයේ එසැණට පැවසීය.
යම් කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් එය සිදුකළ යුතු ක්‍රමවේදය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබියදී රටේ ජනතාවට ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම වසන් කෙරුණහොත් අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යනුකූලතාවය ගැන ප්‍රශ්න නැගෙනු ඇතැයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදායක ජනාදිපති ක්‍රමය නැතිකරනවා කියල ඡන්දෙට පෙර කීවා නේද ? එතුලින් 18,19,13 17, ඔය කියන ව්‍යවස්ථා සංශෝධන තුල ගැබ්වෙලා තියෙන්නේ. ඉතින් දින 100 වැඩ පිලිවලේ මේ කතා කියන්නේ වර්තමාන ජනාදිපතිතුමත් එකඟ උනා මාධ්‍ය සාකච්චාවල මේ පිලිබදව විග්‍රහරා කරා. (ස)
මම කියන්නේත් ඕක නොකර මයිත්‍රී ට තියෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට ඕන විදියට වැඩේ කරගෙන යන එකයි.. මොකද මහින්ද කෙරුවනන් ඔහුටත් පුළුවන්නේ.. අනික වාර තුනම ඉල්ලන්නත් පුළුවන්නේ... ඕනනං.. ඔය එක්කෙනෙක්වත් සද්දයක් නෑ එත කොට.. නැද්ද හා. (ස)
දර්ශන, ආක් සහ කරුණාරත්න කියන දේ හරි. (ස)
අග විනිසුරුවරිය පැන්නුවෙත් රටටම කියලද? අනේ මෙහෙමත් කකුළු වංශයක්. දුමින්ද මහත්තයාගේ කටේ රත්තරන් දාන්න වටිනවා. (බ)
සුනිල්..අගවිනිසුරුවරිය නම් පැන්නුවේ මාස ගානක් රටටම කියල..අගවිනිසුරු නම් පැන්නුවේ දවස් දෙකෙන්..(බ)
මරු. කෙන්දකින් එල්ලිලා ඉන්න යහපාලන ආණ්ඩුව මෙහෙම නම් හරියට බලයක් ලැබුනොත් මොන සෙල්ලම් දායිද ? ඊළඟ ඡන්දෙදි පාවෙන ඡන්ද සියල්ල නැවත මහින්දටම තමයි .. 18 ගෙනාපු විදිය වැරදියි කියන අය මොන පැත්තේ කටින්ද දන්නේ නෑ 19 ගේන විදිය හරියි කියන්නේ .. අනිත් එක කෝ දවස් 100 න් දානවා කියපු සෙල්ලම් .. ඔක්කොම ඉන්නේ බයිලා කාරයෝ (බ)
බෙනට්, මෙතන වැදගත් වෙන්නේ මහින්ද රනිල් දවස ගානේ ඡන්ද නෙමෙයි රටේ අනාගතය රටේ මුදල් කාබාසිනියා නොකර නිවැරදි දේ කිරීම එහෙම නැතිව හැමදේකටම මහින්දව යොදා ගැනීම විහිළුවක් (ම)
එයා මොනවා කිවුවත් මිනිසුන්ට වැඩක් නැහැ, ඡන්දෙකට නොඑන නිසා. (නි)
18 වෙනි සංශෝදනයේ කිසිම වරදක් නැති බව මගේ හැගීමයි, 2 පාරද 3 පාරද යන්න තීරණය කල යුත්තේ ජනතාව නිසා යල් පැනපු නීති වලින් නොවේ. මහින්ද මහතා ව පරාජය කළා විවිධ මත තියෙන අය, එච්චරයි , 18 න් කියන්නේ නැ ඡන්දෙ නැතිව බලයේ ඉන්න ක්‍රමයක් ගැන. හැබැයි 17 තිබුන ස්වාධීන කොම්ෂන් සබා අයින් කරලා අධිකරණෙ ස්වාධිපත්තියට අත පොවපු එක නම් අනුමත කරන්න බැ. (ර)
ඔබ තුමා වගේ උගතෙක් මේ වගේ විහිලු කරලා රජ ගෙදර කවටයගේ තත්ත්වෙටනම් වැටෙන්න උත්සාහ කරන්න එපා ! (දී)
මේකේ ඉන්න සමහරු 19 සාධාරණීකරණය කරන්න හදන්නේ 18 ගැන කියල.(දී)
මහා ඇදුරුතුමනි , 18 ගෙනාවෙත් රටටම අණ-බෙර ගහලද (බ)
අනේ ජි එල් මහත්තයෝ 18 ගේනකොට ඔය ක්‍රමවේදය කොහෙද තුබුණේ ? (බ)
පෙනෙන විදියට නම් ළඟදීම අායෙත් පාරක් විරුද්ධ පක්ෂේ මන්ත්‍රීවරු බෙහෙත් ගන්න සිංගප්පුරුවට යයි වගේ? (ස)
දුමින්ද,ජනක 1977 13 සංශෝධනය බලහත් කාරයෙන් සම්මත කරගත්තේ 19 යුද්දෙටත් විරුද්ද වුණු ඒ.ජා.ප පමණයි විරුද්ද වුනේ.(බ)
මේ හැම කෙනෙක්ම මඩේ හිටවපු ඉනි වගේ එහෙට මෙහෙට වැනෙනවා. රටේ අවශ්‍යතාවට නෙවෙයි වැඩකරන්නේ. පටු දේසපාලන වාසියට. මහ ලොකු පඬි තුමා පසුගිය රජයේ විදේශ ඇමති මොනවද රටට කලේ? සම්පුර්ණයෙන්ම අච්ච්රුවක් කරලා මඩ නාගෙන මුළු රටම අගාදයකට ඇදල දැම්මා රට. අවංක චේතනාවෙන් දියුනු කරන්න සැවොම සහයෝගේ දෙන්න. නිකන් ගැලරියට විහිලු සපයන්නේ නැතිව. (ස)
එතුමා කියන කතාව හරියටම හරි. (ස)
මේ අය 18 සම්මත කරගත්තේ සල්ලි වලට තුනෙන් දෙක හදාගෙන හදිසි පනතක් ලෙසයි.මොකද්ද ඒකෙ තිබුණු හදිසිය .එතකොට ශිරානි බණ්ඩාරනායක ප්‍රශ්නෙදි චෝදනාවලට උත්තර දෙන්න කාලයක්වත් දුන්නද එතකොට මහින්ද මහත්තයාට 3 වැනි වරටත් ජන්දේ ඉල්ලන්න හැකිදැයි යන්න ශ්‍රේෂඨාධිකරණයට අර්ථ නිරූපනය ඉල්ලූ වෙලාවේ කරුණු දක්වන්න අනික් පාර්ශවයන්ට කාලය දුන්නද ?මහාචාර්යවරයාට මේව අමතක වෙලා වගේ (බ)
ඔබ තුමා කතා කරන්නේ මොන පැත්තෙන්ද? (ස)
18 තිබුනේ ඉතාම සරල කාරණයක්.මෙතන තිබෙන්නේ භයානක අනතුරක පෙරනිමිති. (ස)
අනේ ජි එල් මහත්තයෝ ඔබතුමල්ලා මහින්ද ඉදිරිපිට ඔක්කොම එහෙයියෝ විතරයි. නිවැරදි දේ කෙලින් කතා කරේ නැහැ. තනතුරු රැකගන්න ඉබ්බෝ වගේ හිටය. දැන් එනවා පඬි වදන් දාන්න. (ස)
මෙයාලම නිති කෙටුම්පත් ගේනවා .ඒවා සංසෝදනය කරනවා නැත්තම් ඒවාට විරුද්ධ මත දරනවා පුටු රත් කර කර.. අපිට කිව්වයි කියලා ඇති වැඩේ මොකක්ද.අනික අපිට කිව්වයි කියලා ඕවා නතර කරාවිද? අපිට ඉතින් මේවා බලලා හු මිටි දෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? (ස)
කුට්ටිය වැටෙනකම් කස්ටිය කච බච...(බ)
ඔය ඔක්කොම දහන් ගැට.කොහොම හරි ඕන විධායක බලය තියාගෙන ඉන්න. මුලින් කිව්වේ විධායක බලය අහෝසි කරනවා කිවල නේද? (ස)
අපේ රතන හාමුදුරුවන්ගේ "පිවිතුරුහෙටක්" අනාගතයට මොකක් වෙයිද..? උන්නාන්සේ මේ ගැන කතා පොජ්ජක් ගෙනහැර පාන්නේ නැහැ නොවැ. (ස)
මෙයත් තවම බයිලා කියනවා. (ස)
කරුණා කරලා මේකේ තියන වැරදි මොනවද කියල පැහැදිලිව කියන්න. ඒ වැරදි තර්ක අනුකුලව ඉදිරිපත් කරලා ඒ හේතු නිසා මේකට විරුද්ද වෙනවා කියල කියන්න. නැතිව නිකම් ඔහේ බොරුවට නටන්න එපා. මහින්ද 2 පාරක ඉල්ලන තිබ්බ ජනාදිපතිකම සදාකාලික කරගන හැමදාම බලයේ ඉන්න හැදුව. එකට ඔබතුමාලා විලි ලජ්ජා නැතුව අත උසල සම්මත කලා. කවද හෝ අනාගතේ ඔය ජනාදිපති කමට පිස්සු පොරක් ඇවිල්ල එකදිපතියෙක් වගේ වැඩ කලොත් දැන් තියන ව්‍යවස්තාව අනුව ඕන කාලයක් ඉන්න පුළුවන්. ඉස්සර තිබ්බ විදිහට ඕන කෙනෙක්ට උපරිම දෙපාරක් වැඩ ඉන්න බෑ. ඒ තිබ්බ ක්‍රමය ඔබතුමාල විනාස කලා. ඒ වරද හදන්න දැන් පුළුවන් කමක් තියනවා. මේක විනාස කරන්න එපා. මේ රටේ ජනාදිපති හැමදාම මහින්ද වත් අගමැති රනිල් වත් වෙන්නේ නෑ. ඔය මිනිස්සු තව අවූරුදු 10 කින් 15 කින් මැරිලා යයි. හැබෑයි මේ රටේ අනාගතේයි වැදගත්. (ස)
19 ව්‍යවස්ථා සංශෝධනය ගැන සහ හරි පණිවිඩය එකිනෙක නිවැරදිව පහදන්න බුද්දිමත් ජනතාව තේරුම් ගනියි නිවැරදි දේ. නිකන් මිනිසුන් ඉදිරිපිට බිල්ලෝ හදන්න එපා. ඒ තුලින් වෙන්නේ රටට හානියක්. අනිත් ආසියාතික රටවල් අපිව පහු කරලා යනවා. හැම අතින්ම අපි තවම වැඩවසම් යුගයේ රජවරු හොයනවා වහල් මනසිකත්වයෙන්. නිවැරදි දේ උගතුන් බුද්දිමතුන් එකතු වී හරි තීරණය ගන්න. ඒ තුලින් රටේ දියුනුව දකින්න. මහජන මුදලින් යැපී මහජනතාවට විහිළු සැපයීම 47 නිදහසෙන් පස්සේ අපිට ලැබුණු දෙයක්. ඉංග්‍රීසි භාෂාව නැතිකිරිමටද මේ විදියට මත ගොඩ නැගුවා. අද එහි අනිසි ප්‍රතිපල යසට විඳිනවා. රටේ 50% දරුවන් මේ විෂය අසමත් වී ගමට තල්ලු වී යාම තුලින් නිවැරදි දේ නිවැරදිව දැකීම රටේ අනාගතය ලොකු පිටුවහලක් වේ. (ස)
ඔබ තුමාට ජනතාව යතුරු බාර දුන්නේ නැහැ. එම නිසා කරුණාකරලා දොරවල් ඇරලා තබන්න. නිවසේ දොරවල් ටික වහගෙන ඉන්න එක හොදයි. (ස)