19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්ඩලය සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕනෑකමට කර ඇතැයි ද යෝජනා කළේය.
මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබා දෙන ක්‍රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද ඔහු කීවේය.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.
මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම බව ද ඔහු කීවේය.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පසුගිය ජනපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම සංශෝධන විරුද්ධ බව ඇමැතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික සර්, අපි ඔබ තමුනාන්සේලාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.(ත)
ඔබතුමා කෑගැහුවට වැඩක් වෙන එකක් නැහැ (නි)
බෝම්බෙ අටවල දැන් එනවා මෙතන සුදනා වෙන්න, ඔහේල කරපු මෝඩකම තමා මේ ඔක්කොටම මුල, දැන් ඉතින් ඒ වැරැද්ද හදන්න ලේසි වෙන්නේ නෑ, කොත්තමල්ලි ටිකක් බීල බුදියාගන්න! (ස)
ඔබ තුමා අවංක දේශපාලකයෙක් නම් ඔය ඇමතිකමෙන් ඉවත්වෙලා විරෝධය පළකරන්න. බොරුවට මිනිස්සු රවටන්න නිවේදන නිකුත් කරන්න එපා (නි)
මොනවද මේ කියන්නේ? මහා ලොකුවට යහපාලනයට කතාකරලා නැවත මහජනයාට කොකා පෙන්වනවා. (නි)
චම්පික මහත්තයෝ, ඔය කටවල් වලින් ඔහොම කතාකරන්නේ කොහොමද? (නි)
මොනවද ඔබතුමා මේ කියන්නේ? (නි)
හොඳයි. අපි ඔබතුමා සමඟ එකතුවෙන්නම්කෝ! (නි)
මිනිස්සු ඡන්දය දුන්නේ හංසයාටද? නැත්නම් කොකාටද? (ම)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණයක යෙදෙනවා නම් චම්පික රණවක විදුලි බලශක්ති ඇමැතිවරයා කළ යුත්තේ මාධ්‍ය හමු පැවැත්වීම නොව වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීම ය. ඔබතුමා මාධ්‍යට කෑගැහුවට වැඩක් නැහැ. (නදී)
මෙයාල කොහොමද කිව්වේ ? කෝ දැන් කියපුවා. දිනුවට පස්සේ මෙයාලව තුට්ටු දෙකට වැටෙන බව අපි නම් දැනගෙන හිටියා. එ්ත් චම්පික, රතන හාමුදුරුවෝ හිටියේ බොහොම අදි තක්සේරුවෙන් (නදී)
ලබන ඡන්දෙදි ඔයා ගෙදර යන්න ඔයාගේ උරුමයත් අරගෙන.ලෑස්තිවෙලා ඉන්න. සිංහල අපි බලාගෙන ඉන්නේ (නදී)
ඔබතුමාලා ගන්න තීරණ අපිට නම් තේරෙන්නේ නැහැ (නි)
අනුර නම් හරියටම හරි. ඒකෙම එල්ලිලා ඉදගෙන බොරුවට ජනතාව රවට්ටන්න කෑ ගහනවා. එයා කවදත් ඔහොම තමයි. බොරු කට විතරයි. 19 පරද්දන්න එයාගේ ඡන්ද වලින් විතරක් පුළුවන්ද. හවුල් හදලා දැන් ජනතාවට බොරු කියනවා (නදී)
බොරුවට කෑ නොගහා වෙන දේ බලන් ඉන්න.දැන් බහුතර ආණ්ඩුවක් නේ තියෙන්නේ.(ම)
පව් අනේ මෙයා කොහොමද ඒ දවස්වල කෑ ගැහුවේ.මෙයාට තියෙන්නේ බල තණ්හාව දැන් අපිට කියනවද පාරට බහින්න කියලා? එයාලට මොනවා හරි වෙනකොට අපි ඉන්න ඕන පාරට බහින්න. මහත්තයෝ මේ සැරේ බලාගෙන ඉන්න ගෙදර යන්න. ඔයාල කියන දේවල් මිනිස්සු පිළිගන්නේ නැහැ දැන් (නදී)
දැන් සමහර අයට සනීප ඇති (නි)
දැන් කරන්න දෙයක් නැහැ (නදී)
දැන් ඔබතුමන්ලා මොනවද කළ වැඩ එහෙම? (නි)
මෙයාට ඕනි අගමැතිකම. රනිල් මහත්තයට ගරු කරන්න කැමති නැහැ. එයා වගකියන්න ඕනි අගමැතිට මිසක් හෙළ උරුමයට නෙමෙයි. ඉගනගෙන වැඩි උනාමත් මොලේ කොලොප්පන් වෙනවා. (නදී
අනේ මන්දා මෙතුමලා මෙහෙම කතාකරන්නේ කොහොමද කියලා (නි)
අමිලා, දැන්ද ඔයාලට තේරෙන්නේ මොලේ කොලොප්පන් කියලා. නටපු නැටිල්ලේ හැටියට අපි නම් කලින්ම දැනගෙන හිටියා. (නදී)
දැන් දැන් මේ කට්ටිය සේරම එකතු වෙලා කරන වැඩ මොනවද කියල තේරුම් ගන්න තියා හිතා ගන්නත් බැරි තරම්. තිබ්බේ ජනාධිපතිවරණයක්. නමුත් එක ගලෙන් කුරුල්ලෝ තුන්දෙනයි වගේ ජනාධිපති වරයයි, අගමැති වරයයි බහුතරයක් නැති ආණ්ඩුවකුයි කියන මේ සේරම එකපාර ඇතිඋනා. ඒ මදිවට මාස තුනක් යන්නත් කලින් ඇතුලේ කට්ටිය එක පොරේට කතා කියා ගන්නවා. අනේ මන්ද මේවා තමා දෙවියෝ සාක්කි තීරුවේ ලිවිය යුතු කතා. ගිරිය කඩාගන මාරාවේශයෙන් වගේ කෑ ගහල කෑ ගහල වෙනසක් කරගන දැන් ඒ වෙනස දරාගන්න බැරිව පැටලිලා දගලනවා. (නදී)
චම්පික මහත්තයෝ ගිහින් බලන්නකෝ දිවවල් කියක් තියේද කියලා. (නදී)